Skip to main content

ධර්ම බය

Add caption



ධර්ම බය


මොහොතක් ඔබව විමර්ශණය කර බලන්න,

පරමාර්ථ ධර්මය කොතෙක් අසා තිබුනත් තව යමක් තියන්න ඕන කියලා හිතෙනවනම්,

දැන් මෙසේ ඔබව විමර්ශණය කරන්න, ඔබ එදිනෙදා ජීවිතයේ සිද්ධ වන සිදුවීම් සමග ගැටෙනවාද ඇලෙනවාද, එය ප්‍රතිශතයක් වශයෙන් කොච්චරද එය 0% නම් සෙවීම නතර කරන්න,

යම් දුක් සිදුවීමක් හෝ සතුටු සිදුවීමක් සිදුවන ක්ශණයෙන් ධර්මයක් ඇතුලෙහි වැඩ කරනවානම්,

ඇයි මම සතුටු වුනේ ?
ඇයි මම දුක් වෙන්නෙ ?
ඇයි මෙහෙම මගේ හිතට දැනුනේ  ?,

ඒ වැඩකරන්නෙ ප්‍රඥ්ඥාවයි ,,සෙවීම නතර කරන්න, එදිනෙදා වැඩ කරමින් යන්න...

එහෙම නැතුව අල්ප වශයෙන් ඇලෙනවා ගැටෙනවා නම්,

මේක තේරුම් ගන්න ඔබ කැමති වුණත් නැති වුනත් ඔබට වෙන්නෙ ඔබේ කර්මයට අනුව විපාක දෙන දේ,

ඔබට පේන්නෙ ඔබේ කර්මය අනුව නිර්මාණය වෙන ලෝකය,

ඒක තේරුම් ගැනීමම ඔබේ  ඇලීම ගැටීම නතර කරයි,

ඔබට කවුරුහරි බනිනවනම් ගහනවනම් ඒ වෙන්නෙ ඔබේ කර්මයට සාපේක්ශව විපාක දෙන දේ,

ඒ ඒ පුද්ගලයන් ඔබ බුද්ධ ස්වභාවයෙන් දකින්න,

මොකද ඔවුන් ඇවිත් ඉන්නෙ ඔබේ විපාක අවසන් කරන්න,

ඔබ දැනගන්න ඕන නව ඒ හේතුවෙන් නව කර්ම සකස් නොකර ඉන්න, කර්ම තමයි ඔබව සංසාරේ අරන් යන්නෙ කර්ම සකස් නොකර ඉන්න,

ඔබේ විපාක අවසන් වූ විට ඔබේ උපත අවසන් වේවි, අකුණක් ගැහුවා වගේ අවබෝධයක් බලාපොරොත්තු වෙන්න එපා,

අවබෝධය සම්පූර්ණ වන්නෙ කාලය එක්ක ,

25 w බල්බ් එකක් ව තිබුණු අවබෝධය 50 w වේවි,
ඒක 75 w වේවි,  ඔබ නොදැනුවත්වම එය 100 w වේවි,

ඔබට එදාට තේරේවි තව හොයන්න තියන්නෙ මොනවද මෙච්චර කල් හෙව්වෙ මොනවද කියලා, මතක තියා ගන්න පටිසෝතගාමී වූ අයෙක් කවදා වත් ආයෙ අනුසෝත ගාමී නොවන බව,

25w එක කවද හරි 100w  වෙනවා කලබල වෙන්න දෙයක් නෑ,

නිකං ඉන්න බැරි නම් භාවනාවන් කරන්න,

අන්තයකට වැටෙයි කියලා බය වෙන්න එපා,

මොකද පටිසෝතගාමී වූ අයෙක් අන්තගාමී විය නොහැකි නිසා...




Comments

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...