විඤ්ඤාය, අභිඤ්ඤාය, පඤ්ඤාය සහ පරිඤ්ඤාය *අසා එවා තිබූ ප්‍රශ්ණය* විඥානයේ හා ප්‍රඥාවේ ඇති බැදීම ආශ්‍රයෙන් ගතහොත් , මධුපින්ඩික සුත්‍රයේ පිලිවෙල පහත පරිදි ඉන්ද්‍රිය + අරමුණ → විඤ්ඤාණ → ඵස්ස → වේදනා → සඤ්ඤා → විතක්ක → පපඤ්ච → දුක සහ “මම-මගේ” ලෝකය ලෙස ගත් කල විඥානය නිසා (→ ඵස්ස → වේදනා → සඤ්ඤා →) නිසා විතක්ක →පපඤ්ච උපදින තැනට යනවනේ. අපි ඒහි විඥානය වෙනුවට ප්‍රඥාව ලෙස ගත්තොත් (→ ඵස්ස → වේදනා → සඤ්ඤා →) විතක්ක නිසා ඇති වෙන්නෙ යොනිසෝ මනසිකාරයද? මට මෙතන ඇති සැබෑම ප්‍රශ්නය නම් විතක්කයි පිලිබදවයි. විඤ්ඤානය හා ප්‍රඥාව යන අවස්ථා දෙකේදිම විතක්කය (විතක්ක හා විචාර ) පවතිනවා නේද? (අවිද්‍යාව) විඤ්ඤානය හරහා ගියොත් ප්‍රපංචය හා පපඤ්චසඤ්ඤාසංඛා දක්වා ගියත් ප්‍රඥාවෙන් දැක්කොත් එත් විතක්ක විචාර හරහා ගිහින් නේද යොනිසෝමනසිකාරයට එන්නෙ? *පිළිතුර* මුලින්ම මම ප්‍රශ්නය පොඩ්ඩක් වෙනස් කරොත්, විදර්ශණා මට්ටමේදී ඉන්ද්‍රිය කියනවට වඩා ප්‍රසාද කියලා වටහා ගමු. ඊළඟට පෘථග්ජන මනසක, මධු පිණ්ඩික සූත්‍රය ක්‍රියාත්මක වීමේදී සාමාණ්‍ය ලෙස ක්‍රියාත්මක වෙනවා, ඔබ මෙහි කියනවා, විඤ්ඤාණය වෙනුවට ප්‍රඥාව ද...