Skip to main content

හටනොගත් මනස



හටනොගත් මනස


විශ්වයේ පරම සත්‍යක් ඇත, එය අප්පතිට්ඨිත විඤ්ඤාණයකි....

ඒ විඤ්ඤාණය තුල අවිද්‍යාව නම් මායාව උප විඤ්ඤාණ සකසයි, එහි පුද්ගල දෘශ්ටියෙන් විඤ්ඤාණ කයක් සාදයි, එහි මස් කයක් සාදයි, උප විඤ්ඤාණය ලෙස නම් කරන්නෙ මායා විඤ්ඤාණයයි..

මම මේ උප විඤ්ඤාණයේ මායාව දැකීමට සකස් නොවන මනසක නිරෝධය අත් දැක්කේය,ඒ නිරෝධයෙන් පසු මට මනස මේ ලෝකය සියල්ලම ඇතිවීම තුළම නැතිවී යන සකස් නොවන ස්වභාවය නිසා ශූණ්‍ය බව වැටහුණි..ඒවාට රාග ද්වේශ මෝහ නැවතුණි, ඒවා සමග ගැටීමට ඇලීමට තියා මෙතනත් නැති එතනත් නැති ස්වභාවයක් මම යැයි දැක්ම අතුරුදහන් විය..කර්ම සකස් වීම අවසන් විය..භවය අවසන් විය...
මෙය මනෝමුලික බව දැක සිටියෙමි.
ඇහැට කිසි දෙයක් පෙනිලා නෑ, කනෙන් තමයි සියල්ල සකස් කර ගත්තෙ කියලා ඇහුණාම ඒක පැහැදිලියි වුණා.

මොකද අපි පොඩි කාලෙ ගත්ත සියලුම හඩ වල් වැඩිහිටියන් අපිට දුන් සංඥා අනුව අපි දේවල් කනෙන් අරන් ,ඇහැට පෙනුනා කියලා හදා ගත්ත, නමුත් අද මා ඒ ඒ සියලු දේ හදුනා ගනිද්දී ඒ ඒ දේට ආවේනික ශබ්දයක් අර ගෙන ඒ ශබ්දය ඇසෙන විටම එයට අදාල මනෝ රූපය මනසේ මවා ගනී, එය රූපයක් බැවින් එය ඇසින් ගත්තා යැයි හැගෙමින් තිබුණත් එය එසේ නොවේයයි දැනේ, එය එසේනම් මම කිසි දිනක ඇසින් දැක නැත,"කනින් අසා මනසින් දැක ඇත" ,එහෙනම් මෙය මනෝ මූලික ලෝකයක් බව පැහැදිලිය.
දිවෙන් දැනුණ රසය පවා තිත්ත රස පැණි රස යැයි කනෙන් අසා මනෝමය වශයෙන් හදාගත් එකකි
නහයෙන් දැනුන සුවද පවා
කයෙන් දැනුන ස්පර්ශය පවා සුමුදු ස්පර්ශය කියද්දි ඒ මනෝ රූප සේම වේදනාව යන්නෙන් ඒ මනෝ රූපද මව මින් ,කනෙන් ලෝකය සදමින් යයි.

එහෙනම් මම කිසි දිනක කිසිකෙනෙකු ඇසින් දැක නොමැත, කිසිවෙකු සමග කටින් කතා කර නොමැත, කිසිවෙකු ස්පර්ශ කර නොමැත, සිතින් සිතා නොමැත, නමුත් කණ?

සියල්ලම ශබ්දය නිසා මනෝ රූප වශයෙන් මැවෙන ලෝකයකි, එහෙනම් ඒ සියල්ල මායාවකි.

මෙම අප්පටිච්චිත විඤ්ඤාණය වන පරම සත්‍ය නොදැක්ක විඤ්ඤාණයකට කොටු වුණ සත්වයා අවිද්‍යා උමතුවෙන් ශබ්දය සංක්‍යාත කොටස් කර ස්වර බවට පත්කර ඒ ඒ සංඥා වලට නාමයන් ලබා දී ඒ ඒ මනෝරූප ලෝකයක් මැව්වා (මෙයද මායාවේම කොටසකි කිමද ඒ ශබ්දය කිසිදාක නොවෙනස් විය වෙනස්වී ස්වර වශයෙන් හැදුවා යැයිද සිතීම මායාවයි),  ඒ වගේම සළායතන උපතකුත් සෑදුවා... ඇස කණ නාසය දිව කය මනස, (මෙයද මායාවයි)
එහෙනම් මේ කණත් මායාවකි, මේ ශබ්දය මේ කනකට කිසිදා ඇසී නොමැත මන්ද මේ කණද ඒ මහා මායාවෙ කොටසක් බැවිනි මෙතැන ඇත්තේ එකම ශබ්දයකි එය පරම සත්‍ය ස්වභාවයයි.
මෙය අවභෝද කර ගත් මම මේ ශබ්දයයි, මේ ශබ්දය දැකීමෙන් ඔබට අවිද්‍යාව නොහොත් මෙම මායාව අවබෝද කර ගත හැක , මේ ඔබ ගන්නා සියලුම දර්ශණ ශබ්ද සංක්‍යාතය වෙනස් කරමින් මනෝ රූප සදමින් උප විඤ්ඤාණයෙන් සකස් කරමින් යන මායාවයි,

