Skip to main content

විශ්වය සහ අවකාශය



විශ්වය සහ අවකාශය



විශ්වය හිස් අවකාශයකි, එහි හිස් භාවය වැඩිවන විට ඒ හේතුවෙන් පීඩනයෙන් තෙරපුමෙන් දෝංකාරය ඇති වේ, 

එයින් කම්පනයක් ඇති වේ, එය තරංගයක් බවට පත් වේ,, 

තරංගයෙන් නාම ලෝකයක් සකස් වේ රූප ලෝකයක් සකස්  වේ, නාමරූප හේතුවෙන් විඤ්ඤාණයක් සකස් වේ, ඒ විඤ්ඤාණය හේතුවෙන් ඵල වශයෙන් නාමරූප සකස් වේ, නාමරූප හේතුවෙන් ඵල වශයෙන් විඤ්ඤාණය සකස් වේ, 

අන්‍ය මන්‍ය ප්‍රත්‍යතාවය, හේතුඵල න්‍යාය.

භාග්‍යවතුන් වහන්සේ කියනවා ලෝකය අනිත්‍යයි කියලා ඒ ඔබ ලෝකය කියලා හිතා ගෙන ඉන්න මනෝ මූලික මනෝමය ලෝකය, ඔබේ ලෝකය, නැතුව  එලියෙ තියන ලෝකය නෙවෙයි,, 

එලියේ ලෝකයක් තියනවද ?
නෑ එලියෙ තියන්නෙ විශ්වය
එහෙනම් එලියේ තියන මහාභූත ලෝකය අනිත්‍යයි කිව්වෙ නෑ, ඔබේ ලෝකය අනිත්‍යයි කිව්ව්වා.
චක්කුං අනිච්චා කිව්වා
රූපං අනිච්චා කිව්වා
චක්කුං උප්පජ්ජති රූපා අනිච්චා කිව්වේ නෑ, මොකද එහෙම කිව්ව නම් ඔබට නොපෙනෙන නමුත් පවතින මහාභූත ලෝකය අනිච්ච ලෙස ඔබ ගන්නා බැවින් හා එවිට බුදුන් විශ්වයට අත තැබුවා වෙනවා, 

එසේ නොකර උන්වහන්සේ චක්කුං අනිච්චා කියලා මේ වැඩේ ඇසේ දිම ඉවර කර ගන්න කිව්වා.

රූපා අනිච්චා කිව්වා මනෝ රූපය අනිච්ච බව

ඔබ දැක ඇති සෑම දෙයක්ම මනෝ මූලිකයි, එලියේ තිබෙන අණු මය ලෝකය ඔබේ ඇසට ගෝචර නොවේ  

එය විශ්වයයි, මහාභූත ස්වභාවයයි.

ඔබේ ඇසට කිසිදා බාහිර රූප පෙනී නැත 
කණට කිසිදා බාහිර ශබ්ද ඇසී නැත
කයට කිසි දිනක දැනී නොමැත 
විඤ්ඤාණය කිසි දිනක සැදී නොමැත

සතර මහාභූත ගැටීමෙන් දෝංකාරය ඇතිවේ එය කම්පණය වී තරංගමය ස්වභාවයෙන් ඒ ඒ විවිද ධාතු සංකලණයන්ට විවිද ශබ්දයන්ට විවිද නාම ලබා දේ විවිද රූප ලබාදේ, 

එහෙනම් ද්විතවය තේරුම් ගන්න, කිසිදා ඔබ බාහිරය දැක නැත, ඔබ අභ්‍යන්තරය තුළම බාහිර අභ්‍යන්තර කියා කොටස් දෙකක් දිවිත්වය යැයි සිතා සිටියා,  චක්කු ප්‍රසාදයට වැටෙන රූපය වර්ණය මනෝ මූලිකයි, සැබෑ බාහිරය චක්කු ප්‍රසාදය ආසන්නයේ නතර වේ, 

හිස් අවාකාශයක ඇති අංශුමය ස්වභාවයක්, ඒ අංශු පවා සැදී ඇත්තේ හිස් අවකාශයෙනි, පරි පූර්ණ හිස් භාවයක්...

ඔබ මෙය තේරුම් ගන්න, එදිනෙදා ජීවිතයේ ඔබ දකින් බාහිරය ඔබේ අභ්‍යන්තරයේම නිර්මාණයක් ලෙස දකිමින් ජීවත් වෙන්න, ඔබට රාග ද්වේශ මෝහ ඇති නොවේ, ඔබේ නිර්මාණ සියල්ලම අවිද්‍යාව් හේතුවෙන් ඔබ සදාගත් මායාවකි  ඒ මායාව ඔබේ මරණය තෙක් ඔබට පෙනේවී, එය හේතුඵලයි,  

ඔබ ඔබේ නිර්මාණ සියල්ල මිරිගුවක් බව මනෝ මූලික බව වටහා ගැනීමෙන් උපාදානයක් සිදු නොවේ, කර්ම සකස් නොවේ, ඔබ නැවතත් භවයක නො ඉපදේ, ඔබ විශ්වය ට මුසුවී විශවය බවට පතවනු ඇත, 

ප්‍රභාශ්වර වණු ඇත, ඔබ යන සත්‍යමය අවකාශය බවට ඔබ පත්වේ හිස් ස්වභාවය් බවට ඔබ පත්වේ, හිස් ස්වභාවය ඔබ නොවේ, හිස් ස්වභාවය එකම හිස් ස්වභාවයකි.....

එම හිස් ස්වභාවය  තෙරපී දෝංකාරය ඇති වේ, එයින් කම්පනයක් ඇති වේ, එය තරංගයක් බවට පත් වේ........ 






Comments

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...