Skip to main content

Posts

ප්‍රභාශ්ව සිත සහ අරහත්

ප්‍රභාශ්ව සිත සහ අරහත්  ප්‍රශ්නය  :-  ස්වමීන්වහන්ස, පොඩි දරුවෙකුගෙයි රහතන් වහන්සේගෙයි වෙනස කුමක්ද ? පොඩි දරුවෙක් මැරණම ආපහු ඉපදෙන්නෙ කොහොමද ? පිළිතුර :- ඒක මෙහෙමයි,  ඉපදුණු ගමන් ළමයා මැරුණා කියන්න ඒ ළමයා මැරෙන චුති සිතේ උපාදානයක් වෙන්නෙ නෑ, මොකද තාම විඤ්ඤාණ ක්‍රියාවලිය ආරම්භ  වෙලා නෑනෙ,  එතකොට උපාදානය ගැන කතා කරන්න බෑ,  නමුත් අයුශ අවසන් වෙලා මැරෙන්න පුලුවන්  කර්මය අවසන් වෙලා මැරෙන්න පුලුවන්, ,  නමුත් මම කිව්වනේ කය කියන එක මම නෙවෙයි කියලා. මේක මෙහෙම බලන්න මෙතන කයක් හැදෙනවා කන බොන ඒ වෙන වැඩ ටික වෙනවා, ඇතිවෙනවා ( මම හිටියොත් උපදිනවා කියනවා),  විනාශයට පත්වෙනවා (මම හිටියොත් මැරෙනවා කියනවා) මේ සිද්ධිය අවිද්‍යාව ලෝකෙ සිද්ධ වෙනවා හේතු ඵලයට අනුව සදාකාලිකව, හරිද ,  මෙතන මම කියන විඤ්ඤාණ ක්‍රියාවලිය හැදෙන, ඒ ඒ ක්‍රියාවලිය සදාකල් සිද්ධ වෙනවා මක් නිසාද කියතොත්, පෘතග්ජන ස්වභාවයෙන් මිදෙන්න අවශ්‍ය දුක තේරුම් ගැනීම සඳහා,  චතුරාර්‍ය සත්‍ය ඇසෙන්න,  කොටින්ම කියනවනම් ...

මනෝ කය | වචී කය | චිත්ත කය

 මනෝ කය | වචී කය | චිත්ත කය නිරුද්ධ විය යුත්තේ සත්ව කයක් හදන විඤ්ඤාණය බව තේරුම් ගන්න විඤ්ඤාණය හදන සත්ව කය මනෝ රූපයක්.  සත්‍ය කය, ධාතු ස්වභාවයක් ඇසට කිසිදා දැකිය නොහැකි විඤ්ඤාණයට ගෝචර නොවන,  එසේ අනිත්‍ය විඤ්ඤාණයක් පහළවීමට පවතින සත්ව සන්තානයක් තිබිය යුතු බව තේරුම් ගන්න පවතින ධාතු සංකලණයක් තිබෙනවා,, ධාතු ධාතු ගැටීමේදී ඇතිවන ශබ්ද නිසා මනෝ රූප නිපදවීමෙන් ලෝකය සෑදෙනවා, හේතු ඵලව, ( මේ  භව ගමන පවා මම විස්තර කරලා තියනවා පෝස්ට් වල) අප්පතිට්ඨිත විඤ්ඤාණය සත්වයකු තුළ පවතින එකක්ද ? නැද්ද ? නෑ නෑ, අප්පටිච්චිත විඤ්ඤාණය කියන්නෙ සැබෑවටම පවතින ස්වභාවය, අප්පටිච්චිත විඤ්ඤාණය කිළිටි වීම තමයි පටිච්චිත විඤ්ඤාණය කියන්නෙ ,මේ විඤ්ඤාණය කියන්නෙ ස්වභාවයක් හැටියට දකින්න සුළග හැටියට ගන්න සුළග කවුරුවත් ඇති කරන එකක් නෙවෙයි නේ, නමුත් වෙන සිද්දියක් නේ, මෙතන ඉන්න පෘතග්ජනයගේ තත්වයෙන් බලන්න ඔහුට කයක් තියනවනේ ඔහුට මගේ කය කියලා අදහසක් තියනවනේ, එහෙම කෙනාටනෙ මෙතනින් ගැලවෙන්න ඕන,  දැනට ඔබට ගෝචර මට්ටමකට කතා කරමු පුංචි ළමයගේ ප්‍රභාශ්වර චිත්තය ගමු, මෙතන අපි කතා කරමු...

