විඤ්ඤාය, අභිඤ්ඤාය, පඤ්ඤාය සහ පරිඤ්ඤාය *අසා එවා තිබූ ප්‍රශ්ණය* විඥානයේ හා ප්‍රඥාවේ ඇති බැදීම ආශ්‍රයෙන් ගතහොත් , මධුපින්ඩික සුත්‍රයේ පිලිවෙල පහත පරිදි ඉන්ද්‍රිය + අරමුණ → විඤ්ඤාණ → ඵස්ස → වේදනා → සඤ්ඤා → විතක්ක → පපඤ්ච → දුක සහ “මම-මගේ” ලෝකය ලෙස ගත් කල විඥානය නිසා (→ ඵස්ස → වේදනා → සඤ්ඤා →) නිසා විතක්ක →පපඤ්ච උපදින තැනට යනවනේ. අපි ඒහි විඥානය වෙනුවට ප්‍රඥාව ලෙස ගත්තොත් (→ ඵස්ස → වේදනා → සඤ්ඤා →) විතක්ක නිසා ඇති වෙන්නෙ යොනිසෝ මනසිකාරයද? මට මෙතන ඇති සැබෑම ප්‍රශ්නය නම් විතක්කයි පිලිබදවයි. විඤ්ඤානය හා ප්‍රඥාව යන අවස්ථා දෙකේදිම විතක්කය (විතක්ක හා විචාර ) පවතිනවා නේද? (අවිද්‍යාව) විඤ්ඤානය හරහා ගියොත් ප්‍රපංචය හා පපඤ්චසඤ්ඤාසංඛා දක්වා ගියත් ප්‍රඥාවෙන් දැක්කොත් එත් විතක්ක විචාර හරහා ගිහින් නේද යොනිසෝමනසිකාරයට එන්නෙ? *පිළිතුර* මුලින්ම මම ප්‍රශ්නය පොඩ්ඩක් වෙනස් කරොත්, විදර්ශණා මට්ටමේදී ඉන්ද්‍රිය කියනවට වඩා ප්‍රසාද කියලා වටහා ගමු. ඊළඟට පෘථග්ජන මනසක, මධු පිණ්ඩික සූත්‍රය ක්‍රියාත්මක වීමේදී සාමාණ්‍ය ලෙස ක්‍රියාත්මක වෙනවා, ඔබ මෙහි කියනවා, විඤ්ඤාණය වෙනුවට ප්‍රඥාව ද...
භාග්‍යවතුන් වදාරණවා, ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ. මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය. ඇණ සමූහයම ඉතිරිවිය දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද, ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත, කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ, බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද, කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද, ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...