ප්‍රභාශ්ව සිත සහ අරහත්
ප්‍රශ්නය :-
ස්වමීන්වහන්ස, පොඩි දරුවෙකුගෙයි රහතන් වහන්සේගෙයි වෙනස කුමක්ද ? පොඩි දරුවෙක් මැරණම ආපහු ඉපදෙන්නෙ කොහොමද ?
පිළිතුර :-
ඒක මෙහෙමයි,
ඉපදුණු ගමන් ළමයා මැරුණා කියන්න ඒ ළමයා මැරෙන චුති සිතේ උපාදානයක් වෙන්නෙ නෑ, මොකද තාම විඤ්ඤාණ ක්‍රියාවලිය ආරම්භ වෙලා නෑනෙ,
එතකොට උපාදානය ගැන කතා කරන්න බෑ,
නමුත් අයුශ අවසන් වෙලා මැරෙන්න පුලුවන්
කර්මය අවසන් වෙලා මැරෙන්න පුලුවන්, ,
නමුත් මම කිව්වනේ කය කියන එක මම නෙවෙයි කියලා.
මේක මෙහෙම බලන්න මෙතන කයක් හැදෙනවා කන බොන ඒ වෙන වැඩ ටික වෙනවා,
ඇතිවෙනවා ( මම හිටියොත් උපදිනවා කියනවා),
විනාශයට පත්වෙනවා (මම හිටියොත් මැරෙනවා කියනවා)
මේ සිද්ධිය අවිද්‍යාව ලෝකෙ සිද්ධ වෙනවා හේතු ඵලයට අනුව සදාකාලිකව, හරිද ,
මෙතන මම කියන විඤ්ඤාණ ක්‍රියාවලිය හැදෙන, ඒ ඒ ක්‍රියාවලිය සදාකල් සිද්ධ වෙනවා මක් නිසාද කියතොත්,
පෘතග්ජන ස්වභාවයෙන් මිදෙන්න අවශ්‍ය දුක තේරුම් ගැනීම සඳහා,
චතුරාර්‍ය සත්‍ය ඇසෙන්න,
කොටින්ම කියනවනම් මෙතනින් සදාකල් ගැලවෙන්න...
මේ දවසකට ළමයෙක් ඉපදිලා මැරෙන එක ලෝකේ සෑහෙන්න වෙනවා,
ඒ ඉපදෙන කයට (පරමාණු සංයුතියට, ඉන්ද්‍රියන් 32ට) ආයුශ සකස් වෙලත් නෑ කර්ම සකස් වෙලත් නෑ ,
එතකොට ඒකට විඤ්ඤාණයක සකස් වීමකට අවශ්‍ය මූලද්‍රවය නෑ, ආයුශ හෝ කර්මය නැත්නම්, ඒ කය ඒ මොහොතෙම විනාශ වෙනවා
සම්මුතිය මැරෙනවා කියනවා,
අපි එහෙම කියන්නෙ නෑ විනාශ වෙනවා විඤ්ඤාණයක් නොමැති නිසා..
අපිට පේනවා ළමයෙක් ඉපදිලා මැරෙනවා,
නමුත් ළමයා කියන ප්‍රඥ්ඥප්තිය අපි දුන්නට,
සත්‍ය වශයෙන් එහෙම ළමයා කියන ස්වභාවය එතන තාම ඇති වුනේ නෑ,
නමුත් මේ ස්වභාවයට ළමයා කියන ප්‍රඥ්ඥප්තිය ඇති වෙන්නත් පුලුවන් ඒකට කර්මය හෝ ආයුශ කියන මූලද්‍රව්‍ය වලින් එකක් හෝ ලැබුනොත්,
අන්න ඒ වැඩේ වෙන්නෙ නෑ මෙතන,
රහතන්වහන්සේ, අයුශ නිසත් කර්මය නිසත් විඤ්ඤාණයක් සකස් වෙලා ඒ විඤ්ඤාණයේ සත්‍ය ස්වභාවය දැකලා, ඉන්න නිසා...
