භාවනාව සහ නිවන
පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව
විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන්
පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ.
එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද,
එය හටගත්තේම ගතිය හේතුවෙනි,
එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට
ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ.
එසේ කිළිටි වී
පෙර කී පංචස්කන්දය අල්ලා ගනී,
ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා
මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි.
මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය
සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි..
ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්,
ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී,
එසේම කන මත ශබ්දයෙන්ද,
නාසය මත ගන්ධයෙන්ද,
දිව මත රසයෙන්ද,
කය මත ස්පර්ශයෙන්ද,
මනස මත ධර්මයෙන්ද
ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී...
ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම්
කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර
නොවේ,
දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි.
ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද
ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය
ගැන සිතීමකි,
මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්ම උපාදානස්කන්දය
හරහා එන දත්තයකි.
ඈත දුරක සිට දිය ඇල්ලක් දෙස බලා සිටින ඔබට
පෙනෙන්නේ, රිදීපාට ඉරක් පමණි.
ටිකක් ලංවී බැලූ කල එය චලනයවනු පෙනේ.
තවත් ලං වූ පසු ජලය කදම්භ වශයෙන් ඇදහැලෙනු පෙනේ,
යම් කිසි කැමරාවක හරහා පටිගත කර වේගය අඩු
කර බැලුවොත් යම් තැනකදී ඔබට වතුර බින්දුවක්
පසුපස තව බින්දුවක් එන ආකාරය දැකගත හැකිය,
ජලය එකතුව වැටෙන තැන් වල එසේ දැකිය නොහැකි
වුවද, යම් යම් තැන්වල ඔබ එය දකී.
එය දකින ඔබට මේ ජලය බිංදුවශයෙන් හට ගෙන
ම දිය ඇල්ලක් සේ ඇදහැලෙන අයුරුද,
ඒ බිංදුවක් බිංදුවක් අතර ඇති හිස් තැනද දැකිය හැකිය, පසුව දිය ඇල්ල එසේ ඇද හැලුණ ද ඔබ දුටු දෙය ඔබට
ප්රත්යක්ෂයමය.
දිය ඇල්ල දසුපුරුදු ලෙස ඇද හැලෙයි...
රහතන්වහන්සේ නමින් හඳුන්වන ස්වභාවයට පත්වන
සෝපාදිශේෂ පරිනිර්වාණයට පත්වන
යම් ආයි ශ්‍රාවකයෙකු සිටින දිට්ඨි සෘත මෘත විඤ්ඤාත
තත්වයට ඔබ පත්වීමට,.
ප්‍රථමයෙන් මෙසේ තේරුම් ගත යුතුය.
ඔබේ ඇසට රූපයක් වැටේ,
මෙය නාමරූප ඦායාවයි,
එය පෙනීම නම් වේ.
මෙය පංචස්කන්ධයට ගෝචර ස්වභාවයයි,
ඔබ ඒ රූපය විතක්ක විචාර කරයි. "මේසයක්" කියයි.
මේසයේ හැඩය, පාට, පවිච්චි කරන හේතුව, හොඳ
නරක, සැප දුක, ඔබට සිහිවේ,
එය හඳුනා ගනියි...
මෙය උපාදානස්කන්ධයට ගෝචර ස්වභාවය යි.
"යං විතක්කේති තං පපංචේති"
"රූපයේ" ලෝකය නැත.
"මේසයේ" ලෝකය ඇත.
ප්‍රශ්ණය:-
ඇත්තටම මෙතන මේසයක් නෑ කිව්වොත්, වේගය
නිසා පෙනෙන්නෙ කිව්වොත් හරිද? වැරදිද?
පිළිතුර:-
මොන මේසය් ද? මොන වේගයද?
මොන මේසයද (ලෝකය) නෑ කියන්නෙ,
මොන මේසයද (ලෝකයද )නෑ කියන්නෙ ,
හඳුන ගන්න මේසය (ලෝකය) ද?
හඳුනා ගැනීම සිද්ධවෙන්නේ, උපාදානස්කන්දය
ඇතුලෙම නම්...
නෑ..කියන්නෙත් උපාදානස්කන්ධය ඇතුලෙමයි...
ප්‍රශ්ණය :-
එතකොට තියන්නෙ මොකද්ද?
පිළිතුර:-
ප්‍රශ්ණය උපාදානස්කන්දය
ඇතුලෙ...
පිළිතුරත් උපාදානස්කන්දය
ඇතුලෙ...
දැන් කතා කරන පංචස්කන්ධයත්, උපාදානස්කන්ධයේ
තියන්නේ...
