Skip to main content

අරුම පුදුම දේශණාව



අරුම පුදුම දේශණාව


( උදාන පාලිය, පාටලීගාමීය වග්ගය නිබ්බානපටි සංයුත්තය )

"නිසසිතස්ස චලිතං
අනිසසිතස්ස චලිතං නත්ථි
චලිත අසති පසසදධි
පසසඳද්ධියා සති නති න හොති
නතියා අසති ආගති ගති න හොති
ආගති ගතියා අසති චුතුපපාතො න හොති චුතුපපාතෙ අසති නෙවිධ න හුරං න උභයමරෙන එසෙවනෙතා දුක්ඛසාති"

 මෙන්න මේ පළමුවෙන්ම කියාපු වචනය බලන්න.

 "නිස්සිතස්ස චලිතං" නිසසිත කියන වචනය අපි දන්නවානෙ දවයනිස්සිත කථාව.

ඒ කියන්නේ නිසිත කියල කියන්නේ මොකකට හරි හේත්තු වෙලා. මොකක් හරි බදාගෙන හරි - අපි දන්නවා ශාස්වත උචෙජ්ද වගේ ඒ දෘෂ්ටිවලට හේත්තු වෙලා ඉන්න කෙනාට චලිතයක් තියෙනවා. සලිතයක් තියෙනවා.

දැන් හිතාගන්න මොකකට හරි හේත්තු වෙලා ඉන්නවා නම් ඒක සෙලවෙනකොට තමනුත් සෙලවෙනවා නේ.

ඒ ඩිංග පළමුවෙන් මතු කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ. නිස්සිතස්ස චලිතං' යමකට හේත්තු වෙලා ඉන්න කෙනාටයි සලිතයක් තියෙන්නේ. හෙලවීමක් තියෙන්නේ.

හේතු වන්නේ දෘෂ්ටියට. දෘෂ්ටියකට හේත්තු වෙනවා.

ඊළඟට අනික් පැත්ත කියනවා "අනිස්සිතස්ස චලිතං නත්ථි” ඒ විධියට යමකට හේත්තු වන්නේ නැත්නම් අර කච්චානගොත්ත සුත්‍රයේ කිව්වා වගේ යමකට හේත්තු වන්නේ නැත්තම් මැදුම්මගින් අනිස්සිතස්ස චලිතං නත්ථි' චලිතයක් නැහැ.

චලිතයක් නැත්නම් 'පස්සදයි’ කියලා කියන්නේ සන්සුන් බවක් ඇත.

පසසදධි සති නති න හොති සන්සුන් බවක් ඇත්නම් නති කියන නැඹුරු වීමක් නැත.

ඒකත් ගැඹුරින් ගත්තොත් හාවක් නැඹුරු වීමක් නැත.

ඊළඟට කියනවා නැඹුරු වීමක් නැති කල්හි ආගති ගති න හොති - මහ පුදුම දේශනාවක් නැඹුරු වීමක් ඇති කල්හි නේ යාමක් හා ඊමක් තියෙන්නේ. නැඹුරු වීමක් තියෙන්නේ කොහාට හරි වැටෙන්නන්නේ. නැඹුරුවීමක් නැත්නම් ඒමක් සහ යාමක් නැත.

ඔන්න ඊළඟට ඒමක් සහ යාමක් නැත්නම් චුතියක් හා උත්පත්තියක් පිළිබඳ කතාවකුත් නැත. චුත වීමක් සහ නැවත ඉපදීමක් පිළිබඳ කථාවකුත් නැත.

එතකොට චුතුපපාත අසති චුතියක් සහ උත්පත්තියක් නැත්නම් එහෙම නම් නෙවිධ න හුරං න උභයමන්තරෙ.' මෙතනත් නැහැ එතනත් නැහැ.

ඒ දෙක අතරත් නැහැ.


මෙයම දුකෙහි කෙළවරයි.

Comments

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...