ද්විත්වය
අභ්‍යන්තරය හා බාහිරය
බාහිරය යනු ඇසට පේන එලියයි යන මතයෙන් බැහැර වන්න. බාහිරයේ සැබෑ ස්වබාවය මහාභූත ධාතු ස්වභාවයයි, එය ඇසට නොපෙනේ ස්පර්ශ කල නොහැක.
ඒ කතා කරේ ඔබට ගෝචර නොවන බාහිරයයි,
කෙනෙක් කියාවි මහා භූත කියන්නෙත් සංකල්පයක් එහෙම ස්වභාවයක් වත් මෙතන නෑ මෙතන කිසිවක් නෑ සියල්ලම සංකල්පයි කියලා. ඒ අය ඉන්නෙ කිසිවක් නැත කියන අන්තයක, නමුත් ඒ අයට ගෝචර මට්ටමෙන් හරි,
මොකද මෙතන ඔබ බාහිරය කියලා දකින්නේම අභ්‍යන්තරයේ මැවෙන බාහිරයයි,
මුලින් දැන ගන්න ඕන සැබෑ බාහිරය චක්කු ප්‍රසාදය ආසන්නයෙ අවසන් බව, ඔබ මලක් ඉස්සරහ හිටගෙන මල අදුනගන්නවා, ඔබ හිතනවා බාහිරයේ තිබෙන මලේ රූපය ඇහේ ප්‍රසාදයට/චක්කු ප්‍රසාදයට වැටුණා කියලා, නමුත් එය එසේ නොවේ, , ඔබ මලක් වශයෙන් යම් රූපයක් හදුනා ගත්තාට පසු මලේ රූපය චක්කු ප්‍රසාදයට වැටුණා, බාහිරයෙන් නෙවෙයි අභ්‍යන්තරයෙන්, මනෝ රූපීව, තව
උදාහරණයක් ගමු
මේක මට වුණ සිද්දියක් මේ වගේ සිද්ධි ඔබට දාස් ගාණක් වෙලා ඇති,
මට කෙනෙක් කිව්වා ඇදුමක් මහන්න බෙල්ලෙ වට ප්‍රමාණය ඕන කියලා, මැනං එන්න කියලා නැත්නම් ටේප් එක ගේන්න කියලා, ටේප් එක තියනවා කිව්වා ආගන්තුක කුටියේ,
ඉතිං මම ගියා ආගන්තුක කුටියට ඒ කුටියේ තියන්නෙ ලොකු මේසයක් පමණයි, යමක් තියනවනම් එය තිබිය යුත්තේ මේ මේසය උඩ,
අපි පොඩ්ඩක් අතීතයට යං අර මනුස්සය මට ටේප් එකෙන් මැනං එන්න කියන කොටම මට මනෝ රූපීව මැවුනේ ටේලර් මහත්වරු පාවිච්චි කරන ටේප් රෝල,
මම දැන් ඒක හොයනවා මේස උඩ, හොයනවා හොයනවා හම්බ වෙන්නෙ නෑ, පැය භාගයක් හොයලා මම කිව්වා ඒක මෙතන නෑ කියලා, එතකොට ඒ මනුස්සයා ආව ඇවිල්ලා ඔය තියන්නෙ ඔතන කහ පාටට කියලා කියන කොටම තමයි,
මට වැඩේ තේරුනේ මම හෙවුව ටේප් එක නෙවෙයි එතන තියන්නෙ ඒ තිබුනේ වඩු මහත්වරු පාවිච්චි කරන ජාතියේ යකඩ රෝල් ටේප් එකක්, අර එලියට ඇදලා මැනලා අත ඇරියම ඇතුලට රෝල් වෙලා යන්නෙ, මම හෙව්වෙ ඒක නෙවෙයි නිසා මට මේක පෙනුනෙ නෑ,
ඒ මොකද ඒ මොහොතේ මේ ටේප් එක දිට්ඨේ දිට්ඨ මත්තං ස්වභාවයේ, මොකද පේනවා බලන්නෙක් නෑ , ඒ කියන්නෙ හඳුන ගන්නෙක් නෑ, මම බලාපොරොත්තු වුණ ටේප් එක තිබුණ නම් මට පේනවා, සහ බලන්නෙක් ඉන්නවා ඒක හඳුන ගන්න.
එහෙනම් ඔබ බාහිරයේ මලක් හඳුන ගන්න කොටම, ඔබේ චක්කු ප්‍රසාදයට වැටෙන්න මනෝරූපිව මලක රූපයක් ,
පෙනෙන තැන බලන්නෙක් ඉන්නව පෙනෙන දේ හඳුන ගන්නවා, ඒ පේන්නෙ බාහිර මලක් නෙවෙයි මනෝ රූපයක්, ඇතුලෙන් ප්‍රොජෙක්ට් කරපු එකක්.
ඔබට අකුණක් පේනවා හේතු ඵලව, ඔබ එය අකුණක් හැටියට හදුන ගන්නකං එය අකුණක් නොවේ, ඔබ එය අකුණක් හැටියට හඳුණ ගන්න මොහොතේම ඔබට අකුණක් පෙනේ, බලන්නෙක් හා බලන දේ හදුනා ගැනීමක් සිද්ධවේ,
සංසාරය...
එතකොට ඇසට රූපයක් කිසිම විටක පෙනී තිබේද, වර්ථමානයේ පෙනෙන රූපය පවා මනෝ රූපයක් මනසට ගෝචර බැවින් අතීතයේ අනාගතයේ පෙනුනා කියලා හිතපු රූප පවා මනෝ රූප/උපාදායී රූප එහෙනම් ඇසට රූප තුන් කාලයේම පෙනී නැත.......
ඇසින් කිසිදා දැක නොමැත.....
කණ බලමු දැන් අර ටේප් සිදුවීමේදි අර මනුස්සයා ඔය තියන්නෙ කහපාට කියන කොටම මම මේසෙ උඩ ඇති කහ පාට ද්‍රව්‍යය දිහා බැලුවා, එතකොට අතීත මනෝ රූපයක් පෙන්නුවා දැකලා තිබුනු ඒ වගේ ටේප් එකක් ඒකෙන් මම මේකත් ටේප් එකක් බව අඳුන ගත්තා....
සංකාර පච්චයා විඤ්ඤාණ
පපංච සංඥා සමුදා චරන්තී අතීත අනාගත චක්ඛු විඤ්ඤේසු රූපේසු
ප්‍රපංචය මගින් මට අතීත අනාගත චක්කු විඤ්ඤාණයෙන් රූපය මවලා දුන්නා....මම කහ ටේප් එක හදුන ගත්තා, බලන්නෙක් ඇතිවුණා පෙනෙන දේ හඳුන ගත්තා.....සංසාරය
ඇසට රූප තුන් කාලයේම නොපෙනුනා, නමුත් කනට ශබ්දය ඇහුණා වර්ථමානයේ,
ප්‍රශ්ණයක්, වර්ථමානයේ ඇසෙන ශබ්දය ඇහෙන්නෙ කනටද ?
N.B නානත්ථ ධාතු - නානත්ථ නාම- නානත්ථ රූප - නානත්ථ කාය

සියුමිව ගවෙිෂණය කල විට ,"ඇසට රූප තුන් කාලයේම පෙනීලා නැත . "
ReplyDeleteරැවටිලිකාර මායාවෙි තරම.. 🤔🤔
** වර්ථමානයේ ,කමිපන තරංගයක් ලෙසයි දැනෙන්නේ..
මේ උතුමි සත්‍යය පහදා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ..🙏🙏🙏