Skip to main content

ද්විත්වය




ද්විත්වය

භ්‍යන්තරය හා බාහිරය


බාහිරය යනු ඇසට පේන එලියයි යන මතයෙන් බැහැර වන්න. බාහිරයේ සැබෑ ස්වබාවය මහාභූත ධාතු ස්වභාවයයි, එය ඇසට නොපෙනේ ස්පර්ශ කල නොහැක.

ඒ කතා කරේ ඔබට ගෝචර නොවන බාහිරයයි,

කෙනෙක් කියාවි මහා භූත කියන්නෙත් සංකල්පයක් එහෙම ස්වභාවයක් වත් මෙතන නෑ මෙතන කිසිවක් නෑ සියල්ලම සංකල්පයි කියලා. ඒ අය ඉන්නෙ කිසිවක් නැත කියන අන්තයක, නමුත් ඒ අයට ගෝචර මට්ටමෙන් හරි,

මොකද මෙතන ඔබ බාහිරය කියලා දකින්නේම අභ්‍යන්තරයේ මැවෙන බාහිරයයි,

මුලින් දැන ගන්න ඕන සැබෑ බාහිරය චක්කු ප්‍රසාදය ආසන්නයෙ අවසන් බව, ඔබ මලක් ඉස්සරහ හිටගෙන මල අදුනගන්නවා, ඔබ හිතනවා බාහිරයේ තිබෙන මලේ රූපය ඇහේ ප්‍රසාදයට/චක්කු ප්‍රසාදයට වැටුණා කියලා, නමුත් එය එසේ නොවේ, , ඔබ මලක් වශයෙන් යම් රූපයක් හදුනා ගත්තාට පසු මලේ රූපය චක්කු ප්‍රසාදයට වැටුණා, බාහිරයෙන් නෙවෙයි අභ්‍යන්තරයෙන්, මනෝ රූපීව, තව

උදාහරණයක් ගමු

මේක මට වුණ සිද්දියක් මේ වගේ සිද්ධි ඔබට දාස් ගාණක් වෙලා ඇති,
මට කෙනෙක් කිව්වා ඇදුමක් මහන්න බෙල්ලෙ වට ප්‍රමාණය ඕන කියලා, මැනං එන්න කියලා නැත්නම් ටේප් එක ගේන්න කියලා, ටේප් එක තියනවා කිව්වා ආගන්තුක කුටියේ,
ඉතිං මම ගියා ආගන්තුක කුටියට ඒ කුටියේ තියන්නෙ ලොකු මේසයක් පමණයි, යමක් තියනවනම් එය තිබිය යුත්තේ මේ මේසය උඩ,

අපි පොඩ්ඩක් අතීතයට යං අර මනුස්සය මට ටේප් එකෙන් මැනං එන්න කියන කොටම මට මනෝ රූපීව මැවුනේ ටේලර් මහත්වරු පාවිච්චි කරන ටේප් රෝල,

මම දැන් ඒක හොයනවා මේස උඩ, හොයනවා හොයනවා හම්බ වෙන්නෙ නෑ, පැය භාගයක් හොයලා මම කිව්වා ඒක මෙතන නෑ කියලා, එතකොට ඒ මනුස්සයා ආව ඇවිල්ලා ඔය තියන්නෙ ඔතන කහ පාටට කියලා කියන කොටම තමයි,

මට වැඩේ තේරුනේ මම හෙවුව ටේප් එක නෙවෙයි එතන තියන්නෙ ඒ තිබුනේ වඩු මහත්වරු පාවිච්චි කරන ජාතියේ යකඩ රෝල් ටේප් එකක්, අර එලියට ඇදලා මැනලා අත ඇරියම ඇතුලට රෝල් වෙලා යන්නෙ, මම හෙව්වෙ ඒක නෙවෙයි නිසා මට මේක පෙනුනෙ නෑ,

ඒ මොකද ඒ මොහොතේ මේ ටේප් එක දිට්ඨේ දිට්ඨ මත්තං ස්වභාවයේ, මොකද පේනවා බලන්නෙක් නෑ , ඒ කියන්නෙ හඳුන ගන්නෙක් නෑ, මම බලාපොරොත්තු වුණ ටේප් එක තිබුණ නම්  මට පේනවා, සහ බලන්නෙක් ඉන්නවා ඒක හඳුන ගන්න.

එහෙනම් ඔබ බාහිරයේ මලක් හඳුන ගන්න කොටම, ඔබේ චක්කු ප්‍රසාදයට වැටෙන්න මනෝරූපිව මලක රූපයක් ,
පෙනෙන තැන බලන්නෙක් ඉන්නව පෙනෙන දේ හඳුන ගන්නවා, ඒ පේන්නෙ බාහිර මලක් නෙවෙයි මනෝ රූපයක්, ඇතුලෙන් ප්‍රොජෙක්ට් කරපු එකක්.

ඔබට අකුණක් පේනවා හේතු ඵලව, ඔබ එය අකුණක් හැටියට හදුන ගන්නකං එය අකුණක් නොවේ,  ඔබ එය අකුණක් හැටියට හඳුණ ගන්න මොහොතේම ඔබට අකුණක් පෙනේ, බලන්නෙක් හා බලන දේ හදුනා ගැනීමක් සිද්ධවේ,

සංසාරය...

එතකොට ඇසට රූපයක් කිසිම විටක පෙනී තිබේද, වර්ථමානයේ පෙනෙන රූපය පවා මනෝ රූපයක් මනසට ගෝචර බැවින් අතීතයේ අනාගතයේ පෙනුනා කියලා හිතපු රූප පවා මනෝ රූප/උපාදායී රූප එහෙනම් ඇසට රූප තුන් කාලයේම පෙනී නැත.......
ඇසින් කිසිදා දැක නොමැත.....

කණ බලමු දැන් අර ටේප් සිදුවීමේදි අර මනුස්සයා ඔය තියන්නෙ කහපාට කියන කොටම මම මේසෙ උඩ ඇති කහ පාට ද්‍රව්‍යය දිහා බැලුවා, එතකොට අතීත මනෝ රූපයක් පෙන්නුවා දැකලා තිබුනු ඒ වගේ ටේප් එකක් ඒකෙන් මම මේකත් ටේප් එකක් බව අඳුන ගත්තා....

සංකාර පච්චයා විඤ්ඤාණ

පපංච සංඥා සමුදා චරන්තී අතීත අනාගත චක්ඛු විඤ්ඤේසු රූපේසු

ප්‍රපංචය මගින් මට අතීත අනාගත චක්කු විඤ්ඤාණයෙන් රූපය මවලා දුන්නා....මම කහ ටේප් එක හදුන ගත්තා, බලන්නෙක් ඇතිවුණා පෙනෙන දේ හඳුන ගත්තා.....සංසාරය

ඇසට රූප තුන් කාලයේම නොපෙනුනා, නමුත් කනට ශබ්දය ඇහුණා වර්ථමානයේ,

ප්‍රශ්ණයක්,  වර්ථමානයේ ඇසෙන ශබ්දය ඇහෙන්නෙ කනටද ?

N.B නානත්ථ ධාතු - නානත්ථ නාම- නානත්ථ රූප - නානත්ථ කාය





Comments

  1. සියුමිව ගවෙිෂණය කල විට ,"ඇසට රූප තුන් කාලයේම පෙනීලා නැත . "
    රැවටිලිකාර මායාවෙි තරම.. 🤔🤔

    ** වර්ථමානයේ ,කමිපන තරංගයක් ලෙසයි දැනෙන්නේ..

    මේ උතුමි සත්‍යය පහදා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ..🙏🙏🙏

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...