භාග්‍යවතුන් වදාරණවා,
‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය.
‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.
මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.
ඇණ සමූහයම ඉතිරිවිය
දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි.
“මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,
සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,
යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,
ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,
කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,
බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,
කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,
ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු කළයුතු යයි සිතයිද, එවැනි භික්ෂූහු අනාගත කාලයෙහි වන්නාහුය.”
ඉතිං ඒ වගේ දෙයක් තමයි, අද වෙලා තියන්නෙ බුදුන් වහන්සේ අල්ප වශයෙන්වත් වර්ණනා නොකරපු ජීවිතය භවය, සතුටින් පවත්වාගෙන යන මාර්ග භාවනා විධි ගොඩක් අද රට තුල, සමාජය තුළ, ලෝකය තුළ තියනවා.
දවසට විනාඩි 8ක් භාවනා කරන්න, මුළු ලෝකයම ජය ගන්න ඔබට පුලුවන් ය. කිය කිය කොයිතරම් භාවනා ක්‍රම අද ලෝකයේ තියනවද, විනාඩි 8 කෑලි නැතුව දවසට පැයක් භාවනා කරා නම් ජය ගන්න ලෝකයත් නැති වෙන්න ඉඩ තිබුණා.
ප්‍රසාද මට්ටම් 5ක් තියනවනේ,
චක්කු ඇස
සෝත කණ
ඝාන නාසය
ජිව්හා දිව
කාය කය
දැන් මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන
රූප
ශබ්ධ
ගන්ධ
රස
පොට්ඨබ්බ
කියලා 5ක් තියනව,
මේවා පුරාණ කර්මාණු රූපී ඉන්ද්‍රියන් සහ ඒවායේ සකස් වීම්.
ඇයි පුරාණ කර්ම කිව්වේ. හොඳින් තේරුම් ගන්න.
පටිච්ච සමුප්පාද ක්‍රියාවළිය ආරම්භ වන තැන මුලින් හඳුනා ගත්තොත් වැටහේවි.
මම මෙහෙම කියන්නම්, මේවා තේරුම් ගන්න අපහසු නම් මේව හිතලු කියලා හිතෙනවනම් වහාම බැහැර කරලා සතුටින් ඉන්න, මොකද මේ මම කියන භාගුවතුන් හොයා ගත්තා කියන මාර්ගයෙ කිසිම සතුටක් නෑ 100%
මේ මාර්ගයට බැස්සොත් ලෞකික ජීවිතය උඩු යටිකුරු වෙනවා, දුකම උරුම වෙනවා, මොහොතක හෝ සතුටක් ජීවිතය තුළ නොදකිනවා, ඒක නිසා හොඳින් තීරණය කර මාර්ගයට බැසීම සුදුසුයි.
අපි බලමු,
ලෝක සමූදය වෙන ආකාරයක් තියනවනේ ඒක තමයි අනුලෝම පටිච්ච සමුප්පාදය කියන්නේ.
ලෝකය නිරෝධ වෙන ආකාරයක් තියනවනේ ඒක තමයි පටිලෝම පටිච්ච සමුප්පාදය කියන්නේ.
යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔවුන් ධර්මය දකී
ඉමස්මිං සති ඉදං හෝති
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
ඉමස්මිං අසති ඉදං න හෝති
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති
මෙය ඇති කල්හි මෙය ඇති වේ.
මෙය හට ගැනීමෙන් මෙය හට ගනී.
මෙය නැති කල්හි මෙය ඇති නොවේ.
මෙය නැති වීමෙන් මෙය නැති වේ.
දැන් හිතන්න අවිද්‍යාවෙන් සියල්ලම ආරම්භ වනවා නම් අවිද්‍යාව කියන්නෙ චතුරාර්‍ය සත්‍ය නොදැනීම නම් අවිද්‍යාව පිරිසිඳ බැලීම සිදු කරන්නේ කෙසේද කියලා
අවිද්‍යා පච්චයා සංකාරා
පුඤ්ඤාභි සංකාර
අපුඤ්ඤාභි සංකාර
ආනෙඤ්ඤාභි සංකාර
එහෙම නේ ?
