Skip to main content

ගනුදෙනු සහ ණය




ගනුදෙනු සහ ණය



ඔබ යමක් ගත්තොත් එය දෙන්න නැවත උපදිනවා, 

යමක් දුන්නොත් ගන්න නැවත උපදිනවා, 

ඒ ඒ ඉපදෙන භව වල අර ගත්ත දේ දීලා යන්නෙ නැතුව ඔබ තව දේවල් ගන්නවා හෝ දෙනවා, 

එතකොට  ඔබ ණය ගෙවන්නෙක් හෝ ණය ලබන්නෙක් බවට පත් වෙනවා තව දුරටත්. 

ඔබ ගිහි ජීවිතයේ කරන්නට තව දුරටත් කිසිවක් නැතැයි සිතා පැවිදි වීමට සිතුවාද ? 

ධර්මයේ සොයන්න කිසිවක් නැතැයි සිතා පැවිදි වීමට සිතුවාද ? 

නමුත් ඒ දේ කරන්න යද්දී පවුලේ අයට තමාව අවශ්‍යයි හැගේද ? 

පැවිදි වීම නිදහස අවහිර වීමක් ලෙස පෙනේද ? 

පැවිදි වීමට සිතීම ආසාවක් වශයෙන් පෙනේද ? 

පැවිදී වී ධර්ම මාරගයේ බර සැහැල්ලු කර ගැනීමට සිතුවාද ? 

පැවිදිවී ධර්ම මාරගය අවසන් කිරීමට සිතේද ?. 

ඔබ හට මට පවසන්න ඇත්තේ "නවතින්න" කියා ය. 

අපි මිනිස්සුන්ට කියනවා සියල්ල අත හරින්නාට සියල්ල ලැබෙයි කියලා, මිනිස්සු කෑම බීම යාන වාහන රැකියා ව්‍යාපාර අතහරිනවා නිවන් ලබන්න, 

අපි කියනවා නෑ ඔබ සියල්ල අත හැරිය යුත්තේ මනසින්‍ ය කියලා, ඉන් පසු ඔවුන් මනසින් අතහැර ඇතිබව පවසන මුත් බෞතිකය අතහැර නොමැති බව පෙනේ, 

අපි කියනවා සැබැවින්ම මනසින් අතහරින්නාට බෞතිකයෙනුත් අතහැරෙන බව,

ඕකට තමයි අපි කියන්නෙ "ණය" කියලා, 

කෙසේ හෝ ඔවුන් සැබෑ මනසින් අතහැරීම ප්‍රගුණ කර බෞතිකය පවා අත හැරෙන මොහොතේ ඔවුන් නොදැනීම ඔවුන් නිර්වාණය අරමුණක් වශයෙන් අල්ලාගෙන, 

අපි ඒකත් අත හරින්න කිව්වම ඔවුන් නිවන් අරමුණ සිතින් අතහැර එදිනෙදා ජීවිතයේ වැඩ හරහා හෝ භාවනාවෙන් නිවන ක්‍රියාවකින් අල්ලාගෙන, 

අපි ඔවුන්ට අත හරින්න කියනවා ඔවුන් ගැටෙනවා.. 

තව තව සංසාරෙ දික් ගස්සගන්නවා, 

නව අරමුණු නව කර්ම. ඇත්තෙන්ම සියල්ල අතාරින්නා අවසානයේ නිර්වාණය ද අතහැරීම කල යුතුමය අන්න එවිට ඔහුට මේ සංසාර ගගෙන් ගොඩ වීමට අවසර ලැබේ.

මේවට අපි කියනවා "ණය" ගෙවනවා කියලා, මොකද්ද මේ ණය ? 

ඔබ ළමයෙක්ව ඉපිද දෙමාව්පියන්ගෙන් යැපී උස්මහත් වී තව දුරටත් දෙමව්පියන්ගෙන් යැපේ හෝ, එම දෙමව්පියන් වයසට ගියකල නොසලකා හරීද , 

එම සැලකිලි කිරීමට ඔබ නැවත උපදිනවා, ඒ වගේම ඒ සැලකිලි ලැබීමට ඔබේ දෙමව්පියන්ද නැවත උපදිනවා ? 

නමුත් කෙසේ හෝ කාලාන්තරයකට පසු ඔබට පරමාර්ථ ධර්මය, නිර්වාන සාක්ශාත් කිරිමට හැකි බව ඇසෙනවා නමුත් එය අවබෝද කර ගැනීමට නොහැකියි, මොනවා හරි ප්‍රශණ, එක්කො ඔබට ළමයි ඉන්නවා යුතුකම් මතක් වෙනවා, පැවිදිවෙන්න හිතෙනවා දරුවෝ ඉන්නවා යුතුකම් මතක් වෙනවා,  

එක්කො නිවන් දකින්න අපිට නිදහසක් නෑ කියලා හිතෙනවා යුතුකම් හා වගකීම් ඇති බැවින්, මේ වගේ කෝටියක් ප්‍රශ්ණ මේ ඇයි කියලා බැලුවොත් ඔබ ගේ කර්ම විපාක ඵල වලට අනුව ඔබ ඔවුන්ට ගෙවිය යුතු ණය ඇත, එයා අවසන් වන තෙක් ඔබට අජරාමර වීමට කාලය නොපැමිනේ. 

