Skip to main content

මනෝ කය | වචී කය | චිත්ත කය



 මනෝ කය | වචී කය | චිත්ත කය



නිරුද්ධ විය යුත්තේ සත්ව කයක් හදන විඤ්ඤාණය බව තේරුම් ගන්න

විඤ්ඤාණය හදන සත්ව කය මනෝ රූපයක්. 
සත්‍ය කය, ධාතු ස්වභාවයක් ඇසට කිසිදා දැකිය නොහැකි විඤ්ඤාණයට ගෝචර නොවන, 

එසේ අනිත්‍ය විඤ්ඤාණයක් පහළවීමට පවතින සත්ව සන්තානයක් තිබිය යුතු බව තේරුම් ගන්න

පවතින ධාතු සංකලණයක් තිබෙනවා,, ධාතු ධාතු ගැටීමේදී ඇතිවන ශබ්ද නිසා මනෝ රූප නිපදවීමෙන් ලෝකය සෑදෙනවා, හේතු ඵලව, ( මේ 
භව ගමන පවා මම විස්තර කරලා තියනවා පෝස්ට් වල)

අප්පතිට්ඨිත විඤ්ඤාණය සත්වයකු තුළ පවතින එකක්ද ? නැද්ද ?

නෑ නෑ, අප්පටිච්චිත විඤ්ඤාණය කියන්නෙ සැබෑවටම පවතින ස්වභාවය, අප්පටිච්චිත විඤ්ඤාණය කිළිටි වීම තමයි පටිච්චිත විඤ්ඤාණය කියන්නෙ ,මේ විඤ්ඤාණය කියන්නෙ ස්වභාවයක් හැටියට දකින්න සුළග හැටියට ගන්න සුළග කවුරුවත් ඇති කරන එකක් නෙවෙයි නේ, නමුත් වෙන සිද්දියක් නේ, මෙතන ඉන්න පෘතග්ජනයගේ තත්වයෙන් බලන්න ඔහුට කයක් තියනවනේ ඔහුට මගේ කය කියලා අදහසක් තියනවනේ, එහෙම කෙනාටනෙ මෙතනින් ගැලවෙන්න ඕන, 

දැනට ඔබට ගෝචර මට්ටමකට කතා කරමු පුංචි ළමයගේ ප්‍රභාශ්වර චිත්තය ගමු, මෙතන අපි කතා කරමු පොඩි ළමයගේ ප්‍රභාශ්වර චිත්තය අප්පටිච්චිත නෑ, රහතන්වහන්සේ ගේ ප්‍රභාශ්වර චිත්තය අප්පටිච්චිතයි කියලා, මොකද පොඩි ළමයා ආදීනව දැකලා නෑ ආශ්වාදයේ, තණ්හාව දු රු කරලා නැ ,ඒ ළමයගේ ප්‍රභාශ්වර චිත්තය කිළිටි වෙන්න අවස්ථා තියනවා. රහතන් වහන්සේගේ කිලිටි වෙන්න අවස්තා නෑ ,තව තව පිරිසුදු වෙනවා ඇරෙන්න අප්පටිච්චිත ස්වභාවය තෙක්, හරිද ඒක තේරුම් ගන්න

දැන් පොඩි ළමයට විඤ්ඤාණය හැදෙන මොහොත උදාහරණයක් ලෙස ගමු, 

දැන් පෘතග්ජනයෙක් මම, මට ලෝකෙ තියනවා.

පොඩි ළමය උපදිනවා අඬා වැලපෙනවා, අපි දන්නවා පොඩි එකා අඬන කොට කිරි දෙන්න ඕන, ඔය දැනුම හේතු ඵල, හරිද, දැන් පොඩි එකා අඬනවා අම්ම පොඩි එකාගෙ කටට තන පුඩුව ගහලා කිරි දෙනවා, පොඩි එකා ඕක බීල ටික වෙලාවකින් ආහාර ජීරණ ක්‍රියාවේදී, ජීරණ පද්දතියට මේ කිරි කවදාවත් ලැබුණු නැති දෙයක් නිසා , අම්ලයක් බඩ වැල් වල යනකොට වගේ පිච්ච්ව්නවා, අන්න එතකොට අම්ම හිතනවා පොඩි එකාට බඩගිනියි ආයේ තන පුඩුව කටේ ගහලා කිරි දෙනවා, කොල්ලා ආයෙ බොනවා, ආයෙ පිච්චෙනවා අඩනවා කිරි දෙනවා, ඔහොම කර ගෙන යද්දි කිරි වලට ශරීරය හැඩ ගැහෙනවා, දැන් පොඩි එකා දන්නවා අඩනකොට කිරි ලැබෙනවා, පළමු උපාදානය අල්ලා ගැනීම, ඔතනින් පොඩි එකාගෙ ප්‍රභාශ්වර චිත්තය කිලිටි වුණා පටිච්චිත විඤ්ඤාණය සකස් වුණා...

දැන් ඔහොම ගිහිල්ල අවසාණයේ ආශ්වාදයේ ආදීණව දැකලා මාර්ගය වඩලා නිවන් ප්රත්‍යක්ශ කරා කියන්න , දැන් අර විඤ්ඤාණය නිරෝධ වෙනවා, විඤ්ඤාණයේ නිරෝධ ස්වභාවය අප්පටිච්චිත විඤ්ඤාණය කියන්නෙ දැන් විඤ්ඤාණය කියන්නෙ මනසය, මනස නැති වුනාම තිබෙන සිහිය හෝ ප්‍රඥ්ඥාව හෝ වෙන යමක් නෙවෙයි අප්පටිච්චිත විඤ්ඤාණය කියන්නෙ, හිස් බවක්,

දැන් නිවන් ප්‍රත්‍යක්ශ කරපු කෙනෙක් ඉන්නවද... නෑ, නිවන් ප්‍රත්‍යක්ශය කියන්නෙම කෙනෙක් පුද්ගලයෙක් මෙතන නෑ කියන අවබෝධය..