ඒ සකස් වීම හේතුවෙන් විඤ්ඤාණය ද
විඤ්ඤාණය හේතුවෙන් නාමරූපය ද
ඔන්න ඔයාකාරයෙන් සකස් වීම සිදු වෙනවා ඔය අනුලෝම පටිච්ච සමුපාදය නේ,
එතකොට පටිලෝම පටිච්ච සමුප්පාදයෙ
අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධෝ යනාදී වශයෙන් තියනවනේ හරි අවිද්‍යාව අවසන් වෙන්න කොහොමද ?
අවිද්‍යාව අවසන් වීමට නම් විද්‍යාව පහල විය යුතුයි.
අවිද්‍යාව කියන්නෙ චතුරාර්‍ය සත්‍ය නොදැනීම නම්,
විද්‍යාව කියන්නේ චතුරාර්‍ය සත්‍ය දැනගැනීම නම්,
දුකත්
දුක හට ගැනීමත්
දුක නැති වීමත්
දුක නැතිවීමේ මාර්ගයත්
දැන ගැනීමමයි
දුක නැති වීමේ මාර්ගය අවසානයට තියන්නෙ ඊට කලින් ඇතිවීමත් නැති වීමත් දකින්න කියන්නේ
ඇති වීම නැති වීම දකින්න ගියාම තමයි අපිට ඔය මධු පිණ්ඩික සූත්‍ර, පටිච්ච සමුප්පාදය, කාම ගුණ සූත්‍රය, මාලුක්ඛපුත්ත වගේ සූත්‍ර හම්බ වෙන්නෙ.
දුක කියන්නේ අවසානයේ පංච උපාදානස්කන්ධය නම් පංචස් කන්ධය රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නම් ඒ පහ උපාදානය එහෙම නැත්නම් මත තදින් බැස ගැනීම අල්ලා ගැනීම පංච උපාදානස්කන්ධය නම්.
එසේ පංචස්කන්ධය උපාදානය වීමට යම් ආකාර උත්තේජන ක්‍රියාවලියක් වෙන්න ඕන,
ඔබ හිතන්න යම් රූපයක්, වින්දනය වෙලා, ඒ ඔස්සේ සංඥාවක් සක්ස්වීම ඔස්සේ විඤ්ඤාණය සකස් වීමට කියනවා පංචස්කන්ධය කියලා ඒ පංචස්කන්ධය නැවත් පංචස්කන්ධයක් සකස් කිරීම සදහා උපාදානයක් කරනවනම් ඒකට කියනවා පංච උපාදානස්කන්ධය සකස් වුනා කියල
සෑම ආරම්මණයක් සමගම ඇස කන නාසය දිව කය කියන ප්‍රසාද මට්ටම් වලට ගෝචර වීමට රූප ශබ්ධ ගන්ධ සහ පොට්ඨබ්බ කියන අංග 5 සකස් වෙනවා.
යම් ප්‍රසාදයක් සමග ගැටෙනා නාම මාත්‍රික රූපයක් අවසානයේ පරිපූර්ණ වූ ලෝකයක් සකස් කර ගන්නවනේ, මේ ලෝකය නාමරූප ලෝකයක්, ඒ ලෝකයට බැඳීමක් වේ නම්, දැන් බැඳීම කිව්වම මේ බැදීම ආකාර තුනකින් සිදුවිය හැකියි හොද බැඳීම, නරක බැඳීම එහෙම නැත්නම් ගැටීම කියන්න පුලුවන් ඒකට, අවසානයට මේ පරිපූර්ණ වූ රූපය හැඳිනීමම බැඳීමක් මයි.
ඔය බැඳීම උපාදානයක්, ඔය උපාදානය වුනේ මොකටද නාමරූප ලෝකයකට. ඒ නාමරූප ලෝකය මොකද්ද ඵලය.
යම් ඵලයක් මත බැඳීමක් උපාදානයක් වේ නම් ඒ ඵලයම මොකද්ද වෙන්නේ හේතුවක්, මොකටද ඊළඟ ඵලය සකස් කර ගැනීමට.
