Skip to main content

පුනර්භවය


පුනර්භවය

භවයේ මරණයේ, මරණාසන්න චිත්ත වීථි ඇති වීම සිදුවනුයේ කර්මය, කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හේතුවෙනි.

මේවා චක්කුද්වාරා වීථි, ශෝතද්වාරා වීථි, ඝානද්වාරා වීථි, ජිව්හාද්වාරා වීථි සහ කායද්වාරා වීථි ලෙස මනෝද්වාරයට, ද්වාර විය හැකිය.

යම් ආරම්මණයක් ඉහත පස් වැදෑරුම් ද්වාරයක
පිහිටීමෙන්,

අතීත භවාංග, භවාංග චලන,භවාංගුප්පච්ඡේද, ආවේණික විඤ්ඤාණයක්, සම්පපටිජන්නය, සන්තීරණය සහ වොත්තපන යන සිත් ඉපදී නිරෝධ වීමෙන් ප්‍රතිසන්ධි සිතක් ඇති වී නැති වී භවාගපථනය සිදුවේ.

මින් පසුව හට ගන්න ප්‍රතිසන්ධි චින්තය නව භවයකි, එය භවංග චිත්තය නොහොත් පභස්සර චිත්තය නම් වේ.

කෙනෙක් මිය යෑමට පෙර නාමරූප ජායාව මව්කුසක
සටහන් වීම සිදුවේ, නමුත් විඤ්ඤාණය එතැන
නොපිහිටිය හොත් නාමරූප ජායාව ශේෂ නොවේ.
අවසාන හිතේ අරමුණ නාමරූප ජායාව නම් වේ, ගති
නිමිත්ත කියාද එය හදුන්වයි.

නාමරූප ජායාවේ විඤ්ඤාණය පිහිටියත්, දරු ප්‍රසූතියට
පෙර විඤ්ඤාණය බැහැරවූවොත් ගබ්සා වනු ඇත.
ළමයෙක්ව පැවත, නාමරූප ජායාව මත පිහිටා ඇති.
විඤ්ඤාණය බැහැර වීමෙන්, ළමා අවදියේදීම මරණය
සිදුවනු ඇත.

"ඒසේව හේතු, ඒස පචයෝ ඒස සමුදයෝ
නාමරූපස්ස යදිදං විඤ්ඤාණං"

අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව, නාමරූප පච්චයා විඤ්ඤාණං,
විඤ්ඤාණ පච්චයා නාම රූපං,

ඒ පෙන්වා දුන්නේ නාමරූපයේ පතිත වන විඤ්ඤාණය
ගැනයි, දැන් ඒකෙ අනිත් පැත්ත වන, විඤ්ඤාණයේ
පතිත වන නාම රූපය එහි ප්‍රතිෂ්ඨාවක් නොලැබතොත්,

" විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං,
එන්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති,
එන්ත දීඝංච රස්සච අඤ්ඤං ථූලං සුභා සුභ,
එන්ත නාමංච රූපංච අස්සං උපරුජ්ජතී "

නිර්වාණයයි.

ඔබ ඇස් ඇර කාමරය දෙස පොදුවේ බලන්න, මෙහි
ස්වභාවය නම් නාම රූප ජායාවයි, කිසිවක් හඳුනා
නොගන්නා ඔබ සමස්ථය දෙසම ඒකියත්වයෙන් බලා
සිටී, පසුව ඔබට ඇඳ යැයි ආරමණයක් හට ගනී

ආරම්මණය චක්කු විඤ්ඤාණයයි,

"චක්කුච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්කු
විඤ්ඤාණං"

මේ රූපය සංකල්පයකී, උපාදායී රූපයකි.

ඒ විඤ්ඤාණය හේතුවෙන් ඔබට ඇඳ නම් නාමරූපය,
නාම රූප ජායාව තුළ පැහැදිලිව දැක ගත හැකිය,
ඒ ඇඳ නම් නාමරූපය දකින විට, කාමරයේ ඉතුරු
කොටස විඤ්ඤාණයේ ප්‍රතිෂ්ඨාවක් නොලබයි.

චින්තක්ශණයක පහල වන්නේ එක සිතකි, එක සිතක
ඇත්තේ එක ආරමණයකි. ඒ ආරම්මණයද සමූදය
තුලම නිරෝධ වේ.

නාම රූප ජායාව හෙවත් පොදුවේ පෙනීම, කර්ම සකස්
නොවන ස්වභාවයකි,

පෙර කර්ම වල ඵලයකි, එය මරණය තෙක් ඔබට
හදුනා ගැනීම කරණ ස්ථානය කර්ම සකස් කරයි,
භවයයි...

"චේතනාහං භික්ඛවේ කම්මං"
චේතනාව යනු හඳුනා ගැනීමයි.
හඳුනා ගැනීමෙන් විඤ්ඤාණයද,
විඤ්ඤාණයෙන් නැවත හඳුනා ගැනීමද අන්‍යාමන්‍ය ප්‍රත්‍යව සිදුවේ...

කෙනෙක් හඳුනා ගැනීමෙන් ඉවත්ව හුදකලාව,
පෙනීමේ මට්ටමේ නතර වීමෙන්, නාමරූප නම් ගින්නට
දරදැමීම නවත්වයි.

"දිට්ඨේ දිට්ඨ මන්තං" විඤ්ඤාණය මත නාමරූපය ප්‍රතිෂ්ඨාවක්
නොලබත්....

මෙහි දී සංස්කාරයන්ගේ හට ගැනීම අත් දකිනා
උන්තම පුරුෂයා තණ්හාව නම් මාරයා දකියි,

කෙලෙස් මුහුදේ දිය දෙබෑ කරමින් යගදාපහරක් ගසන
ඔහුට මුහුදු පතුල නම් නිවන මොහොතකට දිස්වෙයි....

මොහොතින්, කෙලෙස් මුහුද යගදා පහරවසා නැවතත්
ගැලූ නමුදු, "දිට්ඨාසව" නම් එක් ආශ්‍රව පක්ශ‍යක් ඒ
පුද්ගලයාගෙන් සදහටම ගැලවී ගොසිනි....

මෙසේ තවත් යගදා පහර තුනක් පිළිවෙලින් ගසන මේ
ආර්‍ය ශ්‍රාවකයා තව තුන්වරක් මේ නිර්වාණය නම්
මුහුදු පත්ල දකී,

දකින මොහොතකින් කෙලෙස් නම් මුහුද, යගදා පහර
අභිබවා එය මතින් ගැලීම අරඹයි,
නමුත් "කාමාසව", "භවාසව" සහ "අවිජ්ජාසව" නම් ඉතිරි ආශ්‍රව තුන ද මේ ආර්‍යයන්ගෙන් කොටස් වශයෙන් සදහටම ගැලවී යයි.

ඒ රහතත්වහන්සේ කෙලෙස් සයුරින් එතෙර විය.

මේ දර්ශණය ලබා ගැනීමට භාග්‍යවතුන් වහන්සේ,
මෙත්තානුපස්සනාව, අනිච්චානුපස්සනාව,
කායානුපස්සනාව, වේදනානුපස්සනාව,
චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව,
සහ තවත් නොයෙක් භාවනා කමටහන්ද පෙන්වා දින.

"වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ"

අවසාන බුද්ධ වචනයට ගරු කර නොපමාව කෙලෙස්
තවන වීර්යයෙන් යුතුව කෙලෙස් සයුර දෙබෑ කරන යගදා
පහර සතරක් ගැසීමට අවශ්‍යය ආයුෂ කාලයක් ඔබට
ලැබී ඇත.




Comments

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...