Skip to main content

මම සහා සොබාදහම



ම සහා සොබාදහම 


ඔබ කියන්නෙ සොභාදහම,
සොභාදහම කියන්නෙ මේ සියල්ලම ,
ඔබට 'පේන' 'ඇහෙන' 'දැනෙන' මේ හේතූන්ගෙන් 'හැගෙන' සියල්ල සොභාදහම,
ඔබ සොභාදහමට විරුද්ධ නොවන්න, සොභාදහමට අවනත වන්න,

ඔබ සළායතන වලට ගන්නා අරමුණු සියල්ල ඔබගේ කර්මය නිසා ඔබට සකස් වන දේ,
ඔබ සළායතන අරමුණු උපාදානය කිරීම නිසා හේතුඵල උපාදානයෙන් සංසාරය සකස් වෙනවා,
ඒ සංසාරය සකස් කරමින් යන විඤ්ඤාණයට ගන්නා අරමුණු සියල්ල සොභාදහම,
ඔබ එයට විරුද්ධ නොවිය යුතුයි,
අවනත විය යුතුයි,

ඔබ සොභාදහම බවට පත්වීම නිර්වාණය ද ?

නමුත් සොභාදහම ඇත්තේ අවිද්‍යාව තුලයි ?
විද්‍යාව ඇත්තෙත් අවිද්‍යාව තුලයි ?

ඔබ කර්මය ප්‍රත්‍යයෙන් හේතුඵල උපාදානයෙන් නිසා සංසාරය සකස් වීමෙන් මැවෙන සොභාදහමට අවනත වීමෙන් එය බවට පත්වීම නිර්වාණය ද?

ශුණ්‍යතාවයක සොභාදහමක් තිබේද?

"හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජතී"

එනම් හේතුව ඇති වූ තැනම නැතිවෙන බව ප්‍රත්‍යක්ශව අවබෝදය ලැබූවෙක් එතනම නිරුද්ධ වෙනවා
සොභාදහමෙන් ගැලවෙනවා ශූන්‍ය වෙනවා නිරුද්ධ වෙනවා,

ශුණ්‍යතාවයක සොභාදහමක් නැත...

අවබෝදය ලැබූවෙක් නෑ, නිර්වාණ සාක්ශාත් කිරීමක් නෑ, මරණය පිළිබද බියක් නෑ, මොකද ඔබ ඒ මොහොතෙම නිරුද්ධ වුන නිසා, නැවත උප්පත්තියක් නෑ එතනම නිරුද්ධ වුන නිසා..

සොභාදහමට අවනත වීමෙන් රාග සිතුවිලි ද්වේශ සිතුවිලි සකස් නොවේ, ඒ හේතුවෙන් මෝහ සිතුවිලි සකස් නොවේ,
දිට්ඨේ දිට්ඨ මත්තං, සෘතේ සෘත මත්තං, මෘතේ මෘත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං බවට පත්වේ.

ඒ හේතුවෙන් හේතුපල උපාදානය නතර වීමෙන් කර්ම සකස් වීම නතර වේ,
සංසාරය අවසන් වේ,
එතැනම මරණයට පත්වෙයි
මරණයට පත් වූයෙක් නොවෙයි
උපදින්නෙක් නොවෙයි

සොභාදහම බවට පත්වීම මාර්ගයයි, සොභාදහමින් වෙන්වීම නිර්වාණයයි... . . . . . .

Comments

Popular posts from this blog

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

නිරෝධ සමාපත්තිය

නිරෝධ සමාපත්තිය නිරෝධ සමාපත්තිය හා සමාපත්ති ඵල වතින් නැගිටෙන්නෙකුට මායාව තේරෙන විදිය. (නාමරූප පරියාය පිරිසිදු ලෙස තේරුම් ගත් අයට පමණයි) අපි එක භාවනා ක්‍රමයක් ගමු  ගොඩාක්ම අනාපානා සති භාවනාවෙන් හා ඉරියාපථ භාවනාවෙන් මේ මායාව දැකිය හැකියි, මේ කායානුපස්සනා භාවනා, තව චිත්තානුපස්සනා භාවනා තියනවා හරිම ලේසියි කායානුපස්සනාව හරහා ගියොත් , මොන ක්‍රමයෙන් ගියත් අන්තිමට ඒක චිත්තානුපස්සනා භාවනාවක්.... චිත්තානුපස්සනා වේදී ,භාවනා යෝගියාගෙ අරමුණු අතීතය අනාගතය හ වර්ථමානය අතර දෝලනය වෙමින් යයි,  ඔබ කල යුත්තේ සිතුවිල්ලක් එන විගස ආ බව දැන ගැනීම,මෙතනදි මුලදී ඕන නම් කෙනෙක්ට සිතුවිලි කාල වශයෙන් බලන්න පුලුවන් ආරම්භයේදී,  අතීතයේ ය ( පරණ මතකයක් ආවොත්)   වර්ථමානයේ ය ( භාවනාවේ ඉන්නකොට ශබ්දයක් හෝ ස්පර්ශයක් දැනුනොත්)  අනාගතයේ ය ( අනාගතයට හිත ගියොත්) .  මාසයක් දෙකක් එහෙම බලන්න වෙයි, කෙනෙක්ට සිහිය යම්තාක් දියුණු වෙන්න,  නැත්නම රාග ද්වේශ මෝහ වශයෙන් බලන්න පුලුවන්, හැබැයී මේක කල යුත්තේ කෙටි කාලයයි ආරම්භයට පමණයි, ඉන් පසු වර්ථමානයේ සිතුවිල...