තවත් කෙනෙක් ඉන්නවා ,ඔවුනට ධර්මය හොදින් වැටහේ, ඔවුන්ට ගිහි ජීවිතයේ කරන්නට තව කිසිවක් නොපෙනේ ඔවුන්ට පැවිදී වීමට සිතේ එනමුත් අවට ලෝකයෙන් පැවිදිවීමට අවසර නොලැබේ, 

දෙමාව්පියන්ගෙන් ස්වාමිපුරුෂයා හෝ බිරිදගෙන් හෝ සමාජයෙන්. ඒ ඇයි කියලා බැලුවොත් ඔවුන්ගේ ණය ගෙවීම තවම අවසන් නොමැති බවින්ය.

තවත් කෙනෙක් ඉන්නවා ඔවුන් නිර්වාණයත් අවබෝද කරගෙන ගිහි ජීවිතයේ කරන්නට කිසිත් නොමැති කමින් පැවිදි වෙයි, 

නමුත් පැවිදි වී ඔවුන්ට කරන්න දෙයක්ද නොමැත, නමුත් ඔවුන් සියල්ල අත හැර සියල්ල ලබා පැමිණ සියලු ණය අවසන් කරන ලද උත්තමයන් බැවින් ඔවුන්ට චීවරය දැමීමට සිදුවේ මන්ද යත් ඔවුන් සමාජයේ වන්දනීය ස්වභාවයට හිමිකම් කියන බැවින් ය. 

ප්‍රශ්ණය එතකොට ඔබ ණය ඇත්තේ එකිනෙකාට නම් සංඝයාට දෙන දේ උතුම් ලෙස බුදුන් දැක්වූයේ ?  

අනිත්‍ය සංඥාව ඇසුරු සැනක් වැඩීම උතුම් ලෙස දැක්වූයේ ඇයි ? 

උත්තරය මෙයයි, 
භවයන් තුල ණය ගෙවමින් පැමිනෙන ඔබ කුසල් බලාපොරොත්තුවෙන් හෝ නොමැතිව ඔබ සංඝයා වෙනුවෙන් කුටියක් සකස් කර පූජා කරනවා, 

එතනදි ඔබ අත හරින්නෙ නැවත ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවීම හේතුවෙන් ඔබේ ඇති ණය විශාල වශයෙන් ගෙවීයාමක් සිදුවේ, මෙසේ කරන ඔබට බුදුන් දෙසූ සත්‍ය ධර්මය ඇසෙන්නට තරම් ඇති ණය අඩුවේ, 

එවිට දින්ක ඔබට පරමාර්ථ ධර්මය අසන්නට ලැබේ, හා ඔබේ සේවය කිරීම පටන් ගන්නට සිද්ධවේ,

යාග නොවෙයි බුදුන් වැදෑරූ චාගය කරන්න...

"චාගෝ පටි නිස්සග්ගෝ මුක්ති අනාලයෝ "

Comments

Popular posts from this blog

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

නිරෝධ සමාපත්තිය

නිරෝධ සමාපත්තිය නිරෝධ සමාපත්තිය හා සමාපත්ති ඵල වතින් නැගිටෙන්නෙකුට මායාව තේරෙන විදිය. (නාමරූප පරියාය පිරිසිදු ලෙස තේරුම් ගත් අයට පමණයි) අපි එක භාවනා ක්‍රමයක් ගමු  ගොඩාක්ම අනාපානා සති භාවනාවෙන් හා ඉරියාපථ භාවනාවෙන් මේ මායාව දැකිය හැකියි, මේ කායානුපස්සනා භාවනා, තව චිත්තානුපස්සනා භාවනා තියනවා හරිම ලේසියි කායානුපස්සනාව හරහා ගියොත් , මොන ක්‍රමයෙන් ගියත් අන්තිමට ඒක චිත්තානුපස්සනා භාවනාවක්.... චිත්තානුපස්සනා වේදී ,භාවනා යෝගියාගෙ අරමුණු අතීතය අනාගතය හ වර්ථමානය අතර දෝලනය වෙමින් යයි,  ඔබ කල යුත්තේ සිතුවිල්ලක් එන විගස ආ බව දැන ගැනීම,මෙතනදි මුලදී ඕන නම් කෙනෙක්ට සිතුවිලි කාල වශයෙන් බලන්න පුලුවන් ආරම්භයේදී,  අතීතයේ ය ( පරණ මතකයක් ආවොත්)   වර්ථමානයේ ය ( භාවනාවේ ඉන්නකොට ශබ්දයක් හෝ ස්පර්ශයක් දැනුනොත්)  අනාගතයේ ය ( අනාගතයට හිත ගියොත්) .  මාසයක් දෙකක් එහෙම බලන්න වෙයි, කෙනෙක්ට සිහිය යම්තාක් දියුණු වෙන්න,  නැත්නම රාග ද්වේශ මෝහ වශයෙන් බලන්න පුලුවන්, හැබැයී මේක කල යුත්තේ කෙටි කාලයයි ආරම්භයට පමණයි, ඉන් පසු වර්ථමානයේ සිතුවිල...