එහෙම උනාම මෙතන කතා කරන්න දෙයක් නෑ,

දැනට මෙහෙම කියමු නිවන් ප්‍රත්‍යක්ශ කරපු රහතන්වහන්සේ ට ඒ ස්වාමින්වහන්සේ කවදා හරි ළමයෙක් වශයෙන් ඉපදිලා තියනවද ...නෑ.. එතකොට මැරෙන්න කෙනෙක් ඉන්නවද...නෑ.... කාලයක් වයසක් තියනවද ....නෑ.... එතකොට පටිච්චිත විඤ්ඤාණයක හිටියා ඒක නිවන් දැක්කා කියන එක අවිද්‍යාවේ මායාවක් නේ, ඒක විඤ්ඤාණයේ මායාවක් නේ... විඤ්ඤාණයේ පැවැත්මට එය විසින්ම ආහාර හැටියට නාම වලට රූප මවමින්, එයම පැවතියා, එය භවයෙන් භවයට ගියේ නෑ හට ගත් තැන පැවතියා (මේකත් මායාව)
පස්සෙ ඒක අප්පටිච්චිත ස්වභාවයට පත් වුණ විට දැක්කා, මේ අප්පටිච්චිත ස්වභාවය මයි සදාකල් පැවතියේ, එය නොදත් නිසා අවිද්‍යාව නොහොත් පටිච්චිත විඤ්ඤාණයක් මායා කරා කියලා සඞස්කාර වලින් විඤ්ඤාණයක් හදලා පෙන්නුවා...

එතකොට මෙතන ක්‍රියාත්මක වන දේ තියනවා ඒ මම කරණ දේවල් කියලා විඤ්ඤාණයම එයව රවට්ට ගත්තා,

හුස්ම ගන්නෙ ඔබද, ඔබ හුස්ම ගැන සිහියෙන් නොමැති විට හුස්ම ගන්නෙ කවුද, ව්ව්කයි කියන්නෙ 

මෙතන ක්‍රියාවක් සිද්ධ වෙනවා කරවන්නෙක් නැ,

මෙතන නනා ධතු ඝට්ටනයෙන් නානා  ශබ්ධ හට ගැනීමෙන් නානාරූප හට ගන්නවා, ඒ ශබ්ද නිසා විඤ්ඤාණය ස්වපැවැත්ම කර ගෙන යනවා

ධාතු නානත්වය නාම නානත්වය සිද්ධ වෙන්නෙ මේ විදියට

සුළග ගන්න බෝ ගහක වැදිලා ආවොත් අපිට ඇහෙන්නෙ බෝ කොළ වල සද්දේ, සීණුවක් වැදිලා ආවොත් ඇහෙන්නෙ සීණු ශබ්දය, වැදිලා එන එක මෙහෙන් හදුන නොගත්තොත්, කිසි ප්‍රශ්ණයක් නැ, මේ පැත්තෙන් ෆෝන් එකෙන් කතා කරනවා අනෙක් පැත්තෙ ෆෝන් එක answer කරලා හැබැයි ලවුරුවත් නෑ, 

ඒ වගේ තමයි මෙතන යම් කිසි සිද්ධියක් වෙනවා හේතු ඵල න්‍යායට අනුව, ඒක ඔබ කරනවා කියන අයිතියෙන් නිදහස් වන්න, එවිට ඔබට  සියලු දේ වැටහේවී                        

අවසානයේ නැති මායාවක් ඇතැයි සිතා ඒ මායාවෙන් ගැලවී නිවන් ප්‍රත්‍යක්ශ කරන්න ගිය සියලු දෙනා, ප්‍රත්‍යක්ශයේදී තේරුම් ගන්නඑකම දෙය නිවන තමයි මෙතන තිබිලා තියන්නෙ නැති මායාවක් ඇතැයි සිතීමමයි අවිද්‍යාව, එහෙනම් විඤ්ඤාණය අප්පටිච්ච්ත ස්වභාවයමයි තිබිලා තියන්නෙ සෑම විටම, මායාවක් පටිච්චිත විඤ්ඤාණයක් ඇතැයි සිතීමමයි මායාව, එහෙනම් මේ මහා මායා වෙන් ගැලවීමට හිස ගිනි ගත් අයෙක් ඒ ගින්න නිවීමට උත්සහා කරයි ද එසේම කරන්න, 

අද රෑට කවුරු හරි ඔබව මරන්න එනවා කිව්වොත් විශ්වාස දායි ආරංචි මාර්ගයකින්, ඔබ එලියෙ කැලේක සැගවී නොසිටීද බියෙන්, භාග්‍ය වතුන් පවසන්නෙ ඔබේ හිස ගිනි ගෙන ඇත එය නිවන්න වෙර දරන්න කියලයි, එහෙනම් අපි මොනවද මේ කරන්නෙ....

මේ ද්විත්වය තේරුම් ගන්න බාහිරය අධ්‍යාත්මිකව සාදන්නක් බව වටහා ගන්න ඒය දකිමින් ජීවත් වන්නා, මෙලොව නොපිහිටයි, ඔහුට පිහිටීමට තැනක් නැත...

තේරුනා නම් හොදයි, තේරුනේ නැත්නම් ඒත් හොදයි කියලා ඉන්න...

Comments

  1. ද්විත්වයෙන් ,එකීයත්වයට... එකීයත්වයෙන්, හේතුපල දහමට... හේතුපල දහමින් ,ස්වාභාවිකත්වයට.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...