Skip to main content

Posts

පුනර්භවය

පුනර්භවය භවයේ මරණයේ, මරණාසන්න චිත්ත වීථි ඇති වීම සිදුවනුයේ කර්මය, කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හේතුවෙනි. මේවා චක්කුද්වාරා වීථි, ශෝතද්වාරා වීථි, ඝානද්වාරා වීථි, ජිව්හාද්වාරා වීථි සහ කායද්වාරා වීථි ලෙස මනෝද්වාරයට, ද්වාර විය හැකිය. යම් ආරම්මණයක් ඉහත පස් වැදෑරුම් ද්වාරයක පිහිටීමෙන්, අතීත භවාංග, භවාංග චලන,භවාංගුප්පච්ඡේද, ආවේණික විඤ්ඤාණයක්, සම්පපටිජන්නය, සන්තීරණය සහ වොත්තපන යන සිත් ඉපදී නිරෝධ වීමෙන් ප්‍රතිසන්ධි සිතක් ඇති වී නැති වී භවාගපථනය සිදුවේ. මින් පසුව හට ගන්න ප්‍රතිසන්ධි චින්තය නව භවයකි, එය භවංග චිත්තය නොහොත් පභස්සර චිත්තය නම් වේ. කෙනෙක් මිය යෑමට පෙර නාමරූප ජායාව මව්කුසක සටහන් වීම සිදුවේ, නමුත් විඤ්ඤාණය එතැන නොපිහිටිය හොත් නාමරූප ජායාව ශේෂ නොවේ. අවසාන හිතේ අරමුණ නාමරූප ජායාව නම් වේ, ගති නිමිත්ත කියාද එය හදුන්වයි. නාමරූප ජායාවේ විඤ්ඤාණය පිහිටියත්, දරු ප්‍රසූතියට පෙර විඤ්ඤාණය බැහැරවූවොත් ගබ්සා වනු ඇත. ළමයෙක්ව පැවත, නාමරූප ජායාව මත පිහිටා ඇති. විඤ්ඤාණය බැහැර වීමෙන්, ළමා අවදියේදීම මරණය සිදුවනු ඇත. "ඒසේව හේතු, ඒස පචයෝ ඒස සමුදයෝ නාමරූපස්ස යදිදං විඤ්ඤාණං...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...

නෞකාවේ ප්‍රෙහේලිකාව

නෞකාවේ ප්‍රෙහේලිකාව             මම සත් සමුදුර විණිවිද දැක, ඒ මහා සමුදුරේ ගැඹුරුම තැන මාගේ නෞකාව පදවමින් සිටිමි, මේ නැව යනවා සේ පෙනුනද එය නැංගුරම් හතක් දමා නවතා ඇත. ඒ නැව වටා සය ආකාරයක, දහසක් උගුල් ඇත මේ නැවට ගොඩවීමට, මෙදෙසට පීනා, පසුව ලී කොටයක නැග, ඊලගට පාරුවක නැග, අවසානයේ ඔරුවක නැග පැමිණීම අත්‍යවශ්‍යය. බොහෝ ජනයා, මහා සාගරයට ඇති බියෙන්, මිරිගුවක් වූ ගොඩබිමක් සොයමින් ජලය සමග පොරබදමින් මරණය කරා යයි. තවත් ජනයා සාගරය දෙසට පිහිනමින් සමුදුරු තරණයට අවැසි ලී කොට, පාරු බෝට්ටු සොයයි. නෞකාවේ ආලෝකය දස දිසාවම ආලෝකමත් කරවන අතර, එය උපකාර කරගන්නා ජනයා, ලී කොට වලින්, පසුව පාරු වලින්, ඊට පසුව ඔරු සාදාගෙන නෞකාව දිශාවට පැමිණේ, කොපමණ ජනයා ඔරුවෙන් පැමිණ නෞකාවට ගොඩ වුණද, මේ නෞකාව සැමදා එක මගියෙකුගෙන් පමණක් සමන්විතය, ඒ මම ය. නැව පැදවීම විඩාවකි, නමුත් එය පෙරට වඩා සැහැල්ලුය. පිහිනන අයගෙන් කෙනෙක් ලී කොටයේ, පාරුවේ, ඔරුවේ නැගී යන අය අනුකරණයට ගොස්, ගැඹුරු මුහුද සොයා පිහිනා එන අතර, එහි ඇති නැව දැක ලං වෙන්නට තැත් කරයි, ලංවීමට මොවුන්ට අවසර නැත, ...

නිර්වාණය කෙටියෙන්

පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්ම උපාදානස්කන්දය හරහා එන දත්තයකි. ඈත දුරක සිට දිය ඇල්ලක් ‍දෙස බලා ...