එහෙනම් හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා, ඒ ඵලය නිසා හේතුවක් ඇති වෙනව, ඇයි අපි කියන්නෙ නැත්තේ ඒ ඵලය නිසා තවත් හේතුවක් හැදෙනවා.කියලා, තවත් කියන වචනය.
මොකද මේ මොහොතක තියන්නෙ එක ක්‍රියාවළියක් විතරයි, එතකොට A හේතුවෙන් B සෑදෙයිද, B අනාගත C සෑදීමට හේතු වෙයිද, A ගෙවී අවසන් ය. C තවම පැමිණ නැත්නම්, B පමණයි මේ මොහොතේ ප්‍රකට වෙලා තියන්නෙ.
එහෙනම් ප්‍රශ්ණය B සමග පමණයි විසඳ ගන්න වෙලා තියන්නෙ.
B දුකත්, B නම් දුකේ හට ගැනීමත්, B නම් දුකේ අවසානයත්, B නම් දුක අවසාන කරන මාර්ගයත් යන හතර මාර්ගය හොඳින් අධ්‍යනය කරන්න ඕන.
ගොඩක් අයට හිතෙන් දෙයක් මම පැහැදිලි කරලා දෙන්නම්,
ඇස ද නිසා රූපය ද උපදිනවා ඇසේ විඤ්ඤාණය කියන කොට විතක්ක වෙලා ප්‍රපංච වෙලා හෝ සංජානාති කියන තැනදිම , බොහෝ පිරිස් හිතනවා, ඒ හැඳිනීම කරන්නේ මනායතනයෙන්, මනෝ විඤ්ඤාණයෙන් කියලා.
වැරදියි.
චක්කු විඤ්ඤාණය කියන්නෙම අතනට හඳුනා ගැනීමේ හැකීයාවක් තියනවා, චක්කු සම්පස්සය කියන්නේ වෙන ස්පර්ශයක් නෙවෙයි චක්කු සම්පස්සයමයි, ඊලඟට කියන චක්කු සම්පස්සජා වේදනාව, ඒකත් ඇහැට සහ රූපයට නිසාවෙන් සකස් වෙන වේදනාවක්,
එතකොට මේ චක්කු විඤ්ඤාණය කිව්වම, චක්කුව කියන branch එකෙන්ම ඒ හැඳිනීම සිදු කරනවා, නමුත්.
පංච ඉන්ද්‍රිය ගැන අපි කතා කරානේ. සලායතන ගැනත් කතා කරමු.
අපි එක් ප්‍රසාධයකට ප්‍රකට බව එක රූපයක් නිසා විඤ්ඤාණයෙන් ඒක හැඳිනීමෙන් සම්පූර්ණ නිර්මාණය වෙලා අතීත අනාගත පච්චුප්පන්නේසු ව්හක්කු විඤ්ඤාසු රූපය වෙනවා නේද.
ඒ වෙන පාර දිගට, සංජානාති, විතක්කේති පපංචේති කියන තැන් වලදි, බැංකුවකින් අපි කාඩ් වලින් ගෙවීම් කරන කොට සියයට ගානකයම් ප්‍රතිශතයක් අය කර ගන්නවා වගේ.
මෙතනත් බද්දක් ගහනවා, ඒ ගහන්නේ මනෝ විඤ්ඤාණය.
හැබැයි මෙහ්‍ර්මයි තිබුණ මනෝ විඤ්ඤාණයක් නෙවෙයි මේ බදු මුදල් රූප සටහන් ගඩා කර ගන්නේ, අර කිව්ව අය කිටීම අනිවාර්‍යය්‍ර්න් සිදුවන එක නියතයක් ඒ සිදුවන අය කිරීම් ගබඩා කර ගන්න තමයි මේ ආයතනය හැදෙන්නේ.
ඔන්න හොඳින් අහගන්න, සාරි පුත්ත මහා කොට්ඨිත මහා සාකච්ජාව තුල අපිට තේරුනා නේද.
විඤ්ඤාණය කියන්නේ දැනගැනීමක් ය ඒ දැන ගැනීම වෙන්නෙ සුඛ දුඛ අදුක්ඛම සුඛ අකාර වලින් එකකින්ය කියලා.
