අරුම පුදුම දේශණාව
( උදාන පාලිය, පාටලීගාමීය වග්ගය නිබ්බානපටි සංයුත්තය )
"නිසසිතස්ස චලිතං
අනිසසිතස්ස චලිතං නත්ථි
චලිත අසති පසසදධි
පසසඳද්ධියා සති නති න හොති
නතියා අසති ආගති ගති න හොති
ආගති ගතියා අසති චුතුපපාතො න හොති චුතුපපාතෙ අසති නෙවිධ න හුරං න උභයමරෙන එසෙවනෙතා දුක්ඛසාති"
මෙන්න මේ පළමුවෙන්ම කියාපු වචනය බලන්න.
"නිස්සිතස්ස චලිතං" නිසසිත කියන වචනය අපි දන්නවානෙ දවයනිස්සිත කථාව.
ඒ කියන්නේ නිසිත කියල කියන්නේ මොකකට හරි හේත්තු වෙලා. මොකක් හරි බදාගෙන හරි - අපි දන්නවා ශාස්වත උචෙජ්ද වගේ ඒ දෘෂ්ටිවලට හේත්තු වෙලා ඉන්න කෙනාට චලිතයක් තියෙනවා. සලිතයක් තියෙනවා.
දැන් හිතාගන්න මොකකට හරි හේත්තු වෙලා ඉන්නවා නම් ඒක සෙලවෙනකොට තමනුත් සෙලවෙනවා නේ.
ඒ ඩිංග පළමුවෙන් මතු කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ. නිස්සිතස්ස චලිතං' යමකට හේත්තු වෙලා ඉන්න කෙනාටයි සලිතයක් තියෙන්නේ. හෙලවීමක් තියෙන්නේ.
හේතු වන්නේ දෘෂ්ටියට. දෘෂ්ටියකට හේත්තු වෙනවා.
ඊළඟට අනික් පැත්ත කියනවා "අනිස්සිතස්ස චලිතං නත්ථි” ඒ විධියට යමකට හේත්තු වන්නේ නැත්නම් අර කච්චානගොත්ත සුත්‍රයේ කිව්වා වගේ යමකට හේත්තු වන්නේ නැත්තම් මැදුම්මගින් අනිස්සිතස්ස චලිතං නත්ථි' චලිතයක් නැහැ.
චලිතයක් නැත්නම් 'පස්සදයි’ කියලා කියන්නේ සන්සුන් බවක් ඇත.
පසසදධි සති නති න හොති සන්සුන් බවක් ඇත්නම් නති කියන නැඹුරු වීමක් නැත.
ඒකත් ගැඹුරින් ගත්තොත් හාවක් නැඹුරු වීමක් නැත.
ඊළඟට කියනවා නැඹුරු වීමක් නැති කල්හි ආගති ගති න හොති - මහ පුදුම දේශනාවක් නැඹුරු වීමක් ඇති කල්හි නේ යාමක් හා ඊමක් තියෙන්නේ. නැඹුරු වීමක් තියෙන්නේ කොහාට හරි වැටෙන්නන්නේ. නැඹුරුවීමක් නැත්නම් ඒමක් සහ යාමක් නැත.
ඔන්න ඊළඟට ඒමක් සහ යාමක් නැත්නම් චුතියක් හා උත්පත්තියක් පිළිබඳ කතාවකුත් නැත. චුත වීමක් සහ නැවත ඉපදීමක් පිළිබඳ කථාවකුත් නැත.
එතකොට චුතුපපාත අසති චුතියක් සහ උත්පත්තියක් නැත්නම් එහෙම නම් නෙවිධ න හුරං න උභයමන්තරෙ.' මෙතනත් නැහැ එතනත් නැහැ.
ඒ දෙක අතරත් නැහැ.
මෙයම දුකෙහි කෙළවරයි.

Comments
Post a Comment