Skip to main content

නිරෝධ සමාපත්තිය



නිරෝධ සමාපත්තිය


නිරෝධ සමාපත්තිය හා සමාපත්ති ඵල වතින් නැගිටෙන්නෙකුට මායාව තේරෙන විදිය.

(නාමරූප පරියාය පිරිසිදු ලෙස තේරුම් ගත් අයට පමණයි)

අපි එක භාවනා ක්‍රමයක් ගමු  ගොඩාක්ම අනාපානා සති භාවනාවෙන් හා ඉරියාපථ භාවනාවෙන් මේ මායාව දැකිය හැකියි, මේ කායානුපස්සනා භාවනා, තව චිත්තානුපස්සනා භාවනා තියනවා හරිම ලේසියි කායානුපස්සනාව හරහා ගියොත් , මොන ක්‍රමයෙන් ගියත් අන්තිමට ඒක චිත්තානුපස්සනා භාවනාවක්....

චිත්තානුපස්සනා වේදී ,භාවනා යෝගියාගෙ අරමුණු අතීතය අනාගතය හ වර්ථමානය අතර දෝලනය වෙමින් යයි, 

ඔබ කල යුත්තේ සිතුවිල්ලක් එන විගස ආ බව දැන ගැනීම,මෙතනදි මුලදී ඕන නම් කෙනෙක්ට සිතුවිලි කාල වශයෙන් බලන්න පුලුවන් ආරම්භයේදී, 

අතීතයේ ය ( පරණ මතකයක් ආවොත්)  

වර්ථමානයේ ය ( භාවනාවේ ඉන්නකොට ශබ්දයක් හෝ ස්පර්ශයක් දැනුනොත්) 

අනාගතයේ ය ( අනාගතයට හිත ගියොත්) . 

මාසයක් දෙකක් එහෙම බලන්න වෙයි, කෙනෙක්ට සිහිය යම්තාක් දියුණු වෙන්න, 

නැත්නම රාග ද්වේශ මෝහ වශයෙන් බලන්න පුලුවන්, හැබැයී මේක කල යුත්තේ කෙටි කාලයයි ආරම්භයට පමණයි, ඉන් පසු වර්ථමානයේ සිතුවිල්ලට පමණක් ආ කෙනෙක්ට සිතුවිල්ල එන ක්ශණයේම එය ආ බව හදුන ගන්න පුලුවන් නම් 

( සිතුවිල්ල හදුන නොගෙන ආ බව විතරක් දැන ගන්න, සිතුවිල්ල වර්ග කරන්න එපා) 

ඒ සිතුවිල්ල ඒ මොහොතෙම නැති වෙලා විඤ්ඤාණය වෙනත් සිතුවිල්ලක් ගෙනෙයි, 

මේ ක්‍රමය දීර්ග කාලයක් කරන්නෙකුට සිතුවිලි ප්‍රමාණය අඩුවී යනවා දැනේවී, ඉන්පසු කාලයත් සමග දවසක සිතුවිලි සියල්ල සිහිය (සතිය) හේතුවෙන් අඩු වී යාවි, හුස්ම පවා නොදැනී යාවී,

ඔහොම ඉන්නකොට කිසිම සංඥාවක් නැති ස්වභාවයක්, කිසිම සංඥාවක් නෑ කිව්වම සංඥාවක් නෑ කියලවත් හිතෙන්නෙ නෑ, මේ කියන තැන ප්‍රඥ්ඥාව වත් නෑ සතියවත් නෑ, 

ඔහොම ඉදලා ඔබ භාවනාවෙන් නැගිටින්න සිද්ද වෙනවා එක මොහොතකදි,  ඔබේ සිතුවිලි නැතිව තිබුණු ස්වභාවයට පලමු සිතුවිල්ල එනවා එන මොහොතෙම ඔබට නාම රූප වශයෙන් ලෝකය ඇතිවෙන විදිය එකින් එක සිතුවිලි සමග පේන්න ගන්නවා ,

මොකද හිස් ස්වභාවයකට එකින් එක අරමුණු එද්දී ඒක පැහැදිලියි, නාම රූප ගැන අවදානය ලැබෙන මොහොතෙම ඔබට විඤ්ඤාණ මායාව තේරෙනවා, එතකොට ඔබ විඤ්ඤාණය ඔබ නෙවෙයිය කියලා තේරුම් අරන් ඉවරයි ,

ඔබට සිතුවිලි ඒම දිගටම සිද්ද වුනත්, ඔබ මොහොතකදි දැක්කා අරමුණ කියන්නෙ මම නෙවේය කියන එක, 

එතකොට සිතුවිලි යන එන එක විඤ්ඤාණ ක්‍රියාවලිය කියන්නෙ වෙන සිද්දියක් මිස කරන දෙයක් නෙවෙයි, අන්න එතකොට නාමරූප පරියාය දැනුමෙන් ලබා සිටි උත්තමයාට අවබොදය ලැබෙනවා, 

සිත කියන්නෙ මම නොවේය 
කය කියන්නෙ මම නොවේය කියලා, 

අන්න ඒ ප්‍රඥ්ඥාවන්තයට පුද්ගල සංඥාව නියත වශයෙන්ම නැතිවෙනවා, 

එතකොට ඒ ස්වභාවයට ඉපදුන කෙනෙක් නෑ, මැරෙන්න කෙනෙක් නෑ, පවතින කෙනෙක් නෑ, උපාදානයක් නෑ, භවයක් නෑ, ආමිස නෑ ,කාලයක් නෑ ,උපත මරණය නෑ, "මම" නෑ, 

අවේදෙයිත නිරාමිස අකාලික අජරාමර ස්වභාවය මොකද්ද ? 