එසේනම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති තණ්ණං සඟති ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා කියන්නේ,
ඔරිජිනල් මෙතන වෙන කොටස පුරාණ කර්මයට අනුව සිදුවන ක්‍රියාව නව කර්මානුරූපි අත පෙවීමක් නැතුව,
වෙනත් විදියකට කියනවනම්, නියත අතිශයින්ම වර්ථමානය, ඔය බොහෝ ගුරුවරු එන්න කිය කිය පවසන වර්තමානය.
තාම මේ අභ්‍යන්තරික සහ බාහිර රූප ප්‍රවාහය හේතු වුනේ නෑ මනෝ විඤ්ඤාණය නිර්මාණය කරන්න.
නමුත්, යං වේදේති තං සංජානාති කියන කොට අර නියත ඔරිජිනල් පෙර කර්ම ලෝකය උපයෝගී කර ගනිමින්,
පලමු වෙනස් කිරීම සිදු කරමින් නව ආරම්මණයක්, මුළික ස්වභාවය හේතු කරගෙන.... මේ පුද්ගලයා සාදා ගන්නවා. අන්න ඒකෙ නව නිර්මාණ කොටස තියනවා නේද අන්න ඒක තමයි බද්ද ,
මේ තැන විතර්කය, ඊළඟට ප්‍රපංචය වෙන කොට ඒ වැඩි වෙන සෑම අලංකරණ කොටසක්ම තැන්පත් වීමට තමයි මනෝ විඤ්ඤාණය සකස් වෙන්නේ.
ඉතිං මේ මනෝ විඤ්ඤාණය, මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජතිකියන කොට මනට පටිච්ච වන ධම්ම තාවය ස්වයංභූතව සකස් වන්නක්,
නමුත් කෙනෙක්ට සෑම ආයතනයක්ම ප්‍රසාධ මට්ටමින් ආරම්භ වෙනවාය ඒ ප්‍රසාධ මට්ටමින් මේ මනේන්ද්‍රියත් පැහැදිලි කරගන්න ඕනෑමය කියලා හිතෙනවනම්,
ඔවුන්ට හෘධය රූපය අභිධර්මයේ සදහන් කරනවා ලේධතුව මත තිබෙන ඔපයක් හැටියට, සෑම ප්‍රසාදයක්ම ඔපයක් තමයි ඒ කියන්නෙ ඔප දැමූ පෘශ්ඨයක් මතින් සිදුවන ප්‍රතිබිම්භය තමයි විඤ්ඤාණ ක්‍රියාවලියට හෙතු වෙන්නෙ,
තර්කය එසේ නම්, හෘදය රූපය ප්‍රසාධ මට්ටමිනුත් එතකොට ඒක අභ්‍යන්තර ආයතනය වෙනවනේ. බාහිර ආයතනය හැටියට ලේ ධාතුවත් වටහා ගන්න පුලුවන්,
මගේ පෙර දේශණාවක මතකය ගබඩා වන තැනක් සහ ඒ පිළිබද විග්‍රහයක් සිදු කරා ඒකට අනුව වටහා ගැනීමට තමයි මේක කිව්වේ කොහොම හරි, අන්න ඒ ආකරයෙන් ප්‍රසාද රූප 6ත් ඊට ගෝචර වන රූප 6ත් හඳුනා ගන්න.
අනිත් එක මේ සෑම විඤ්ඤාණ කියන වචනයක් ඉස්සරහි චක්කු සෝත ඝාන ජිව්හා වගේ වචනයක් තියනවා කියන්නෙ ඒවා ර්කිනෙක ට අවේනික ස්වෛරී ආයතන ඒක නිසා ඒවා මේවා පටල ගන්න එපා,
අනිත් එක ඇස කන නාසය දිව මන කියන පහ බොහෝ අයට පැහැදිලි වුනාට, මගෙන් බොහෝ දෙනා අහන ප්‍රශ්ණයක් තමයි ස්වාමීන්වහන්ස කය සහ පොට්ඨබ්බය පැහැදිලි නැත, පහදා දෙන්න කියලා.
