Skip to main content

නිර්වාණය කෙටියෙන්

පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව
විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන්
පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ.

එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද,

එය හටගත්තේම ගතිය හේතුවෙනි,

එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට
ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ.

එසේ කිළිටි වී
පෙර කී පංචස්කන්දය අල්ලා ගනී,

ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා
මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි.

මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය
සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි..

ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්,
ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී,

එසේම කන මත ශබ්දයෙන්ද,

නාසය මත ගන්ධයෙන්ද,

දිව මත රසයෙන්ද,

කය මත ස්පර්ශයෙන්ද,

මනස මත ධර්මයෙන්ද

ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී...

ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම්
කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර
නොවේ,

දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි.

ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද
ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය
ගැන සිතීමකි,

මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්ම උපාදානස්කන්දය
හරහා එන දත්තයකි.

ඈත දුරක සිට දිය ඇල්ලක් ‍දෙස බලා සිටින ඔබට
පෙනෙන්නේ, රිදීපාට ඉරක් පමණි.

ටිකක් ලංවී බැලූ කල එය චලනයවනු පෙනේ.

තවත් ලං වූ පසු ජලය කදම්භ වශයෙන් ඇදහැලෙනු පෙනේ,
යම් කිසි කැමරාවක හරහා පටිගත කර වේගය අඩු
කර බැලුවොත් යම් තැනකදී ඔබට වතුර බින්දුවක්
පසුපස තව බින්දුවක් එන ආකාරය දැකගත හැකිය,

ජලය එකතුව වැටෙන තැන් වල එසේ දැකිය නොහැකි
වුවද, යම් යම් තැන්වල ඔබ එය දකී.

එය දකින ඔබට මේ ජලය බිංදුවශයෙන් හට ගෙන
ම දිය ඇල්ලක් සේ ඇදහැලෙන අයුරුද,
ඒ බිංදුවක් බිංදුවක් අතර ඇති හිස් තැනද දැකිය හැකිය, පසුව දිය ඇල්ල එසේ ඇද හැලුණ ද ඔබ දුටු දෙය ඔබට
ප්‍රත්‍යක්ෂයමය.

දිය ඇල්ල දසුපුරුදු ලෙස ඇද හැලෙයි...

රහතන්වහන්සේ නමින් හඳුන්වන ස්වභාවයට පත්වන
සෝපාදිශේෂ පරිනිර්වාණයට පත්වන
යම් ආයි ශ්‍රාවකයෙකු සිටින දිට්ඨි සෘත මෘත විඤ්ඤාත
තත්වයට ඔබ පත්වීමට,.

ප්‍රථමයෙන් මෙසේ තේරුම් ගත යුතුය.
ඔබේ ඇසට රූපයක් වැටේ,
මෙය නාමරූප ඦායාවයි,
එය පෙනීම නම් වේ.
මෙය පංචස්කන්ධයට ගෝචර ස්වභාවයයි,

ඔබ ඒ රූපය විතක්ක විචාර කරයි. "මේසයක්" කියයි.
මේසයේ හැඩය, පාට, පවිච්චි කරන හේතුව, හොඳ
නරක, සැප දුක, ඔබට සිහිවේ,
එය හඳුනා ගනියි...

මෙය උපාදානස්කන්ධයට ගෝචර ස්වභාවය යි.

"යං විතක්කේති තං පපංචේති"
"රූපයේ" ලෝකය නැත.
"මේසයේ" ලෝකය ඇත.

ප්‍රශ්ණය:-

ඇත්තටම මෙතන මේසයක් නෑ කිව්වොත්, වේගය
නිසා පෙනෙන්නෙ කිව්වොත් හරිද? වැරදිද?

පිළිතුර:-

මොන මේසය් ද? මොන වේගයද?
මොන මේසයද (ලෝකය) නෑ කියන්නෙ,

Comments

  1. simple and important vidarshana points..thank you very much

    ReplyDelete
  2. එතකොට උපතින්ම බිහිරි අයට මමත්වයක් සක්කායදිට්ඨියක් නැතිද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...