ද්විත්වය

ද්විත්වය අ භ්‍යන්තරය හා බාහිරය බාහිරය යනු ඇසට පේන එලියයි යන මතයෙන් බැහැර වන්න. බාහිරයේ සැබෑ ස්වබාවය මහාභූත ධාතු ස්වභාවයයි, එය ඇසට නොපෙනේ ස්පර්ශ කල නොහැක. ඒ කතා කරේ ඔබට ගෝචර නොවන බාහිරයයි, කෙනෙක් කියාවි මහා භූත කියන්නෙත් සංකල්පයක් එහෙම ස්වභාවයක් වත් මෙතන නෑ මෙතන කිසිවක් නෑ සියල්ලම සංකල්පයි කියලා. ඒ අය ඉන්නෙ කිසිවක් නැත කියන අන්තයක, නමුත් ඒ අයට ගෝචර මට්ටමෙන් හරි, මොකද මෙතන ඔබ බාහිරය කියලා දකින්නේම අභ්‍යන්තරයේ මැවෙන බාහිරයයි, මුලින් දැන ගන්න ඕන සැබෑ බාහිරය චක්කු ප්‍රසාදය ආසන්නයෙ අවසන් බව, ඔබ මලක් ඉස්සරහ හිටගෙන මල අදුනගන්නවා, ඔබ හිතනවා බාහිරයේ තිබෙන මලේ රූපය ඇහේ ප්‍රසාදයට/චක්කු ප්‍රසාදයට වැටුණා කියලා, නමුත් එය එසේ නොවේ, , ඔබ මලක් වශයෙන් යම් රූපයක් හදුනා ගත්තාට පසු මලේ රූපය චක්කු ප්‍රසාදයට වැටුණා, බාහිරයෙන් නෙවෙයි අභ්‍යන්තරයෙන්, මනෝ රූපීව, තව උදාහරණයක් ගමු මේක මට වුණ සිද්දියක් මේ වගේ සිද්ධි ඔබට දාස් ගාණක් වෙලා ඇති, මට කෙනෙක් කිව්වා ඇදුමක් මහන්න බෙල්ලෙ වට ප්‍රමාණය ඕන කියලා, මැනං එන්න කියලා නැත්නම් ටේප් එක ගේන්න කියලා, ටේප් එක තියනවා කිව්වා ආගන්තුක කුටියේ, ඉතිං ම...

