Skip to main content

Posts

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

නාමය නැතුව රූපය, රූපය නැතුව නාමය හට ගන්නවද ?

අවිද්‍යා පච්චයා  චක්කුංච සංකාර  පටිච්ච රූපේච (රූපාරම්මනය) සංකාර පච්චයා නාම - රූප උප්පජ්ජති චක්කු විඤ්ඤාණං  විඤ්ඤාණ තිණ්ණං සංගති චක්කුසංපස්සෝ,  සළායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා,  පස්ස පච්චයා වේදනා යං වේදේති තං සඤ්ජානාති,  වේදනා පච්චයා තණ්හා යං සඤ්ජානාති තං විතක්කේති,  තණ්හා පච්චයා උපාදාන යං විතක්කේති තං පපඤ්චේති,  උපාදාන පච්චයා භවෝ යං පපඤ්චේති තතෝ නිධානං පුරිසං  භව පච්චයා ජාති පපඤ්ච සඤ්ඤා සංඛා සමුදාචරන්තීති, අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු ජාති පච්චයා දුක්ඛා ඇස රූපය වෙන්කර හඳුනා ගැනීමෙන් එතැන සළායතන සංකල්පය හට ගනු ඇත, එය ඇස කන නාසය දිව කන මන යන සංකල්පයන්ගෙන් එකකි, ස්පර්ශය සකස් වීමට ඇස සකස් විය යුතුමයි. පලමුවෙන්ම කියන චක්කුංච පටිච්ච කියන තැන ඇස සකස් වෙලා තිබුනනේ ද ? නෑ,  ඒ නාම රූප ජායාව ගෝචරවන ඇහැ නොවන ස්වභාවය,  විඤ්ඤාණයෙන් පසුයි ඇස සකස් වෙන්නේ. විඤ්ඤාණය කියන්නෙ විජානාති නොහොත් වෙන්කර හඳුනා ගැනීම, මොකද්ද වෙකර හඳුනා ගන්නෙ ? ඇස සහ රූපය. කුඩා ළමයට පෙනෙනෙ නාමරූප ජායාව කියන එක පෙනෙන තැන ඇස නෑ, එතන තියන්නෙ අනූශය කෙලෙස්...

පුනර්භවය

පුනර්භවය භවයේ මරණයේ, මරණාසන්න චිත්ත වීථි ඇති වීම සිදුවනුයේ කර්මය, කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හේතුවෙනි. මේවා චක්කුද්වාරා වීථි, ශෝතද්වාරා වීථි, ඝානද්වාරා වීථි, ජිව්හාද්වාරා වීථි සහ කායද්වාරා වීථි ලෙස මනෝද්වාරයට, ද්වාර විය හැකිය. යම් ආරම්මණයක් ඉහත පස් වැදෑරුම් ද්වාරයක පිහිටීමෙන්, අතීත භවාංග, භවාංග චලන,භවාංගුප්පච්ඡේද, ආවේණික විඤ්ඤාණයක්, සම්පපටිජන්නය, සන්තීරණය සහ වොත්තපන යන සිත් ඉපදී නිරෝධ වීමෙන් ප්‍රතිසන්ධි සිතක් ඇති වී නැති වී භවාගපථනය සිදුවේ. මින් පසුව හට ගන්න ප්‍රතිසන්ධි චින්තය නව භවයකි, එය භවංග චිත්තය නොහොත් පභස්සර චිත්තය නම් වේ. කෙනෙක් මිය යෑමට පෙර නාමරූප ජායාව මව්කුසක සටහන් වීම සිදුවේ, නමුත් විඤ්ඤාණය එතැන නොපිහිටිය හොත් නාමරූප ජායාව ශේෂ නොවේ. අවසාන හිතේ අරමුණ නාමරූප ජායාව නම් වේ, ගති නිමිත්ත කියාද එය හදුන්වයි. නාමරූප ජායාවේ විඤ්ඤාණය පිහිටියත්, දරු ප්‍රසූතියට පෙර විඤ්ඤාණය බැහැරවූවොත් ගබ්සා වනු ඇත. ළමයෙක්ව පැවත, නාමරූප ජායාව මත පිහිටා ඇති. විඤ්ඤාණය බැහැර වීමෙන්, ළමා අවදියේදීම මරණය සිදුවනු ඇත. "ඒසේව හේතු, ඒස පචයෝ ඒස සමුදයෝ නාමරූපස්ස යදිදං විඤ්ඤාණං...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...