මම මෙහෙම කියන්නම් , ඉරියව්ව අනුව කය හඳුනා ගන්න,
ඇසට රූපයක් පේනව කුරුල්ලෙක්, ඒ කුරුල්ල ඊයෙත් ආපු කපුටා බවට අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤේසු රූපය වෙනවනේ අවසානයේ.
ඒ වගේ අපි වාඩි වෙලා ඉන්නවා, කය නිසා හට ගන්නවා වේදනාවක් ඒ වේදනාව හට ගන්නෙ ඇයි කයංච පටිච්ච පොට්ටබ්බේසු, ඇයි ඒ සිටිනා ඉරියව්ව අනුව එහෙම නැත්නම් අතට වැටෙනව උණුවතුර ටිකක්, සම පිච්චෙනවා වේදනාව දැනෙනවා,
සුඛ දුඛ අදුක්ඛම සුඛාකාරයෙන් කයට, සමට
දැන් සමට කියලා කියන්නෙ නැත්තේ ස්නායු වලට දැනෙන නිසා ස්නායු සේරම මොළයට සම්භන්ද වෙලා තියන නිසා කය කියන වචනය වඩා ප්‍රායෝගිකයි සම කියනවට වඩා.
අඥාණය හිතන්න පුලුවන් මෙහෙම කොහොමද දන්නවද ඔන්න මදුරුවෙක් කනවා, වේදනාව දැනෙනව, ඒ දැනෙන වේදනාව මනංච පටිච්ච ධම්මේසු කියලා.
දැන් හොදින් අපි පැහැදිලි කරා ආයතන තුල බල්ටි ගහන්න යන්න එපාය කියලා. එහෙම වේදනාව අරන් වෙන ආයතනයකට පැන්නොත්.
වේදනාව හඳුනා ගන්න මට්ටම තෙක් අඥාණයා ඉන්නෙ කායංච පටිච්ච පොට්ඨබ්බේච, මගඳි පැනලා මනං ච පටිච්ච ධම්මේච. එකට.
මේකේ අගට ගිහිල්ලත් නෑ, අරකේ මුල ඉඳලත් නෑ. සේරම අවුල්. මුලින් ආයතන හය නිවැරදිව හඳුනා ගන්න.
හොඳයි ඊළඟට අපි පොඩ්ඩක් බලමු භාග්‍යවතුන් ඇයි වදාලේ මෝහය අවසන් කරන්නා අනාගාමී වනවාය ආර්‍ය වනවාය කියා නොකිව්වේ කියලා.
පටිච්ච සමුප්පාදය කියන්නෙ සත්වයාගේ ලෝකය සකස් වීම ඒක පටන් ගන්නේ අවිද්‍යාවෙන් අවසන් වෙන්නෙ දුකින්.
නමුත් සූත්‍රයක් තියනවා
පභස්සර මිදං භික්ඛවෙ චිත්තං– තංචකෝ ආගන්තුකේහි උපකිළිස්සේහි උපකිළිට්ඨං
මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එය ද වනාහි, ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වන්නේ ය.”
මේ ප්‍රභාශ්වර චිත්තය නමින් භාග්‍යවතුන් හඳුන්වන්නෙ චිත්ත වීතියේ භවාංග චිත්තයට,
දැන් මේ භවාංග චිත්තය කරන්නෙ පුරාණ භවය මේ භවයට ගැට ගැසීමට උල්පන්දම් දීමනේ.
මේ භවාංග චිත්තය හරිම පාරිශුද්ධයි ඒ කියන්නෙ ඉතාම ඔපමත්.
යම් ඉතාම ඔපවත් දෙයක් තියනවනම් එක කරන්නෙ ලඟ තියන රූප ඒකට ඇද ගන්න එකනේ
රූප ශබ්ද ගන්ධ යනාධී සියලූම ජායාවන් මේ ඔපයෙන් ඇද ගන්නවා.
