Skip to main content

කර්ම ඵල න්‍යාය




කර්ම ඵල න්‍යාය 


කර්ම ඵල කිව්වට කර්ම ඵල න්‍යාය තාම ගොඩක් අයට තේරිලා නෑ වගේ, බුදුන් කියනවා ආයතන හයේ (සළායතන) උපත, ලෝකයේ උපත කියලා, තියන ලෝකයේ සළායතන පහළ උනා නෙවෙයි, සළායතන ඇතිවීම තුළ ලෝකය ඇති උනා,

ඒක එකිනෙකාට ආවේනිකයි,

කොහොමද සළායතන වල උපත සිද්ධ වෙන්නෙ පෙර කරන ලද කුසල් අකුසල් මත,

ඒක වෙන්නෙ මෙහෙමයි, කෙනෙක් ගන්නා අරමුණකට රාග  ද්වේශ මෝහ මත සිද්ධවෙන උපාදානය ඒ කෙනාව සසරේ අරන් යනවා, එම ක්‍රියාවලිය සෑම ක්ශණයකදීම වෙනවා වගේම,

එම ක්‍රියාවලියම තමයි පෘතග්ජනයෙක් කය මැරෙන මොහොතෙ "සත්කාය" කියන උපාදානය මත "මම" මැරෙනවා කියලා හිතලා චුති සිතේ ගන්නා අරමුණේ දී උපාදානය වන තැන. සළායතන වලින් ලෝකය වෙනස් කර ගන්නවා,

ඊට සාපේක්ශව සළායතන වෙනස් කර ගන්නවා සතෙක්, දෙවියෙක් ,මනුශ්‍යයෙක් හෝ ආත්මීය ස්වභාවයක් ( භෞතික කයක් නැති ).

එතකොට ඒ කෙනා ජීවත් වෙන්නෙ ඒ උපාදානය නිසා පෙර කරන ලද කුසල් අකුසල් මත විපාක දෙන ලෝකය තුළ, එයාට බාහිරයේ යමක් හමුවෙනවනම් ඒ, ඒ පුද්ගලයාගේම නිර්මාණයක් මිස වෙන යමක් නෙවෙයි,

යම් සිද්ධියක් සිද්ධ වෙනවා නම් ඒ අර කරන ලද කුසල් අකුසල් වලට හේතුවෙන් ඵල වශයෙන් විපාක දෙන දේ,

සෑම සිද්ධියක්ම මෙහෙමයි,

සංසාරය කියන එක අපි නිර්මාණය කරමින් යන එකක්, කෙනෙක් පෙර භව වල කරන ලද කුසල් අකුසල් චුති සිතේදී උපාදානය නිසා ඊලග භවය හදා ගන්නවා, මේ භවයෙදි අවිද්‍යාව නිසා අරමුණු වලට රාග ද්වේශ මෝහ ගැටීම් ඇලීම් මත සංසාරේ සකස් කර ගන්නවා, ඒ මත භව සකස් කර ගන්නවා,

මේ දැන් ක්ශණයෙන් ක්ශණය වෙන සිද්ධියම භවයෙන් භවයටත් සිද්ධ වෙනවා, මෙතන දැන් මම මැරෙනවා කියන අදහස නැතුව,මම මේ ජීවත් වෙමින් යනවා කියනා අදහස නිසා සළායතන වල වෙනස් වීමක් නැතුව දිගටම යනවා, මෙතන වෙන්නෙ කර්ම සකස් කර කර විපාක දීමක්, ඒ විපාකෙට ගැටීම් ඇලීම් නිසා නව කර්ම සකස් කිරීමක්,

එතකොට කෙනෙක්ට පුලුවන්නම් මේ ලෝකය සංකල්ප ලෝකයක් බව තේරුම් ගෙන රාග  ද්වේශ මෝහ වලින් බැහැර වෙලා ඉන්න, ඒ පුද්ගලයාට පරණ කර්ම විපාක දීමක් සිද්ධ වෙනව නමුත් නව කර්ම නිපද වීමක් නෑ, "අහෝසි කර්ම", එතකොට ඒ පුද්ගලයාට නැවත් උපතක් නෑ, උපාදානයක් නැති නිසා,

කෙනෙක්ට පුලුවන් නම් මේ සංකල්ප ලෝකයක් ය,

මම යනු සංකල්පයක්ය නාම රූප යනු දෙකක්‍ ය,

කය මම නොවේය යන්න අවබෝධ කර ගන්න.

ශුන්‍යතාව අත්දකින්න

"විසංකාර ගතං චිත්තං තණ්හානං කාය මජ්ජගාතී" තේරුම් ගන්න "හේතුං පටිච්ච සම්භුතං හේතු භංගා නිරුජ්ජතී " තේරුම් ගන්න.

ඒ පුද්ගලයා දැන ගන්නවා මෙතන මැරෙන්න කෙනක් ඇත්තටම ඉපදීලා නැති බව, එම උත්තමයා එතැනම අජරාමර වෙනවා,

නමුත් බලන අයට පේන්නෙ පුද්ගලයෙක් ඉන්නවා කනවා බොනවා ලෙඩ වෙනවා ඒක විපාක මට්ටමට ඒ ඒ අයට පේන දේ මිසක් අර උත්තමයට දැනන දේ නොවෙයි,

ඒ උත්තමයට වේදනාව දැනෙනවා හැබැයි එතන පුද්ගල සංඥාව නෑ, "මට රිදෙනවා" "මට බඩගිනියි"

ඒවාට තමයි "ක්‍රියා සිත්" කියන්නෙ,

කාර කෝච කිරියාය විජ්ජති,

ක්‍රියාවක් වෙනවා කරවන්නෙක් නෑ, . . . . .

Comments

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...