Skip to main content

මොහොතක නිරෝධය අත්දකින්න,




මොහොතක නිරෝධය අත්දකින්න,



ඔබ ගන්න සෑම සිතුවිල්ලක්ම ඔබේ සිත වශයෙන් දකින්න ,ඒ සිත ද සකස් වන්නේ නැත,

වතුරේ ඉරක් අදින්න ඇගිල්ලෙන්, අදින්න පටන් ගත්ත තැන සිටන් ඇගිල්ල යනවත් එක්කම වතුරේ ඇදපු ඉරත් මැකී ගෙන යනවා,

එතකොට වතුරේ ඉරක් ඇන්දා කියන්න පුලුවන්ද, ඉරක් වශයෙන් පෙනුනේ වේගය නිසා, නැත්නම් ඇගිල්ල තිබුන තැන විතරයි වතුරේ ස්පර්ශ (පස්ස) වෙලා තියන්නෙ

ඒක ඉරක් වශයෙන් නම් කරන්න පුලුවන්ද ?

ඔබ නාමරූප පරියාය දැන හෝ නොදැන මේ සිතේ සිතුවිලි ඇති වන විදිය තේරුම් ගන්න,

සිත යම් සංඥාවක් ගන්න කොටම සිත එය බවට පත්වෙලා මිසක් ඒ සංඥාව අරන් ඊලග ක්ශණයේ මම කියන සංඥාව අරන් මම ඒ දේ දැක්කා කියන්න එපා,

ඒ දේ දැක්ක තැනම ඒ දේ සිත වශයෙන් දැක දැක යන්නා, ක්ශණයකදී මේ නිරෝධය දකීවී,

ඒ ක්ශණයේම තේරේවි මේ දකිනදේ සිත බවත් සිත කියන දේ පවා සකස් නොවන බවත්,

ඒ අනුව අපි කියනවා ශූණ්‍යයි කියලා, සකස් නොවන බැවින්, අර වතුරේ ඇදපු ඉර වගේ,

එහෙනම් මෙතන මේ විදියේ වේගයට සිහිය දියුණු වීමෙන් හෝ එන එන සිතුවිල්ල (සිතුවිල්ල කිව්වොත් සිතට එන අරමුණක් කියලා ගන්න එපා මේ සිතමයි සිතුවිල්ල වෙන්නෙත්)

මේ සංඥා එක්ක සිත වැඩ කරන විදිය තෝරා ගැනීමෙන් එක් ක්ශණයකදී නිරෝධය වීමෙන් නැවත සිත හැදෙන විදිය දැකීමෙන් පුද්ගල දෘෂ්ටිය 100%ක් නැති වෙනවා,

මරණ බය 100% ක් නැති වෙනවා මොකද පුද්ගල දෘෂ්ටිය නැති නිසා,

එතකොට අවට ලෝකයක සංඥාවක් ස්පර්ශ(පස්ස) නොවේ,

ස්පර්ශය නිරෝධ වීමෙන් වේදනාව නිරෝධයි,

එයින් තණ්හාවත්, තණ්හාවෙන් උපාදානයත් එම නිසා භවයත් ජාතියත් නිරෝධයි,

ඉන්පසු ක්‍රියා සිත් වශයෙන් විද්‍යා මූළික මනසක් ක්‍රියාත්මක වේ විශ්ව විඤ්ඤාණයක්, පරිපූර්ණ අවදිමත් බාවයක්.

රාග ද්වේශ මෝහ සකස් වීමක් ඉන් පසුව නොවේ.

දිට්ඨේ දිට්ඨ මත්තං සෘතේ සෘත මත්තං මෘතේ මෘත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං බැවින්, අවට ලෝකයක් සිතුවිලි ස්පර්ශයක් සිදු නොවේ,

පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඤාණ සකස් නොවේ, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපත්, නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණත් යන අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව සිදු නොවේ.

සංකාර සකස් නොව,  අවිද්‍යාව අවසන් පටිච්චස්මුප්පාදය අවසන් භවය අවසන්,

මොහොතක නිරෝධය අත්දකින්න,

මහා මායාව මරා දමන්න,

සුද්ධ වූ ධනය රැගෙන චේත වනයට ඇතුල් වන්න,

විමුක්තියෙන් නිරාමිස වී අකාලික අවේදෙයිත නිවන තුල අජරාමරව සුව විදින්න....

Comments

Post a Comment

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...