ඇත්තටම කියන්නේ ඔබට ගෝචර නොවන විශ්වය
යි...
(ලෝකය ඇතැයි කිව්වොත් උජේද, නෑ කිව්වොත්
සාවත, ලෝකය කියන විශ්වයට නෙවෙයි)
විශ්වය කියන්නෙ නිවන/ සත්‍යය ස්වභාවය....
ප්‍රශ්ණය :-
එතකොට මොකද්ද දැන් අපි කරන්න ඕන?
පිළිතුර:-
"ඒහි පස්සිකෝ"
එව බලව
ප්‍රශ්ණය :-
කොහොමද?
පිළිතුර:-
- පේන්නෙ, රූපයක්නම් රූපය ගාව නතරවෙනෙ.
-ඇහෙන්න, ශබ්දයක් නම් ශබ්දය ගාව නතර වෙන්න.
- දැනෙන්නේ, ගන්ධයක්, රසයක් සහ ස්පර්ශයක් නම්
එතැන නතර වෙන්න.
- හිතෙන්නෙ, හිතක් නම් එතන නතර වෙන්නෙ.
දිට්ඨ, සෘත, මෘත,විඤ්ඤාත තැන නතර වෙන්න...
සබ්බසෝ නාමරූපස්මිං
යස නත්ථි ඉමායතං
සබ්බසෝ නාමරූපස්මිං
යස්ස නත්ථි මමායුතං
අසතාචන සෝචති
සවෙ භික්ඛති වුචචති
හඳුන ගන්න කොට මනසිකාරය අයෝනිසෝ වේ,
හැඳිනීමට ප්‍රථම මනසිකාරය යෝනිසෝ, එහෙනම්
මෙනෙහි කිරීම, හට ගන්නා ස්ථානයට යොමුකර
බලන්න..
කනට ඇහෙන බෙර සද්ද අසමින් සිටිය ඔබ දැන්කන්
බෙරයට ඇහෙන "ශබ්ධය" ට නම් දීමට නොහැකි බව
තේරුම් ගන්න..
හඳුනා ගැනීමට නොහැකි ශබ්ධ මාත්‍රයක් පමණක් "ඇසෙන" බව වටහා ගත්ත...
"චක්ඛු ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං
තිණ්ණං සංගති ඵස්සො
ඵස්ස පච්චයා වේදනා,
යං වේදේති තං සඤ්ජානාති, යං සඤ්ජානාති තං
විතක්කේති යං විතක්කේති තං පපඤචේති යං
පපඤ්චේති, තතො නිදානං පුරිසං පපංචසඤ්ඤා සංඛා
සමුදාචරන්ති, අතීත අනාගත පච්චුප්පන්නේන්සු
චක්ඛුවිස්සු රූපේසු.."
ඇස, රූපය, නිසා චක්ඛු විඤ්ඤාණය නම් වෙන් කර
හදුනා ගැනීම සකස් වේ,
ඒතුන හේතුවෙන්චක්කු සම්පස්සය ඇතිවේ,
මේ ඇසේ ස්පර්ශය හේතුවෙන්, චක්කාසම්පස්සජා
වේදනාව ඇතිවේ
ඒකෙන් රූප සංඥාව ඇති වෙයි.
ඒකෙන් රූපවිතක්කය ගොඩ නැගේ.
මින් පසුව ප්රපංචය නම් දිගින් දිගට සිතා යෑම නිසා,
එය ග්‍රහණය කරගන්නා පුරුෂ තෙමේ, අතීත අනාගත,
ඇසේ විඥාණයෙන් රූපය (හඳුනගන්න) සකස් කර
ගනියි.
සතිය සහ සති සම්පජඤ්ඤය ලිපියේ අප පැහැදිලි
කරා සිහිය සහ සිහියේ දැනුවත් බවෙහි වෙනස.
එතකොට චක්කුකංච පටිච්ච රූපේ උප්පජ්ජති
චක්කු විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සෝ, තැන
නැවතීම හෙවත් චක්කු සම්පස්සයේ නැවතීම, ප්‍රපංච
ක්‍රියාවලියට පෙර නැවතීමයි, පෙනීමෙන් නැවතීමයි,
පෙනුන රූපයක්
ඇසුන දේශබ්දයක්
දැණුන දේ ගන්ධයක්, රසයක් හෝ ස්පර්ශයක්
සිතුන දේ සිතක්...
මේක සති සම්පජඤ්ඤයෙන් දකින්න ඕන.