නෞකාවේ ප්‍රෙහේලිකාව

නෞකාවේ ප්‍රෙහේලිකාව             මම සත් සමුදුර විණිවිද දැක, ඒ මහා සමුදුරේ ගැඹුරුම තැන මාගේ නෞකාව පදවමින් සිටිමි, මේ නැව යනවා සේ පෙනුනද එය නැංගුරම් හතක් දමා නවතා ඇත. ඒ නැව වටා සය ආකාරයක, දහසක් උගුල් ඇත මේ නැවට ගොඩවීමට, මෙදෙසට පීනා, පසුව ලී කොටයක නැග, ඊලගට පාරුවක නැග, අවසානයේ ඔරුවක නැග පැමිණීම අත්‍යවශ්‍යය. බොහෝ ජනයා, මහා සාගරයට ඇති බියෙන්, මිරිගුවක් වූ ගොඩබිමක් සොයමින් ජලය සමග පොරබදමින් මරණය කරා යයි. තවත් ජනයා සාගරය දෙසට පිහිනමින් සමුදුරු තරණයට අවැසි ලී කොට, පාරු බෝට්ටු සොයයි. නෞකාවේ ආලෝකය දස දිසාවම ආලෝකමත් කරවන අතර, එය උපකාර කරගන්නා ජනයා, ලී කොට වලින්, පසුව පාරු වලින්, ඊට පසුව ඔරු සාදාගෙන නෞකාව දිශාවට පැමිණේ, කොපමණ ජනයා ඔරුවෙන් පැමිණ නෞකාවට ගොඩ වුණද, මේ නෞකාව සැමදා එක මගියෙකුගෙන් පමණක් සමන්විතය, ඒ මම ය. නැව පැදවීම විඩාවකි, නමුත් එය පෙරට වඩා සැහැල්ලුය. පිහිනන අයගෙන් කෙනෙක් ලී කොටයේ, පාරුවේ, ඔරුවේ නැගී යන අය අනුකරණයට ගොස්, ගැඹුරු මුහුද සොයා පිහිනා එන අතර, එහි ඇති නැව දැක ලං වෙන්නට තැත් කරයි, ලංවීමට මොවුන්ට අවසර නැත, ...

නිර්වාණය කෙටියෙන්

පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්ම උපාදානස්කන්දය හරහා එන දත්තයකි. ඈත දුරක සිට දිය ඇල්ලක් ‍දෙස බලා ...

ප්‍රභාශ්ව සිත සහ අරහත්

ප්‍රභාශ්ව සිත සහ අරහත්  ප්‍රශ්නය  :-  ස්වමීන්වහන්ස, පොඩි දරුවෙකුගෙයි රහතන් වහන්සේගෙයි වෙනස කුමක්ද ? පොඩි දරුවෙක් මැරණම ආපහු ඉපදෙන්නෙ කොහොමද ? පිළිතුර :- ඒක මෙහෙමයි,  ඉපදුණු ගමන් ළමයා මැරුණා කියන්න ඒ ළමයා මැරෙන චුති සිතේ උපාදානයක් වෙන්නෙ නෑ, මොකද තාම විඤ්ඤාණ ක්‍රියාවලිය ආරම්භ  වෙලා නෑනෙ,  එතකොට උපාදානය ගැන කතා කරන්න බෑ,  නමුත් අයුශ අවසන් වෙලා මැරෙන්න පුලුවන්  කර්මය අවසන් වෙලා මැරෙන්න පුලුවන්, ,  නමුත් මම කිව්වනේ කය කියන එක මම නෙවෙයි කියලා. මේක මෙහෙම බලන්න මෙතන කයක් හැදෙනවා කන බොන ඒ වෙන වැඩ ටික වෙනවා, ඇතිවෙනවා ( මම හිටියොත් උපදිනවා කියනවා),  විනාශයට පත්වෙනවා (මම හිටියොත් මැරෙනවා කියනවා) මේ සිද්ධිය අවිද්‍යාව ලෝකෙ සිද්ධ වෙනවා හේතු ඵලයට අනුව සදාකාලිකව, හරිද ,  මෙතන මම කියන විඤ්ඤාණ ක්‍රියාවලිය හැදෙන, ඒ ඒ ක්‍රියාවලිය සදාකල් සිද්ධ වෙනවා මක් නිසාද කියතොත්, පෘතග්ජන ස්වභාවයෙන් මිදෙන්න අවශ්‍ය දුක තේරුම් ගැනීම සඳහා,  චතුරාර්‍ය සත්‍ය ඇසෙන්න,  කොටින්ම කියනවනම් ...