Skip to main content

ප්‍රභාශ්ව සිත සහ අරහත්



ප්‍රභාශ්ව සිත සහ අරහත් 


ප්‍රශ්නය :- 

ස්වමීන්වහන්ස, පොඩි දරුවෙකුගෙයි රහතන් වහන්සේගෙයි වෙනස කුමක්ද ? පොඩි දරුවෙක් මැරණම ආපහු ඉපදෙන්නෙ කොහොමද ?


පිළිතුර :-

ඒක මෙහෙමයි, 

ඉපදුණු ගමන් ළමයා මැරුණා කියන්න ඒ ළමයා මැරෙන චුති සිතේ උපාදානයක් වෙන්නෙ නෑ, මොකද තාම විඤ්ඤාණ ක්‍රියාවලිය ආරම්භ  වෙලා නෑනෙ, 

එතකොට උපාදානය ගැන කතා කරන්න බෑ, 

නමුත් අයුශ අවසන් වෙලා මැරෙන්න පුලුවන් 

කර්මය අවසන් වෙලා මැරෙන්න පුලුවන්, , 

නමුත් මම කිව්වනේ කය කියන එක මම නෙවෙයි කියලා.
මේක මෙහෙම බලන්න මෙතන කයක් හැදෙනවා කන බොන ඒ වෙන වැඩ ටික වෙනවා,

ඇතිවෙනවා ( මම හිටියොත් උපදිනවා කියනවා), 

විනාශයට පත්වෙනවා (මම හිටියොත් මැරෙනවා කියනවා)

මේ සිද්ධිය අවිද්‍යාව ලෝකෙ සිද්ධ වෙනවා හේතු ඵලයට අනුව සදාකාලිකව, හරිද , 

මෙතන මම කියන විඤ්ඤාණ ක්‍රියාවලිය හැදෙන, ඒ ඒ ක්‍රියාවලිය සදාකල් සිද්ධ වෙනවා මක් නිසාද කියතොත්,

පෘතග්ජන ස්වභාවයෙන් මිදෙන්න අවශ්‍ය දුක තේරුම් ගැනීම සඳහා, 

චතුරාර්‍ය සත්‍ය ඇසෙන්න, 

කොටින්ම කියනවනම් මෙතනින් සදාකල් ගැලවෙන්න...

මේ දවසකට ළමයෙක් ඉපදිලා මැරෙන එක ලෝකේ සෑහෙන්න වෙනවා, 

ඒ ඉපදෙන කයට (පරමාණු සංයුතියට, ඉන්ද්‍රියන් 32ට) ආයුශ සකස් වෙලත් නෑ කර්ම සකස් වෙලත් නෑ , 

එතකොට ඒකට විඤ්ඤාණයක සකස් වීමකට අවශ්‍ය මූලද්‍රවය නෑ, ආයුශ හෝ කර්මය නැත්නම්, ඒ කය ඒ මොහොතෙම විනාශ වෙනවා 

සම්මුතිය මැරෙනවා කියනවා, 
අපි එහෙම කියන්නෙ නෑ විනාශ වෙනවා විඤ්ඤාණයක් නොමැති නිසා..

අපිට පේනවා ළමයෙක් ඉපදිලා මැරෙනවා, 
නමුත්  ළමයා කියන ප්‍රඥ්ඥප්තිය අපි දුන්නට, 
සත්‍ය වශයෙන් එහෙම ළමයා කියන ස්වභාවය එතන තාම ඇති වුනේ නෑ, 

නමුත් මේ ස්වභාවයට ළමයා කියන ප්‍රඥ්ඥප්තිය ඇති වෙන්නත් පුලුවන් ඒකට කර්මය හෝ ආයුශ කියන මූලද්‍රව්‍ය වලින් එකක් හෝ ලැබුනොත්,

අන්න ඒ වැඩේ වෙන්නෙ නෑ මෙතන,

රහතන්වහන්සේ, අයුශ නිසත් කර්මය නිසත් විඤ්ඤාණයක් සකස් වෙලා ඒ විඤ්ඤාණයේ සත්‍ය ස්වභාවය දැකලා, ඉන්න නිසා...