අමතර යමක්
අනිත් එක ගොඩක් ස්වාමීන්වහන්සේ ලා කියනවා රහතන් වහන්සේ සම්මුති ලෝකයේ ඉතා හොද නලුවෙක් සේ රගපාමින් සම්මුතියේ ජීවත් වෙනවා කියලා,
මම කියන්නෙ සත්‍ය ස්වභාවය 100% ප්‍රඥ්ඥා ගෝචර වුණාම අර රහතන් ගේ විඤ්ඤාණය ඒ කයේ නෑ,
අප්පතිට්ඨිතයි, එතකොට ඒ රහතන්ට ඒ කයේ කිසිම අයිතියක් නෑ,
කය කාලා බීලා, සර්පයෙක් දැක්කම අයින් වෙලා යනවා, ඒ ක්‍රියාකාරකම් සියල්ලම සිද්ධ වෙනවා, ස්වයංක්‍රීයව, ක්‍රියාවක් සිද්ධ වෙනවා කරන්නෙක් නෑ,
ක්‍රියා සිත් කියලා තියන්නෙ ඒවා, එතකොට ඒ රහතන්වහන්සේට රගපාන්න එයා එතන නෑ, බලන මිනිස්සුන්ට පේනවා ධර්මය අපට උගන්වන මේ රහතන් වහන්සේ සම්මුති ලෝකයේ සුපිරියටම ජීවත්වෙනවා කියලා,
ඒක එහෙම නෙනෙවෙයි එයා සම්මත ලෝකයෙන් අතුරුදහන්, එයාට සම්මත ලෝකයත් අතුරුදහන්,
එයා කියලා මම කිව්වට "එයා" කියලා අපිට කියන්න පුලුවන් පුද්ගලයෙකුටනේ, රහතා කියන්නෙ ස්වභාවයක්, මේක තේරුම් කරන්න විතරයි "එයා" කියලා කියන්නෙ..
විපාක කය කියන ස්වභාවය රහතන් වහන්සේට තියනවා කියලා අපි දන්නවනේ,
නමුත් එහෙම එකක් රහතන්වහන්සේට නෑනේ, නමුත් ඒ පුද්ගලයට රහත් වුනත් තුවාල වුණාම බඩගිනි උනාම දැනීමක් තියනවානේ,
නමුත් ඒක මට වෙනවා කියන එක රහතන්ට නෑනෙ, නමුත් එහෙම වෙනවනේ,
ඒක තමයි හේතුඵල මට්ටම කර්මය විපාක දීමෙන් ඒ දැනීමේ ස්වභාවයත් අවසන් වෙනවා මරණයේදී, අනුපාදසේශ සෝපාදිසේශ කියලා තියන්නෙ,
අවසානේ දැනීමත් අවසන් වෙනවා කියන එකයි....
ඒ වගේමයි ඒ රහතන් ගෙ අවසන් භවය නිසා කවුරු හරි ඔහුට හොදක් හෝ නරකක් කරොත් ඒකට ප්‍රති හොද හෝ නරක ඒ භවයෙදිම සිද්ධ වෙනවා,
ඒ වගේමයි අනික් පැත්ත රහතන් ගේ විපාක කය යමෙක්ට හොදක් හෝ නරකක් කරොත් ඒකත් ඒ භවයේම පල දෙනවා,
ගනු දෙනුව ඒ භවයේදීම අවසන් වෙනවා
ඒ ගිණුම වහන්න ඕන නිසා, ඒවා ස්වාභාවිකවම වෙනවා,
හේතුඵලයට අනුව..
*මේ සියලුම ප්‍රශ්ණ නැති වෙනවා ද්විත්වය දකිමින්
යන්නාට......
"මෙහි එකතැනක මා විසින් බොහොම ගැඹුරු තැනක් කිව්ව මම හිතන්නෙ නෑ, ඔබට එය අහුවුණා කියලා, ඒක මාර තැනක්, ඒක තේරෙන්න අනාගාමි ඵලයකවත් ඉන්න ඕන..."

🙏🙏🙏
ReplyDeleteRahathan wahansege kaya hodak narakak kaloth a bawayedima vipaka denawa kiwa ekada. Mama sowan welawath ne. Eka mata theren ne. Theruwan saranai
ReplyDelete