ප්‍රභාශ්ව සිත සහ අරහත්

ප්‍රභාශ්ව සිත සහ අරහත්  ප්‍රශ්නය  :-  ස්වමීන්වහන්ස, පොඩි දරුවෙකුගෙයි රහතන් වහන්සේගෙයි වෙනස කුමක්ද ? පොඩි දරුවෙක් මැරණම ආපහු ඉපදෙන්නෙ කොහොමද ? පිළිතුර :- ඒක මෙහෙමයි,  ඉපදුණු ගමන් ළමයා මැරුණා කියන්න ඒ ළමයා මැරෙන චුති සිතේ උපාදානයක් වෙන්නෙ නෑ, මොකද තාම විඤ්ඤාණ ක්‍රියාවලිය ආරම්භ  වෙලා නෑනෙ,  එතකොට උපාදානය ගැන කතා කරන්න බෑ,  නමුත් අයුශ අවසන් වෙලා මැරෙන්න පුලුවන්  කර්මය අවසන් වෙලා මැරෙන්න පුලුවන්, ,  නමුත් මම කිව්වනේ කය කියන එක මම නෙවෙයි කියලා. මේක මෙහෙම බලන්න මෙතන කයක් හැදෙනවා කන බොන ඒ වෙන වැඩ ටික වෙනවා, ඇතිවෙනවා ( මම හිටියොත් උපදිනවා කියනවා),  විනාශයට පත්වෙනවා (මම හිටියොත් මැරෙනවා කියනවා) මේ සිද්ධිය අවිද්‍යාව ලෝකෙ සිද්ධ වෙනවා හේතු ඵලයට අනුව සදාකාලිකව, හරිද ,  මෙතන මම කියන විඤ්ඤාණ ක්‍රියාවලිය හැදෙන, ඒ ඒ ක්‍රියාවලිය සදාකල් සිද්ධ වෙනවා මක් නිසාද කියතොත්, පෘතග්ජන ස්වභාවයෙන් මිදෙන්න අවශ්‍ය දුක තේරුම් ගැනීම සඳහා,  චතුරාර්‍ය සත්‍ය ඇසෙන්න,  කොටින්ම කියනවනම් ...

මනෝ කය | වචී කය | චිත්ත කය

 මනෝ කය | වචී කය | චිත්ත කය නිරුද්ධ විය යුත්තේ සත්ව කයක් හදන විඤ්ඤාණය බව තේරුම් ගන්න විඤ්ඤාණය හදන සත්ව කය මනෝ රූපයක්.  සත්‍ය කය, ධාතු ස්වභාවයක් ඇසට කිසිදා දැකිය නොහැකි විඤ්ඤාණයට ගෝචර නොවන,  එසේ අනිත්‍ය විඤ්ඤාණයක් පහළවීමට පවතින සත්ව සන්තානයක් තිබිය යුතු බව තේරුම් ගන්න පවතින ධාතු සංකලණයක් තිබෙනවා,, ධාතු ධාතු ගැටීමේදී ඇතිවන ශබ්ද නිසා මනෝ රූප නිපදවීමෙන් ලෝකය සෑදෙනවා, හේතු ඵලව, ( මේ  භව ගමන පවා මම විස්තර කරලා තියනවා පෝස්ට් වල) අප්පතිට්ඨිත විඤ්ඤාණය සත්වයකු තුළ පවතින එකක්ද ? නැද්ද ? නෑ නෑ, අප්පටිච්චිත විඤ්ඤාණය කියන්නෙ සැබෑවටම පවතින ස්වභාවය, අප්පටිච්චිත විඤ්ඤාණය කිළිටි වීම තමයි පටිච්චිත විඤ්ඤාණය කියන්නෙ ,මේ විඤ්ඤාණය කියන්නෙ ස්වභාවයක් හැටියට දකින්න සුළග හැටියට ගන්න සුළග කවුරුවත් ඇති කරන එකක් නෙවෙයි නේ, නමුත් වෙන සිද්දියක් නේ, මෙතන ඉන්න පෘතග්ජනයගේ තත්වයෙන් බලන්න ඔහුට කයක් තියනවනේ ඔහුට මගේ කය කියලා අදහසක් තියනවනේ, එහෙම කෙනාටනෙ මෙතනින් ගැලවෙන්න ඕන,  දැනට ඔබට ගෝචර මට්ටමකට කතා කරමු පුංචි ළමයගේ ප්‍රභාශ්වර චිත්තය ගමු, මෙතන අපි කතා කරමු...

ද්විත්වය

ද්විත්වය අ භ්‍යන්තරය හා බාහිරය බාහිරය යනු ඇසට පේන එලියයි යන මතයෙන් බැහැර වන්න. බාහිරයේ සැබෑ ස්වබාවය මහාභූත ධාතු ස්වභාවයයි, එය ඇසට නොපෙනේ ස්පර්ශ කල නොහැක. ඒ කතා කරේ ඔබට ගෝචර නොවන බාහිරයයි, කෙනෙක් කියාවි මහා භූත කියන්නෙත් සංකල්පයක් එහෙම ස්වභාවයක් වත් මෙතන නෑ මෙතන කිසිවක් නෑ සියල්ලම සංකල්පයි කියලා. ඒ අය ඉන්නෙ කිසිවක් නැත කියන අන්තයක, නමුත් ඒ අයට ගෝචර මට්ටමෙන් හරි, මොකද මෙතන ඔබ බාහිරය කියලා දකින්නේම අභ්‍යන්තරයේ මැවෙන බාහිරයයි, මුලින් දැන ගන්න ඕන සැබෑ බාහිරය චක්කු ප්‍රසාදය ආසන්නයෙ අවසන් බව, ඔබ මලක් ඉස්සරහ හිටගෙන මල අදුනගන්නවා, ඔබ හිතනවා බාහිරයේ තිබෙන මලේ රූපය ඇහේ ප්‍රසාදයට/චක්කු ප්‍රසාදයට වැටුණා කියලා, නමුත් එය එසේ නොවේ, , ඔබ මලක් වශයෙන් යම් රූපයක් හදුනා ගත්තාට පසු මලේ රූපය චක්කු ප්‍රසාදයට වැටුණා, බාහිරයෙන් නෙවෙයි අභ්‍යන්තරයෙන්, මනෝ රූපීව, තව උදාහරණයක් ගමු මේක මට වුණ සිද්දියක් මේ වගේ සිද්ධි ඔබට දාස් ගාණක් වෙලා ඇති, මට කෙනෙක් කිව්වා ඇදුමක් මහන්න බෙල්ලෙ වට ප්‍රමාණය ඕන කියලා, මැනං එන්න කියලා නැත්නම් ටේප් එක ගේන්න කියලා, ටේප් එක තියනවා කිව්වා ආගන්තුක කුටියේ, ඉතිං ම...