
කර්ම ඵල න්‍යාය
කර්ම ඵල කිව්වට කර්ම ඵල න්‍යාය තාම ගොඩක් අයට තේරිලා නෑ වගේ, බුදුන් කියනවා ආයතන හයේ (සළායතන) උපත, ලෝකයේ උපත කියලා, තියන ලෝකයේ සළායතන පහළ උනා නෙවෙයි, සළායතන ඇතිවීම තුළ ලෝකය ඇති උනා,
ඒක එකිනෙකාට ආවේනිකයි,
කොහොමද සළායතන වල උපත සිද්ධ වෙන්නෙ පෙර කරන ලද කුසල් අකුසල් මත,
ඒක වෙන්නෙ මෙහෙමයි, කෙනෙක් ගන්නා අරමුණකට රාග ද්වේශ මෝහ මත සිද්ධවෙන උපාදානය ඒ කෙනාව සසරේ අරන් යනවා, එම ක්‍රියාවලිය සෑම ක්ශණයකදීම වෙනවා වගේම,
එම ක්‍රියාවලියම තමයි පෘතග්ජනයෙක් කය මැරෙන මොහොතෙ "සත්කාය" කියන උපාදානය මත "මම" මැරෙනවා කියලා හිතලා චුති සිතේ ගන්නා අරමුණේ දී උපාදානය වන තැන. සළායතන වලින් ලෝකය වෙනස් කර ගන්නවා,
ඊට සාපේක්ශව සළායතන වෙනස් කර ගන්නවා සතෙක්, දෙවියෙක් ,මනුශ්‍යයෙක් හෝ ආත්මීය ස්වභාවයක් ( භෞතික කයක් නැති ).
එතකොට ඒ කෙනා ජීවත් වෙන්නෙ ඒ උපාදානය නිසා පෙර කරන ලද කුසල් අකුසල් මත විපාක දෙන ලෝකය තුළ, එයාට බාහිරයේ යමක් හමුවෙනවනම් ඒ, ඒ පුද්ගලයාගේම නිර්මාණයක් මිස වෙන යමක් නෙවෙයි,
යම් සිද්ධියක් සිද්ධ වෙනවා නම් ඒ අර කරන ලද කුසල් අකුසල් වලට හේතුවෙන් ඵල වශයෙන් විපාක දෙන දේ,
සෑම සිද්ධියක්ම මෙහෙමයි,
සංසාරය කියන එක අපි නිර්මාණය කරමින් යන එකක්, කෙනෙක් පෙර භව වල කරන ලද කුසල් අකුසල් චුති සිතේදී උපාදානය නිසා ඊලග භවය හදා ගන්නවා, මේ භවයෙදි අවිද්‍යාව නිසා අරමුණු වලට රාග ද්වේශ මෝහ ගැටීම් ඇලීම් මත සංසාරේ සකස් කර ගන්නවා, ඒ මත භව සකස් කර ගන්නවා,
මේ දැන් ක්ශණයෙන් ක්ශණය වෙන සිද්ධියම භවයෙන් භවයටත් සිද්ධ වෙනවා, මෙතන දැන් මම මැරෙනවා කියන අදහස නැතුව,මම මේ ජීවත් වෙමින් යනවා කියනා අදහස නිසා සළායතන වල වෙනස් වීමක් නැතුව දිගටම යනවා, මෙතන වෙන්නෙ කර්ම සකස් කර කර විපාක දීමක්, ඒ විපාකෙට ගැටීම් ඇලීම් නිසා නව කර්ම සකස් කිරීමක්,
එතකොට කෙනෙක්ට පුලුවන්නම් මේ ලෝකය සංකල්ප ලෝකයක් බව තේරුම් ගෙන රාග ද්වේශ මෝහ වලින් බැහැර වෙලා ඉන්න, ඒ පුද්ගලයාට පරණ කර්ම විපාක දීමක් සිද්ධ වෙනව නමුත් නව කර්ම නිපද වීමක් නෑ, "අහෝසි කර්ම", එතකොට ඒ පුද්ගලයාට නැවත් උපතක් නෑ, උපාදානයක් නැති නිසා,
කෙනෙක්ට පුලුවන් නම් මේ සංකල්ප ලෝකයක් ය,
මම යනු සංකල්පයක්ය නාම රූප යනු දෙකක් ය,
කය මම නොවේය යන්න අවබෝධ කර ගන්න.
ශුන්‍යතාව අත්දකින්න
"විසංකාර ගතං චිත්තං තණ්හානං කාය මජ්ජගාතී" තේරුම් ගන්න "හේතුං පටිච්ච සම්භුතං හේතු භංගා නිරුජ්ජතී " තේරුම් ගන්න.
ඒ පුද්ගලයා දැන ගන්නවා මෙතන මැරෙන්න කෙනක් ඇත්තටම ඉපදීලා නැති බව, එම උත්තමයා එතැනම අජරාමර වෙනවා,
නමුත් බලන අයට පේන්නෙ පුද්ගලයෙක් ඉන්නවා කනවා බොනවා ලෙඩ වෙනවා ඒක විපාක මට්ටමට ඒ ඒ අයට පේන දේ මිසක් අර උත්තමයට දැනන දේ නොවෙයි,
ඒ උත්තමයට වේදනාව දැනෙනවා හැබැයි එතන පුද්ගල සංඥාව නෑ, "මට රිදෙනවා" "මට බඩගිනියි"
ඒවාට තමයි "ක්‍රියා සිත්" කියන්නෙ,
කාර කෝච කිරියාය විජ්ජති,
ක්‍රියාවක් වෙනවා කරවන්නෙක් නෑ, . . . . .
Comments
Post a Comment