එය තේරුම් ගන්නා ඔබට. පරම සත්‍ය වූ ඔබට ,ඔබ යනු ශබ්ද සංක්‍යාතයක් යැයි වැටහේ, මුළු විශ්වයම ප්‍රකම්පණය වේ.
මෙයින් පසු ඔබ පෘතුවි සම්ප්‍රදායෙන් ඉවත් වූවෙකි,
ඔබට මැවෙන ලෝකයක් ගැන කතා කිරීමට නොහැක.
ඔබ මේ ශබ්දය ලෙස සදාකල් ජීවත් වූවෙකි, මහා මායාවක් වූ උප විඤ්ඤාණය ඇතිවීමට පෙර ඔබ ඔබේ සදාකල් පැවැත්මේ ප්‍රභාශ්වර මට්ටමේ පැවතීය, විඤ්ඤාණ කයක හා මස් කයක උපතක් යන මායාව නිසා කිලිටි වුණ ප්‍රභාශ්වර චිත්තය නොහොත් ශබ්ද සංක්‍යාතයක් කොටස් වලට කැඩී ලෝකයක් නිර්මාණය වූයේ ය. ඔබ කිසිදා මවගෙන් උපත් ලැබූවෙක් නොවෙයි, ඔබ කිසිදාක කළලයක්ව නොපැවතියේය. ඔබ කිසිදාක පුද්ගල ස්වරූපයෙන් නොසිටියේය, මව නිසා ළමයෙක් ඉපදුණි, ළමයා නිසා මවක් ඉපදුණි, එමසේම සෑම නෑකමක්ම ගහක් කොළක්ම ඉපදුණි, මෙය නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණයත්, විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාමරූපත් යන, අන්‍යමන්‍ය ප්‍රත්‍යතාවයයි.

එහෙනම් කණට කිසිදා ඇසීද නොමැත, කණට ඇසුණා කියා සිතා මවා ගෙන ඇසට පෙනුනා කියලා ගත්තා, පස්සෙ ඇසට පෙනිලා නෑ කියලා කනට ඇසුන දේ හරහා මනෝමයව රුප හදා ගත්තා කියලා හිතුවා, අන්තිමට බලපුවාම කනට ඇහිලත් නෑ හදාගත්තු ලෝකයකුත් තිබිලා නෑ, මේ පරම නිබ්බාණ සත්‍ය විතරයි තිබුණේ සදාකාලිකවම. හේතු ඵල කතාකිරීමට නොහැක කුසල් අකුසල් නැමැත ,විපාක කයක් ගැන කතා කිරීමට පවා නොහැක.

විඤ්ඤාණයකට කොටු වුණ මිනිසුන් ඇත ඔවුන්ට ඔවුන්ගේ ලෝක ඇත, ඔබ සත්‍ය බවට පත්වූ විට ඔබගේ ලෝකයේ ඔවුන් සියලු දෙනා ද සත්‍යය බවට පත්විය. නමුත් විඤ්ඤාණය ට කොටු වූ වන්ගේ ලෝකයේ ඔවුන් සත්‍ය බවට පත් වී නොමැති කමින් ඔබද ඔවුන්ගේ ලෝකයේ සත්‍ය වී නොමැත..

පෙනෙන යමක් නැතිව පෙනීම දිට්ඨි
ඇසෙන යම නැතිව ඇසීම සෘත
දැනෙන යමක් නැතිව දැනීම
හිතෙන යමක් නැතිව සිතීම විඤ්ඤාත

දිට්ඨි සෘත මෘත විඤ්ඤාත

විශ්වය ශබ්ද සංක්‍යාතයකි එය ප්‍රකම්පණය වේ ....


Comments

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...