විශ්වය සහ අවකාශය

විශ්වය සහ අවකාශය විශ්වය හිස් අවකාශයකි, එහි හිස් භාවය වැඩිවන විට ඒ හේතුවෙන් පීඩනයෙන් තෙරපුමෙන් දෝංකාරය ඇති වේ,  එයින් කම්පනයක් ඇති වේ, එය තරංගයක් බවට පත් වේ,,  තරංගයෙන් නාම ලෝකයක් සකස් වේ රූප ලෝකයක් සකස්  වේ, නාමරූප හේතුවෙන් විඤ්ඤාණයක් සකස් වේ, ඒ විඤ්ඤාණය හේතුවෙන් ඵල වශයෙන් නාමරූප සකස් වේ, නාමරූප හේතුවෙන් ඵල වශයෙන් විඤ්ඤාණය සකස් වේ,  අන්‍ය මන්‍ය ප්‍රත්‍යතාවය, හේතුඵල න්‍යාය. භාග්‍යවතුන් වහන්සේ කියනවා ලෝකය අනිත්‍යයි කියලා ඒ ඔබ ලෝකය කියලා හිතා ගෙන ඉන්න මනෝ මූලික මනෝමය ලෝකය, ඔබේ ලෝකය, නැතුව  එලියෙ තියන ලෝකය නෙවෙයි,,  එලියේ ලෝකයක් තියනවද ? නෑ එලියෙ තියන්නෙ විශ්වය එහෙනම් එලියේ තියන මහාභූත ලෝකය අනිත්‍යයි කිව්වෙ නෑ, ඔබේ ලෝකය අනිත්‍යයි කිව්ව්වා. චක්කුං අනිච්චා කිව්වා රූපං අනිච්චා කිව්වා චක්කුං උප්පජ්ජති රූපා අනිච්චා කිව්වේ නෑ, මොකද එහෙම කිව්ව නම් ඔබට නොපෙනෙන නමුත් පවතින මහාභූත ලෝකය අනිච්ච ලෙස ඔබ ගන්නා බැවින් හා එවිට බුදුන් විශ්වයට අත තැබුවා වෙනවා,  එසේ නොකර උන්වහන්සේ චක්කුං අනිච්චා කියලා මේ වැඩේ ඇසේ දිම ඉවර කර ගන්...

හටනොගත් මනස

හටනොගත් මනස විශ්වයේ පරම සත්‍යක් ඇත, එය අප්පතිට්ඨිත විඤ්ඤාණයකි.... ඒ විඤ්ඤාණය තුල අවිද්‍යාව නම් මායාව උප විඤ්ඤාණ සකසයි, එහි පුද්ගල දෘශ්ටියෙන් විඤ්ඤාණ කයක් සාදයි, එහි මස් කයක් සාදයි, උප විඤ්ඤාණය ලෙස නම් කරන්නෙ මායා විඤ්ඤාණයයි.. මම මේ උප විඤ්ඤාණයේ මායාව දැකීමට සකස් නොවන මනසක නිරෝධය අත් දැක්කේය,ඒ නිරෝධයෙන් පසු මට මනස මේ ලෝකය සියල්ලම ඇතිවීම තුළම නැතිවී යන සකස් නොවන ස්වභාවය නිසා ශූණ්‍ය බව වැටහුණි..ඒවාට රාග ද්වේශ මෝහ නැවතුණි, ඒවා සමග ගැටීමට ඇලීමට තියා මෙතනත් නැති එතනත් නැති ස්වභාවයක් මම යැයි දැක්ම අතුරුදහන් විය..කර්ම සකස් වීම අවසන් විය..භවය අවසන් විය... මෙය මනෝමුලික බව දැක සිටියෙමි. ඇහැට කිසි දෙයක් පෙනිලා නෑ, කනෙන් තමයි සියල්ල සකස් කර ගත්තෙ කියලා ඇහුණාම ඒක පැහැදිලියි වුණා. මොකද අපි පොඩි කාලෙ ගත්ත සියලුම හඩ වල් වැඩිහිටියන් අපිට දුන් සංඥා අනුව අපි දේවල් කනෙන් අරන් ,ඇහැට පෙනුනා කියලා හදා ගත්ත, නමුත් අද මා ඒ ඒ සියලු දේ හදුනා ගනිද්දී ඒ ඒ දේට ආවේනික ශබ්දයක් අර ගෙන ඒ ශබ්දය ඇසෙන විටම එයට අදාල මනෝ රූපය මනසේ මවා ගනී, එය රූපයක් බැවින් එය ඇසින් ගත්තා යැයි හැගෙමින් තිබුණත් එය එසේ නොවේයයි දැ...

