පුනර්භවය
භවයේ මරණයේ, මරණාසන්න චිත්ත වීථි ඇති වීම සිදුවනුයේ කර්මය, කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හේතුවෙනි.
මේවා චක්කුද්වාරා වීථි, ශෝතද්වාරා වීථි, ඝානද්වාරා වීථි, ජිව්හාද්වාරා වීථි සහ කායද්වාරා වීථි ලෙස මනෝද්වාරයට, ද්වාර විය හැකිය.
යම් ආරම්මණයක් ඉහත පස් වැදෑරුම් ද්වාරයක
පිහිටීමෙන්,
අතීත භවාංග, භවාංග චලන,භවාංගුප්පච්ඡේද, ආවේණික විඤ්ඤාණයක්, සම්පපටිජන්නය, සන්තීරණය සහ වොත්තපන යන සිත් ඉපදී නිරෝධ වීමෙන් ප්‍රතිසන්ධි සිතක් ඇති වී නැති වී භවාගපථනය සිදුවේ.
මින් පසුව හට ගන්න ප්‍රතිසන්ධි චින්තය නව භවයකි, එය භවංග චිත්තය නොහොත් පභස්සර චිත්තය නම් වේ.
කෙනෙක් මිය යෑමට පෙර නාමරූප ජායාව මව්කුසක
සටහන් වීම සිදුවේ, නමුත් විඤ්ඤාණය එතැන
නොපිහිටිය හොත් නාමරූප ජායාව ශේෂ නොවේ.
අවසාන හිතේ අරමුණ නාමරූප ජායාව නම් වේ, ගති
නිමිත්ත කියාද එය හදුන්වයි.
නාමරූප ජායාවේ විඤ්ඤාණය පිහිටියත්, දරු ප්‍රසූතියට
පෙර විඤ්ඤාණය බැහැරවූවොත් ගබ්සා වනු ඇත.
ළමයෙක්ව පැවත, නාමරූප ජායාව මත පිහිටා ඇති.
විඤ්ඤාණය බැහැර වීමෙන්, ළමා අවදියේදීම මරණය
සිදුවනු ඇත.
"ඒසේව හේතු, ඒස පචයෝ ඒස සමුදයෝ
නාමරූපස්ස යදිදං විඤ්ඤාණං"
අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව, නාමරූප පච්චයා විඤ්ඤාණං,
විඤ්ඤාණ පච්චයා නාම රූපං,
ඒ පෙන්වා දුන්නේ නාමරූපයේ පතිත වන විඤ්ඤාණය
ගැනයි, දැන් ඒකෙ අනිත් පැත්ත වන, විඤ්ඤාණයේ
පතිත වන නාම රූපය එහි ප්‍රතිෂ්ඨාවක් නොලැබතොත්,
" විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං,
එන්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති,
එන්ත දීඝංච රස්සච අඤ්ඤං ථූලං සුභා සුභ,
එන්ත නාමංච රූපංච අස්සං උපරුජ්ජතී "
නිර්වාණයයි.
ඔබ ඇස් ඇර කාමරය දෙස පොදුවේ බලන්න, මෙහි
ස්වභාවය නම් නාම රූප ජායාවයි, කිසිවක් හඳුනා
නොගන්නා ඔබ සමස්ථය දෙසම ඒකියත්වයෙන් බලා
සිටී, පසුව ඔබට ඇඳ යැයි ආරමණයක් හට ගනී
ආරම්මණය චක්කු විඤ්ඤාණයයි,
"චක්කුච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්කු
විඤ්ඤාණං"
මේ රූපය සංකල්පයකී, උපාදායී රූපයකි.
ඒ විඤ්ඤාණය හේතුවෙන් ඔබට ඇඳ නම් නාමරූපය,
නාම රූප ජායාව තුළ පැහැදිලිව දැක ගත හැකිය,
ඒ ඇඳ නම් නාමරූපය දකින විට, කාමරයේ ඉතුරු
කොටස විඤ්ඤාණයේ ප්‍රතිෂ්ඨාවක් නොලබයි.
චින්තක්ශණයක පහල වන්නේ එක සිතකි, එක සිතක
ඇත්තේ එක ආරමණයකි. ඒ ආරම්මණයද සමූදය
තුලම නිරෝධ වේ.
නාම රූප ජායාව හෙවත් පොදුවේ පෙනීම, කර්ම සකස්
නොවන ස්වභාවයකි,
පෙර කර්ම වල ඵලයකි, එය මරණය තෙක් ඔබට
හදුනා ගැනීම කරණ ස්ථානය කර්ම සකස් කරයි,
භවයයි...
"චේතනාහං භික්ඛවේ කම්මං"
චේතනාව යනු හඳුනා ගැනීමයි.
හඳුනා ගැනීමෙන් විඤ්ඤාණයද,
විඤ්ඤාණයෙන් නැවත හඳුනා ගැනීමද අන්‍යාමන්‍ය ප්‍රත්‍යව සිදුවේ...
කෙනෙක් හඳුනා ගැනීමෙන් ඉවත්ව හුදකලාව,
පෙනීමේ මට්ටමේ නතර වීමෙන්, නාමරූප නම් ගින්නට
දරදැමීම නවත්වයි.
"දිට්ඨේ දිට්ඨ මන්තං" විඤ්ඤාණය මත නාමරූපය ප්‍රතිෂ්ඨාවක්
නොලබත්....
මෙහි දී සංස්කාරයන්ගේ හට ගැනීම අත් දකිනා
උන්තම පුරුෂයා තණ්හාව නම් මාරයා දකියි,
කෙලෙස් මුහුදේ දිය දෙබෑ කරමින් යගදාපහරක් ගසන
ඔහුට මුහුදු පතුල නම් නිවන මොහොතකට දිස්වෙයි....
මොහොතින්, කෙලෙස් මුහුද යගදා පහරවසා නැවතත්
ගැලූ නමුදු, "දිට්ඨාසව" නම් එක් ආශ්‍රව පක්ශයක් ඒ
පුද්ගලයාගෙන් සදහටම ගැලවී ගොසිනි....
මෙසේ තවත් යගදා පහර තුනක් පිළිවෙලින් ගසන මේ
ආර්‍ය ශ්‍රාවකයා තව තුන්වරක් මේ නිර්වාණය නම්
මුහුදු පත්ල දකී,
දකින මොහොතකින් කෙලෙස් නම් මුහුද, යගදා පහර
අභිබවා එය මතින් ගැලීම අරඹයි,
නමුත් "කාමාසව", "භවාසව" සහ "අවිජ්ජාසව" නම් ඉතිරි ආශ්‍රව තුන ද මේ ආර්‍යයන්ගෙන් කොටස් වශයෙන් සදහටම ගැලවී යයි.
ඒ රහතත්වහන්සේ කෙලෙස් සයුරින් එතෙර විය.
මේ දර්ශණය ලබා ගැනීමට භාග්‍යවතුන් වහන්සේ,
මෙත්තානුපස්සනාව, අනිච්චානුපස්සනාව,
කායානුපස්සනාව, වේදනානුපස්සනාව,
චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව,
සහ තවත් නොයෙක් භාවනා කමටහන්ද පෙන්වා දින.
"වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ"
අවසාන බුද්ධ වචනයට ගරු කර නොපමාව කෙලෙස්
තවන වීර්යයෙන් යුතුව කෙලෙස් සයුර දෙබෑ කරන යගදා
පහර සතරක් ගැසීමට අවශ්‍යය ආයුෂ කාලයක් ඔබට
ලැබී ඇත.

Comments
Post a Comment