"නිර්වාණය" 

ජාති ජරා ව්‍යාධි මරණ අවසන්.... දුක අවසන්......

මේකම තමයි ගෞතම සිද්ධර්ථ බුදු වුනාට පස්සෙ තණ්හා රතී රගා ඇවිල්ලා රැඟුවා කියන්නෙ, 

බුදුන් බුදුවුණ මොහොතේ විඤ්ඤාණ මායාව අත්දැක්කා, ඊට පස්සෙ තණ්හාව රතිය රාග අරමුණු විඤ්ඤාණයේ වැඩ කරන්න ගත්තා, කොටින්ම විඤ්ඤාණය සුපුරුදු පරිදි තම මායාව කර ගෙන ගියා... 

නමුත් මායාව මොහොතකදී අත්දුටු බුදුන් ඒයට නැවත් අසු වුනේ නෑ... සරළයි.....

තවත් කෙනෙක්ට පුලුවන් මේක මේ විදියට අවබෝද කර ගන්න තේරේවිද දන්නෙ නෑ, 
ඒත් කියන්නං, 
කෙනෙක්ට පුලුවන්නම් සිතුවිල්ලක් එන විගසම එන සිතුවිල්ල බවට ඔබ පත් උන බව තේරුම් ගන්න එතකොට ඔබට සිතුවිල්ලක් ආවා නොවේය ඔබ සිතුවිල්ල බවට පත් වන විදිය දැක දැක යන්න,

ඔබට පුද්ගල සංඥාව නැති වේවි,  

උදා: 
ඔබට මුහුද කියන වචනය ඇහෙන කොටම ඔබ දැකපු මුහුද ක් හෝ ඔබ රූපවාහිණියෙන් දැකපු මුහුද ක් ඔබට සිහි වෙනවා, අනෙක් විස්තරත් එක්ක තමයි, ගාල්ලේ මුහුද කිව්වොත් ගාල්ලේ රූමස්සල කන්ද එක්ක මුහුදේ චිත්‍රය විඤ්ඤාණය හදලා දෙන්නෙ, 

ලොකු කතාවක් කෙටියෙන් කියන්න බෑ, 

නමුත් ඔබට පුලුවන්නම් මුහුද කියනකොටම ඔබ මෙතන ඉදන් එතන තියන මුහුදක් සිහි කරනවා නොවේය, මුහුද බවට ඔබ පත්වෙලා ඒ ක්ශණයේදී, ඊලග ක්ශණයේ නැවත මම බවට පත් වීමේ වේගය නිසා, 

මම මුහුද ගැන හිතුවා කියන සංකල්පය වෙනුවට වුන යතාර්ථය දකින්න, 

ඒ ඒ සිතුවිල්ල සමග ඔබට තේරේවි ඔබ කියන්න සිතුවිලි ගොඩක් බව, චිත්ත පරම්පරාවක් කියන්න පුලුවන්, 
මම කියන්නෙ සෑම මොහොතකම සිතුවිල්ලක් ය කියලා දැන ගන්න පුද්ගලයාට ,කය කියන්නෙ මම නොවේය කියලා අවබෝධ ය ලැබේවී, 

ඒත් එක්කම සිතුවිල්ලෙන් සිතුවිල්ල මම වෙමින් යන කොට සිත කියන්නෙත් මායවක් බව තේරෙන්න ඕන නැත්නම් ,මෙතන මම කියන්නෙ විඤ්ඤාණයක්‍.ය මේක විඤ්ඤාණ ගමණක් ය කියලා හිතන්න එපා, 

හිතෙන එකකුත් නෑ, 

මේ හිත කියන එක තේරුම් ගත්තෙ නැති අය මේ කියන කතා පිළිගන්න බැරිනම් වහාම බැහැර කරන්න, 

කිසිම වචනයක් එක්ක ගැටෙන්න එපා, 

කර්ම සකස් කරගන්න එපා.. 

එහෙනම් කට්ටියම කරලා බලන්න අවිද්‍යාව තේරුම ගන්න මායාව තේරුම් ගන්න..
මාර බන්දනයෙන් මිදෙන්න.....
හරිම සරළයි...

දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සඤ්ඤ මෙස්සන්තී මොක්ඛන්ති මාර බන්දනා.....

Comments

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...