
මොහොතක නිරෝධය අත්දකින්න,
ඔබ ගන්න සෑම සිතුවිල්ලක්ම ඔබේ සිත වශයෙන් දකින්න ,ඒ සිත ද සකස් වන්නේ නැත,
වතුරේ ඉරක් අදින්න ඇගිල්ලෙන්, අදින්න පටන් ගත්ත තැන සිටන් ඇගිල්ල යනවත් එක්කම වතුරේ ඇදපු ඉරත් මැකී ගෙන යනවා,
එතකොට වතුරේ ඉරක් ඇන්දා කියන්න පුලුවන්ද, ඉරක් වශයෙන් පෙනුනේ වේගය නිසා, නැත්නම් ඇගිල්ල තිබුන තැන විතරයි වතුරේ ස්පර්ශ (පස්ස) වෙලා තියන්නෙ
ඒක ඉරක් වශයෙන් නම් කරන්න පුලුවන්ද ?
ඔබ නාමරූප පරියාය දැන හෝ නොදැන මේ සිතේ සිතුවිලි ඇති වන විදිය තේරුම් ගන්න,
සිත යම් සංඥාවක් ගන්න කොටම සිත එය බවට පත්වෙලා මිසක් ඒ සංඥාව අරන් ඊලග ක්ශණයේ මම කියන සංඥාව අරන් මම ඒ දේ දැක්කා කියන්න එපා,
ඒ දේ දැක්ක තැනම ඒ දේ සිත වශයෙන් දැක දැක යන්නා, ක්ශණයකදී මේ නිරෝධය දකීවී,
ඒ ක්ශණයේම තේරේවි මේ දකිනදේ සිත බවත් සිත කියන දේ පවා සකස් නොවන බවත්,
ඒ අනුව අපි කියනවා ශූණ්‍යයි කියලා, සකස් නොවන බැවින්, අර වතුරේ ඇදපු ඉර වගේ,
එහෙනම් මෙතන මේ විදියේ වේගයට සිහිය දියුණු වීමෙන් හෝ එන එන සිතුවිල්ල (සිතුවිල්ල කිව්වොත් සිතට එන අරමුණක් කියලා ගන්න එපා මේ සිතමයි සිතුවිල්ල වෙන්නෙත්)
මේ සංඥා එක්ක සිත වැඩ කරන විදිය තෝරා ගැනීමෙන් එක් ක්ශණයකදී නිරෝධය වීමෙන් නැවත සිත හැදෙන විදිය දැකීමෙන් පුද්ගල දෘෂ්ටිය 100%ක් නැති වෙනවා,
මරණ බය 100% ක් නැති වෙනවා මොකද පුද්ගල දෘෂ්ටිය නැති නිසා,
එතකොට අවට ලෝකයක සංඥාවක් ස්පර්ශ(පස්ස) නොවේ,
ස්පර්ශය නිරෝධ වීමෙන් වේදනාව නිරෝධයි,
එයින් තණ්හාවත්, තණ්හාවෙන් උපාදානයත් එම නිසා භවයත් ජාතියත් නිරෝධයි,
ඉන්පසු ක්‍රියා සිත් වශයෙන් විද්‍යා මූළික මනසක් ක්‍රියාත්මක වේ විශ්ව විඤ්ඤාණයක්, පරිපූර්ණ අවදිමත් බාවයක්.
රාග ද්වේශ මෝහ සකස් වීමක් ඉන් පසුව නොවේ.
දිට්ඨේ දිට්ඨ මත්තං සෘතේ සෘත මත්තං මෘතේ මෘත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං බැවින්, අවට ලෝකයක් සිතුවිලි ස්පර්ශයක් සිදු නොවේ,
පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඤාණ සකස් නොවේ, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපත්, නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණත් යන අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව සිදු නොවේ.
සංකාර සකස් නොව, අවිද්‍යාව අවසන් පටිච්චස්මුප්පාදය අවසන් භවය අවසන්,
මොහොතක නිරෝධය අත්දකින්න,
මහා මායාව මරා දමන්න,
සුද්ධ වූ ධනය රැගෙන චේත වනයට ඇතුල් වන්න,
විමුක්තියෙන් නිරාමිස වී අකාලික අවේදෙයිත නිවන තුල අජරාමරව සුව විදින්න....
🙏🙏🙏
ReplyDelete