අමතර  යමක් 


අනිත් එක ගොඩක් ස්වාමීන්වහන්සේ ලා කියනවා රහතන් වහන්සේ සම්මුති ලෝකයේ ඉතා හොද නලුවෙක් සේ රගපාමින් සම්මුතියේ ජීවත් වෙනවා කියලා, 

මම කියන්නෙ සත්‍ය ස්වභාවය 100% ප්‍රඥ්ඥා ගෝචර වුණාම අර රහතන් ගේ විඤ්ඤාණය ඒ කයේ නෑ, 

අප්පතිට්ඨිතයි, එතකොට ඒ  රහතන්ට ඒ කයේ කිසිම අයිතියක් නෑ, 

කය කාලා බීලා, සර්පයෙක්  දැක්කම අයින් වෙලා යනවා, ඒ ක්‍රියාකාරකම් සියල්ලම සිද්ධ වෙනවා, ස්වයංක්‍රීයව, ක්‍රියාවක් සිද්ධ වෙනවා කරන්නෙක් නෑ, 

ක්‍රියා සිත් කියලා තියන්නෙ ඒවා,  එතකොට ඒ රහතන්වහන්සේට රගපාන්න එයා එතන නෑ, බලන මිනිස්සුන්ට පේනවා ධර්මය අපට උගන්වන මේ රහතන් වහන්සේ සම්මුති ලෝකයේ සුපිරියටම ජීවත්වෙනවා කියලා, 

ඒක එහෙම නෙනෙවෙයි එයා සම්මත ලෝකයෙන් අතුරුදහන්, එයාට සම්මත ලෝකයත් අතුරුදහන්,

එයා කියලා මම කිව්වට "එයා" කියලා අපිට කියන්න පුලුවන් පුද්ගලයෙකුටනේ, රහතා කියන්නෙ ස්වභාවයක්, මේක තේරුම් කරන්න විතරයි "එයා" කියලා කියන්නෙ..

විපාක කය කියන ස්වභාවය රහතන් වහන්සේට තියනවා කියලා අපි දන්නවනේ, 

නමුත් එහෙම එකක් රහතන්වහන්සේට නෑනේ, නමුත් ඒ පුද්ගලයට රහත් වුනත් තුවාල වුණාම බඩගිනි උනාම දැනීමක් තියනවානේ, 

නමුත් ඒක මට වෙනවා කියන එක රහතන්ට නෑනෙ, නමුත් එහෙම වෙනවනේ, 

ඒක තමයි හේතුඵල මට්ටම කර්මය විපාක දීමෙන් ඒ දැනීමේ ස්වභාවයත් අවසන් වෙනවා මරණයේදී, අනුපාදසේශ සෝපාදිසේශ කියලා තියන්නෙ,

අවසානේ දැනීමත් අවසන් වෙනවා කියන එකයි....

ඒ වගේමයි ඒ රහතන් ගෙ අවසන් භවය නිසා කවුරු හරි ඔහුට හොදක් හෝ නරකක් කරොත් ඒකට ප්‍රති හොද හෝ නරක ඒ භවයෙදිම සිද්ධ වෙනවා, 

ඒ වගේමයි අනික් පැත්ත රහතන් ගේ විපාක කය යමෙක්ට හොදක් හෝ නරකක් කරොත් ඒකත් ඒ භවයේම පල දෙනවා, 

ගනු දෙනුව ඒ භවයේදීම අවසන් වෙනවා 

ඒ ගිණුම වහන්න ඕන නිසා, ඒවා ස්වාභාවිකවම වෙනවා,

හේතුඵලයට අනුව..

*මේ සියලුම ප්‍රශ්ණ නැති වෙනවා ද්විත්වය දකිමින්
 යන්නාට......



"මෙහි එකතැනක මා විසින් බොහොම ගැඹුරු තැනක් කිව්ව මම හිතන්නෙ නෑ, ඔබට එය අහුවුණා කියලා, ඒක මාර තැනක්, ඒක තේරෙන්න අනාගාමි ඵලයකවත් ඉන්න ඕන..."

Comments

  1. Rahathan wahansege kaya hodak narakak kaloth a bawayedima vipaka denawa kiwa ekada. Mama sowan welawath ne. Eka mata theren ne. Theruwan saranai

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...