පුනර්භවය භවයේ මරණයේ, මරණාසන්න චිත්ත වීථි ඇති වීම සිදුවනුයේ කර්මය, කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හේතුවෙනි. මේවා චක්කුද්වාරා වීථි, ශෝතද්වාරා වීථි, ඝානද්වාරා වීථි, ජිව්හාද්වාරා වීථි සහ කායද්වාරා වීථි ලෙස මනෝද්වාරයට, ද්වාර විය හැකිය. යම් ආරම්මණයක් ඉහත පස් වැදෑරුම් ද්වාරයක පිහිටීමෙන්, අතීත භවාංග, භවාංග චලන,භවාංගුප්පච්ඡේද, ආවේණික විඤ්ඤාණයක්, සම්පපටිජන්නය, සන්තීරණය සහ වොත්තපන යන සිත් ඉපදී නිරෝධ වීමෙන් ප්‍රතිසන්ධි සිතක් ඇති වී නැති වී භවාගපථනය සිදුවේ. මින් පසුව හට ගන්න ප්‍රතිසන්ධි චින්තය නව භවයකි, එය භවංග චිත්තය නොහොත් පභස්සර චිත්තය නම් වේ. කෙනෙක් මිය යෑමට පෙර නාමරූප ජායාව මව්කුසක සටහන් වීම සිදුවේ, නමුත් විඤ්ඤාණය එතැන නොපිහිටිය හොත් නාමරූප ජායාව ශේෂ නොවේ. අවසාන හිතේ අරමුණ නාමරූප ජායාව නම් වේ, ගති නිමිත්ත කියාද එය හදුන්වයි. නාමරූප ජායාවේ විඤ්ඤාණය පිහිටියත්, දරු ප්‍රසූතියට පෙර විඤ්ඤාණය බැහැරවූවොත් ගබ්සා වනු ඇත. ළමයෙක්ව පැවත, නාමරූප ජායාව මත පිහිටා ඇති. විඤ්ඤාණය බැහැර වීමෙන්, ළමා අවදියේදීම මරණය සිදුවනු ඇත. "ඒසේව හේතු, ඒස පචයෝ ඒස සමුදයෝ නාමරූපස්ස යදිදං විඤ්ඤාණං...