මනසේ මැවීම
ඔබට මෙතන මම කියලා පුද්ගල ස්වභාවයක් නෑ කියන එක අවබෝධ කර ගන්න පුලුවන් සරළ ක්‍රමයක්,
ඔබ අරමුණක් ගන්න කොටම ඔබ ඒ අරමුණ බවට පත්වෙලා,
ඔබ අරමුණ ගත්තා නෙවෙයි, ඔබ තමයි අරමුණ,
ඒක මෙහෙමයි,
ඔබ හිතන්න පරණ සින්දුවක්
" ගයා ගීතයන් ගමේ වෙල් එලියේ" කියන කොට
ඔබ අරමුණු රැසක් , ඒ අරමුණු රැසම ඔබ මුලින් දකින්න පරණ අත්දැකපු මතක හෝ රූපවාහිණියෙන් ගත් මතක හැටියට,
" ගයා ගීතයන් " කියද්දී සින්දු කියපු අවස්තාවක් සිහි වෙනවා,
" ගමේ" කියද්දී තමන්ගෙ අම්මලගෙ ගම සිහිවෙනවා,
"වෙල් එලියේ" කියද්දී ඔබ දැකපු ලස්සන වෙල් යායක්මතක් වෙනවා,
නමුත් විඤ්ඤාණය ඊට වඩා දක්ශයි එතකොට ඒක මෙහෙම කරනවා,
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ, කියන කොටම කලින් ගත්ත අරම්මණ මතක වලට තව දේවල් ඇතුලත් කරනවා,
මෙහෙම , "ගයා ගීතයන්" කියන කොට ඔබ රූපවාහිනියේ දැකපු ලස්සනම මතක ඔබේ මතක කරලා සුන්දු කිය කිය දුව පැනපු අවස්ථවක් ඔබ අත්තීතයේ එක දවසක් ඇත්තටම කරපු එකක් වගේ පෙන්වනවා,
"ගමේ" කියන කොට ඔබේ ගම නෙවෙයි ඔබ කතා පොතක කියවලා තියන රූපවාහිණියක දැකලා තියන සුන්දරම ගම සිහි කරවනවා ඔබේ ගම හැටියට,
"වෙල් එලියේ" කියන එක ඇහෙන කොටම වැඩේ වෙලා ඉවරයි,
ඔබ සින්දු කිය කිය සුන්දර ගමක වෙල යායක දුව පැනලා යන කතාන්දරේ විඤ්ඤාණයෙන් ලස්සනට හදලා දෙනවා, ඒවයින් 2% පමණ ඇත්තටම ඔබ අත්විදපු දේ අනිත් 98%ම ඔබට හදලා පෙන්වන ටික,
දැන් මේ සින්දුව අහලා බලන්න
"පොල් රුප්පාවේ දඟ කල සෙල්ලම් සුළගේ පාවී"
දැන් ඒ මැවීම බලන්න, දැන් තේරුම් ගන්න,
ඒ විඤ්ඤාණ මායා බව දැන් කරන්න ඕන ඔබේ සිත ඒ අරමුනෙන් අරමුණට ඒ ඒ ස්වභාවට බවට පත් වෙන විදිය,
කුස්සිය සිහියට ගන්න ගන්න මොහොතම කුස්සියට ඔබ ඇතුල් වෙන දොර ගාව ඉදන් ඔබට කුස්සිය පෙනෙන දර්ශණය තමයි එක පාරටම මතක් වෙන්නෙ,
එතකොට දැන් තියන කුස්සිය නෙවෙයි මතක් වෙන්නෙ කලින් ගත්ත ෆොටෝ එකක්, දැන් හිරමණය සිහි කරන්න, මුලින්ම හිරමණය කුස්සියේ තියලා තියන තැන සිහිවෙනවා ඊට පස්සෙ හිරමණය අවසන් වතාවට දකිනකොට තිබුණ විදියට සිහියට නැගෙනවා,
දැන් තියන එක නෙවෙයි මතකය මවන රූපය,
දැන් ඔය ක්‍රියාවලියම මේ මොහොතට දාන්න , හොදින්ම තේරුම් ගන්න, මම කන්නාඩියකින් බලපු පලමු දවසේ මට පෙනුන රූපය මම නැවත කන්නාඩියකින් බලන තෙක් එම සේම තියනවා, මොකද එදා ගත්ත මතක ෆොටෝ එක නිසා ...
| | | |

Comments
Post a Comment