මොහොතක නිරෝධය අත්දකින්න,

මොහොතක නිරෝධය අත්දකින්න , ඔබ ගන්න සෑම සිතුවිල්ලක්ම ඔබේ සිත වශයෙන් දකින්න ,ඒ සිත ද සකස් වන්නේ නැත, වතුරේ ඉරක් අදින්න ඇගිල්ලෙන්, අදින්න පටන් ගත්ත තැන සිටන් ඇගිල්ල යනවත් එක්කම වතුරේ ඇදපු ඉරත් මැකී ගෙන යනවා, එතකොට වතුරේ ඉරක් ඇන්දා කියන්න පුලුවන්ද, ඉරක් වශයෙන් පෙනුනේ වේගය නිසා, නැත්නම් ඇගිල්ල තිබුන තැන විතරයි වතුරේ ස්පර්ශ (පස්ස) වෙලා තියන්නෙ ඒක ඉරක් වශයෙන් නම් කරන්න පුලුවන්ද ? ඔබ නාමරූප පරියාය දැන හෝ නොදැන මේ සිතේ සිතුවිලි ඇති වන විදිය තේරුම් ගන්න, සිත යම් සංඥාවක් ගන්න කොටම සිත එය බවට පත්වෙලා මිසක් ඒ සංඥාව අරන් ඊලග ක්ශණයේ මම කියන සංඥාව අරන් මම ඒ දේ දැක්කා කියන්න එපා, ඒ දේ දැක්ක තැනම ඒ දේ සිත වශයෙන් දැක දැක යන්නා, ක්ශණයකදී මේ නිරෝධය දකීවී, ඒ ක්ශණයේම තේරේවි මේ දකිනදේ සිත බවත් සිත කියන දේ පවා සකස් නොවන බවත්, ඒ අනුව අපි කියනවා ශූණ්‍යයි කියලා, සකස් නොවන බැවින්, අර වතුරේ ඇදපු ඉර වගේ, එහෙනම් මෙතන මේ විදියේ වේගයට සිහිය දියුණු වීමෙන් හෝ එන එන සිතුවිල්ල (සිතුවිල්ල කිව්වොත් සිතට එන අරමුණක් කියලා ගන්න එපා මේ සිතමයි සිතුවිල්ල වෙන්නෙත්) මේ සංඥා එක්ක සිත වැඩ කරන විදිය තෝරා ...

ගනුදෙනු සහ ණය

ගනුදෙනු සහ ණය ඔබ යමක් ගත්තොත් එය දෙන්න නැවත උපදිනවා,  යමක් දුන්නොත් ගන්න නැවත උපදිනවා,  ඒ ඒ ඉපදෙන භව වල අර ගත්ත දේ දීලා යන්නෙ නැතුව ඔබ තව දේවල් ගන්නවා හෝ දෙනවා,  එතකොට  ඔබ ණය ගෙවන්නෙක් හෝ ණය ලබන්නෙක් බවට පත් වෙනවා තව දුරටත්.  ඔබ ගිහි ජීවිතයේ කරන්නට තව දුරටත් කිසිවක් නැතැයි සිතා පැවිදි වීමට සිතුවාද ?  ධර්මයේ සොයන්න කිසිවක් නැතැයි සිතා පැවිදි වීමට සිතුවාද ?  නමුත් ඒ දේ කරන්න යද්දී පවුලේ අයට තමාව අවශ්‍යයි හැගේද ?  පැවිදි වීම නිදහස අවහිර වීමක් ලෙස පෙනේද ?  පැවිදි වීමට සිතීම ආසාවක් වශයෙන් පෙනේද ?  පැවිදී වී ධර්ම මාරගයේ බර සැහැල්ලු කර ගැනීමට සිතුවාද ?  පැවිදිවී ධර්ම මාරගය අවසන් කිරීමට සිතේද ?.  ඔබ හට මට පවසන්න ඇත්තේ "නවතින්න" කියා ය.  අපි මිනිස්සුන්ට කියනවා සියල්ල අත හරින්නාට සියල්ල ලැබෙයි කියලා, මිනිස්සු කෑම බීම යාන වාහන රැකියා ව්‍යාපාර අතහරිනවා නිවන් ලබන්න,  අපි කියනවා නෑ ඔබ සියල්ල අත හැරිය යුත්තේ මනසින්‍ ය කියලා, ඉන් පසු ඔවුන් මනසින් අතහැර ඇතිබව පවසන මු...