මේක මාර්ගය...මේක අවධිය....දැක්කම සකස් නෙවේ,
මෙසේ කල් ගෙවන මේ ආය ශ්රාවකයා සිතුවිලි
සම්භාරයන්, සමූල වශයෙන් ඝාතනය කරමින් සිටියි,
පහර නොදී මරා දමමින්.
පහර දෙන්නට නොයෑමෙන්ම මැරීම,
නැවතීමෙන් ජය ගැනීම.
ලෙස හඳුන්වයි...
මෙසේ පෙනුනොත් පෙනුනා පමණයිව කල් ගෙවන,
දිටඨේ දිට්ඨ මන්තං ව පසුවෙන මේ ආර්ය ශ්රාවකයා
මොහොතකදී පෙනන රූපය ඇතිවීම තුලම නැතිවෙන
දකියි, ඒ සමගම ඇතිවෙනු දකියි,
මුලින්ම නිරෝධය අත්දකින මෙම ආයි ශ්රාවකයා,
ක්ශණයෙන් සමූදය වන මීලග චිත්තය දකියි.
එය පෙර නොවුව හට ගත් එකකි, මන්ද පෙර ස්වභාවයේ
නිරෝධය ඔහු අත් දැක්ක බැවිනි. එහෙනම් පෙර
නිරෝධවුණු එකද නොතිබීම හට ගත් එකකි.
ඔහුට චතුරාර්ය සත්‍ය අවභෝධ වෙයි...එක් වරක්...
එම ආර්ය ශ්රාවකයා පෙර නොතිබ හටගත් සිතුවිල්ලක
නිරෝධය අත් දැකේක්ක,
ඔහු කෙලෙස් මුහුදට පලමු යගදාපහර එල්ල කරයි,
ලොව යම් දෘෂ්ඨියක් ඇත්නම් ඒ සියලුම දෘෂ්ඨින්
මිත්‍යාවන් බව මේ සෝතාපන්න ආර්ය ශ්රාවකයා
සක්සුදක් සේ දනී,
ඔහුට නිවැරදි ධර්මය ඇසේ, පණ නැත, අල්ලා
ගැනීමද නැත,
ඒ උත්තමයා ගැලවීමී පිපාසාවෙන් පෙලෙයි...
"සම්මා දිට්ඨිය කියන්නේ දෘෂ්ඨි නැති තැන"
කෙසේ වෙතත් සෑහෙන්න කාලයක් භව ගමනේ දුක්විද මොහොතකට සත්‍ය වටහා ගත් මේ ශ්‍රාවකයාගේ
වීය මදිනම්, එඩිතර චරිතයක් නොවේනම්, ඔවුන් මහන්සි වී පැමිණි මේ ගමනේ විවේකයක් ගන්නවා ඇති,
මෙය මාගේ අත්දැකීමෙන් මෙසේ පැහැදිලි කල
හැකිය....
මම සැගවෙමින් සිටි මාරයාව කඹයක් දමා අල්ලා
ගන්න ලදි, ඒ කඹය මම මගේ ඇගේ ද ගැට ගසා ගත්තේ මාරයාට ගැලවී යෑමට නොහැකි වනසේය,
දැන් මාරයා සමග මහා ගිනි වලක් ඇති තැනක දෙපැත්තේ සිට කඹ ඇදීමේ තරඟයක නියැලෙන ආකරයක සිටි කල, ඔහුත් මමත් ඉතා වීර්යයෙන් ඔවුනොවුන් ගිනිවල දෙසට අදිමින් සිටියෝය,
එය එකිනෙකා ඇද ගිනි ගොඩට දමන්නට යන මහා
දැවැන්ත ප්රයත්නයක් විය. එකවර පෙනීසිටි බුදු
පියානන් මට කඹය අතහරින්නට කීවාය, මරණය භාර
ගෙන මා, දෙවරක් නොසිතා කඹය අතහැරියෙමි,
මා අතහරී යැයි නොසිතා තදින් කඹය අදිමින් සිටි මාරයා
බිම ඇද වැටුණි, එසේ වැටී තුශ්ණිම්භූතව සිටි මාරයා
දෙස බලා මම සිටියෙමි, මාරයා කනගාටුව උත්සාහය
අතහැර දුකින් බිම වාඩි වී සිටියේය, මම ද බිම වාඩි
වුනෙමි,
මට තව දුරටත් තරග කරන්නට ප්‍රතිවාදියා
නොසිටියේය,
"නමුත් එය අවසානය නොවන බව අප දැන සිටියෙමු,
මාරයා නැවත හිමීට නැගිට තරඟයට ආවාය"
අද කාලයේ සමහර සෝතාපන්න වූවන්, එසේ වූ විගස
සියල්ලම අතහැර පාඩුවේ කාලා බීලා ඉන්න ස්වභාවය
එයයි, එය සාමාන්‍යයි.....
