විශ්වය සහ අවකාශය
විශ්වය හිස් අවකාශයකි, එහි හිස් භාවය වැඩිවන විට ඒ හේතුවෙන් පීඩනයෙන් තෙරපුමෙන් දෝංකාරය ඇති වේ,
එයින් කම්පනයක් ඇති වේ, එය තරංගයක් බවට පත් වේ,,
තරංගයෙන් නාම ලෝකයක් සකස් වේ රූප ලෝකයක් සකස් වේ, නාමරූප හේතුවෙන් විඤ්ඤාණයක් සකස් වේ, ඒ විඤ්ඤාණය හේතුවෙන් ඵල වශයෙන් නාමරූප සකස් වේ, නාමරූප හේතුවෙන් ඵල වශයෙන් විඤ්ඤාණය සකස් වේ,
අන්‍ය මන්‍ය ප්‍රත්‍යතාවය, හේතුඵල න්‍යාය.
භාග්‍යවතුන් වහන්සේ කියනවා ලෝකය අනිත්‍යයි කියලා ඒ ඔබ ලෝකය කියලා හිතා ගෙන ඉන්න මනෝ මූලික මනෝමය ලෝකය, ඔබේ ලෝකය, නැතුව එලියෙ තියන ලෝකය නෙවෙයි,,
එලියේ ලෝකයක් තියනවද ?
නෑ එලියෙ තියන්නෙ විශ්වය
එහෙනම් එලියේ තියන මහාභූත ලෝකය අනිත්‍යයි කිව්වෙ නෑ, ඔබේ ලෝකය අනිත්‍යයි කිව්ව්වා.
චක්කුං අනිච්චා කිව්වා
රූපං අනිච්චා කිව්වා
චක්කුං උප්පජ්ජති රූපා අනිච්චා කිව්වේ නෑ, මොකද එහෙම කිව්ව නම් ඔබට නොපෙනෙන නමුත් පවතින මහාභූත ලෝකය අනිච්ච ලෙස ඔබ ගන්නා බැවින් හා එවිට බුදුන් විශ්වයට අත තැබුවා වෙනවා,
එසේ නොකර උන්වහන්සේ චක්කුං අනිච්චා කියලා මේ වැඩේ ඇසේ දිම ඉවර කර ගන්න කිව්වා.
රූපා අනිච්චා කිව්වා මනෝ රූපය අනිච්ච බව
ඔබ දැක ඇති සෑම දෙයක්ම මනෝ මූලිකයි, එලියේ තිබෙන අණු මය ලෝකය ඔබේ ඇසට ගෝචර නොවේ
එය විශ්වයයි, මහාභූත ස්වභාවයයි.
ඔබේ ඇසට කිසිදා බාහිර රූප පෙනී නැත
කණට කිසිදා බාහිර ශබ්ද ඇසී නැත
කයට කිසි දිනක දැනී නොමැත
විඤ්ඤාණය කිසි දිනක සැදී නොමැත
සතර මහාභූත ගැටීමෙන් දෝංකාරය ඇතිවේ එය කම්පණය වී තරංගමය ස්වභාවයෙන් ඒ ඒ විවිද ධාතු සංකලණයන්ට විවිද ශබ්දයන්ට විවිද නාම ලබා දේ විවිද රූප ලබාදේ,
එහෙනම් ද්විතවය තේරුම් ගන්න, කිසිදා ඔබ බාහිරය දැක නැත, ඔබ අභ්‍යන්තරය තුළම බාහිර අභ්‍යන්තර කියා කොටස් දෙකක් දිවිත්වය යැයි සිතා සිටියා, චක්කු ප්‍රසාදයට වැටෙන රූපය වර්ණය මනෝ මූලිකයි, සැබෑ බාහිරය චක්කු ප්‍රසාදය ආසන්නයේ නතර වේ,
හිස් අවාකාශයක ඇති අංශුමය ස්වභාවයක්, ඒ අංශු පවා සැදී ඇත්තේ හිස් අවකාශයෙනි, පරි පූර්ණ හිස් භාවයක්...
ඔබ මෙය තේරුම් ගන්න, එදිනෙදා ජීවිතයේ ඔබ දකින් බාහිරය ඔබේ අභ්‍යන්තරයේම නිර්මාණයක් ලෙස දකිමින් ජීවත් වෙන්න, ඔබට රාග ද්වේශ මෝහ ඇති නොවේ, ඔබේ නිර්මාණ සියල්ලම අවිද්‍යාව් හේතුවෙන් ඔබ සදාගත් මායාවකි ඒ මායාව ඔබේ මරණය තෙක් ඔබට පෙනේවී, එය හේතුඵලයි,
ඔබ ඔබේ නිර්මාණ සියල්ල මිරිගුවක් බව මනෝ මූලික බව වටහා ගැනීමෙන් උපාදානයක් සිදු නොවේ, කර්ම සකස් නොවේ, ඔබ නැවතත් භවයක නො ඉපදේ, ඔබ විශ්වය ට මුසුවී විශවය බවට පතවනු ඇත,
ප්‍රභාශ්වර වණු ඇත, ඔබ යන සත්‍යමය අවකාශය බවට ඔබ පත්වේ හිස් ස්වභාවය් බවට ඔබ පත්වේ, හිස් ස්වභාවය ඔබ නොවේ, හිස් ස්වභාවය එකම හිස් ස්වභාවයකි.....
එම හිස් ස්වභාවය තෙරපී දෝංකාරය ඇති වේ, එයින් කම්පනයක් ඇති වේ, එය තරංගයක් බවට පත් වේ........

Comments
Post a Comment