නමුත් ඉතාම ඉක්මනින් ඔවුන් භව කෙළවර කිරීමට
නැවතත් පොරපිටියට, මාරයා සමග එනවා ඇත.
වීර්ය නැති කැම්මැලි සෝතාපන්න ස්වභාවයෙන් පෙනී
ඉන්න අයත් ඉන්න පුලුවන් මේ අතර...
නමුත් මීලග යගදා පහර කෙලෙස් මුහුදට එල්ල කරන,
සකෘදාගාමී ඵලය ලබන ආර්ය ශ්රාවකයා,
කාමසේවනයෙන්
සම්පූර්ණයෙන් ඉවත්වේ,
ඔවුහු සප්ත මෛථූනය තුළ සිටියද, එය සිතිවිලි
මට්ටමේ රාගාසාවන්ය.
කායික සම්භන්දතා මොවුන් පිළිකුල් කරයි,
විඩාකරවයි, එහි සත්‍ය දැක ඇති මොවුන්,එහි ළාමක
බව දකියි,
දැන් නොනැවතී... නිවීමේ පිපාසාවෙන් යන මොවුන්ට
ගිහි ජීවිතය විඩාවකි, නමුත් පැවිදි වීමේ
අවශ්‍යතාවයක්ද නොමැත....
කාමාශ්‍රව ප්රහාණය කරයි.
එසේ සිටින මෙම ආර්ය ශ්රාවකයා තුන්වන යගදාපහර
කෙලෙස් මුහුද මතට ගසා භවාශව ප්රහාණය කරයි,
අනාගාමී ඵලය සපථ කරයි.තවත් භවයක් ඔහුට
විඩාවකි නිවී යැමට හිත එකගය,
ඒ උවමනාවම, මොවුන් අරිහත් භාවයට රැගෙන
යයි...සප්ත මථුනයේ ස්වල්ප ලෙස සිටිය හැකියි,
නමුත් බොහෝ දුරට නැත..
බ්රහ්මචාරීව කල් ගෙවයි...
කායික සම්බන්දතා වලින් ඔවුන් වැළකී ඇත, එය
ග්‍රාමීය බොළද පෘතග්ජන වින්දන ස්වභාවයකි,
කයද විඩාවකි...
මෙහි මූලිකව පවතින්නේ අවිද්‍යාව නිසා ඇති අස්මි
මානය පමණකි,
හතර වැනි සහ අවසාන යගදාපහරද කෙලෙස් මුහුද
මත එල්ල කරන, මේ ආර්යයන් වහන්සේ කෙලෙස්
සයුරේ ජල කඳ දෙබෑ කරමින් සයුරෙන් එතෙර විය.
ඔහු පංචස්කන්දය දැක ඇත, පෙනීම දැක ඇත මාරය
පරාජය කර ඇත.
නමුත් පෙර කර්මයෙන් ලැබුනු කය, ඔහු නඩත්තු කරයි. ශරීරය වෙහෙසකි, නෑවීම සේදිම ද වෙහෙසකි. කැපී පෙනීම, රැඟීම, ඔහුට ග්‍රාමීය දෙයකි,
කරන්න දෙයක් ඇත්නම් ඔහු දන්න දෙයක් අනෙකුන්ට
කියා දීම පමණි. එයද විඩාවකි නමුත් එය බුදුන්ගේ නියමයයි..
මේ වනවිටත් ගිහිව ඉන්න ආයයෙක් නම්, ගිහි ජීවිතය
ඔහුට උණ බටයක් වැනිය, රහත්ඵලය මහා කළුගලක්
වැනිය, ඒ කළුගල දරා සිටීමට බැරි මේ ගිහිබව නම්
උණබටය දුර්වල ග්‍රාමීය දෙයකි, ඔහු සසුන්ගතව පැවිදි
ජීවිතයට පැමිණීම අනිවාර්යයෙන් සිද්ධ වේ,නැත්නම්
පිරිණි වී යයි...
එසේ සෝපාදොශේෂ පරිණිර්වාණයෙන් පිරිණිවී ගිය
රහතන් වහන්සේ,
දිනක අනුපාදිශේෂ නිර්වාණ ධාතුවේ පහන නිවී ගිය
විට දැල්ල ගිය තැන හොයා ගන්න බැරි සේ නිවී යයි...

🙏
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවිශ්මිත දේශණා.
ReplyDelete