ඉතිං පභස්සර මිදං භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි ක්ලේශයන්ගෙන් කිළිටි වෙනවා කියන්නෙ ,
මෙහෙම ලොකු ඔපයක් තිබුනත් නිතර දෙවේලේ ජායාවන් වැටිලා වැටිලා ටික කලකින් මේකේ ඔප ගතිය නැති වෙනවා,
ඇත්තටම ප්‍රසාධ මට්ටමින් ලෝක දැකිල්ල කෙමෙන් අඩුවෙලා අවසානේ අපි කියන්නෙ මනෝ ලෝකයක ඉන්නවා කියලා ඒ මේ නිසා.
හිතන්න අපි යමක් මුළින් දකිද්ද ඒ පිළිබඳ බොහෝ දුරට උපකල්පන හොද හෝ නරක නැතුව ඒ දේ දකිනවා අහනවා පස්සෙ ඇහෙන මාත්‍රයෙන්ම කණ්ණාඩි දාගෙනම නේද බලන්නේ, ඒ ඔපය නැති වුන නිසා.
ඇත්තටම පොඩි කාලේ අපි සමපෝශ කෑවා දැන් කෑවට ඒ රස් අනෑ කියනවා කට්ටිය එක එක දේවල් ඔය වගේ තියනව නේ, ඇත්තටම සමපෝශ වලත් රස අඩු ඇති නමුත් බොහෝ විට අපි දන්නො වැඩි නිසා රස ඒ රස වශය්‍ර්න්ම දැනෙන්නෙ නෑ, ඇයි ඔපය කිළුටු වෙලා නිසා කිළිටි රූපයක්මයි ගන්නේ.
එහෙම බැලුවම අපි මේ අහුවෙලා ඉන්න මායා ලෝකය ඇත්තටම මනංච පටිච්ච ධම්මේසු මායා ලෝකයක් වැඩි ප්‍රතිශතයකින්.
ඉතිං දැන් මේ වගේ ලෝකයක අරම්භය අවිද්‍යාවෙන් නම් අවසානය දුක නම් කොහේද ගැලවිල්ලක්,
අන්න එතකොට තමයි අපට විඤ්ඤාණ පච්චයා නාම රූප සහ නාම රූප පච්චයා විඤ්ඤාණ කියන අන්‍යමන්‍ය ප්‍රත්‍යතාවය,
නලකලාප සුත්‍රානුසාරයෙන් දකින්න ඕන වෙන්නෙ.
මොකද එතන පෙන්නලා තියනවා දරුණුම ගැටයක්.
විඤ්ඤාණය නාම රූප ප්‍රත්‍යයෙන් හට ගනීය
නාමරූපය විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හට ගනීය
මධුපිණ්ඩික සූත්‍රය මම මෙතන කියන්න යන්නෙ නෑ, මගේ දේශණා සියල්ලම තියන්නෙ ඒ සූත්‍රය මූළික කරගෙන නිසා,
නමුත් අන්‍ය මන්‍ය ප්‍රත්‍ය තේරුම් ගැණීමට, කොටසක් විතරක් ගමු.
සංඥාවත් විතර්කයත් ප්‍රපංචයත් යම් ආරම්මණයක් හේතු කර ගෙන සිද්ධ වුනා නම්,
ඒ සංඥාවත් විතර්කයත් ප්‍රපංචයත් යනා කාරයෙන් ආරම්මණයක් වර්ණ ගැන්වුනා නම් ඒ පරිපූර්ණ වර්ණ ගැන්වූ රූපයේ සටහණක් අශෘතවත් පෘත්ග්ජනයාගේ පතිට්ඨිත විඤ්ඤාණය. විසින් ඉදිරියට ගෙන යෑම සිදු කරනවා.
ඒ ඉදිරියට ගෙන යන රූපය බල ගැන්වීමට විඤ්ඤාණයක පතිත වීම සිදුවිය යුතුය.
උදාහරණයක් ගමු,
භවාංග චිත්තය ඔපයක් වශයෙන් තම ඔපයට ප්‍රකට වන රූප චායාවන් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හැඳින ගනී.
හැඳින ගැනීම සිද්ධ වෙන්නේ සුඛ දුඛ අදුක්ඛම සුකාකාරයකින්, ඒ හඳුන ගන්න දේ, වඩා වර්ණ ගැන්වීම පෙර පරිදිම කරනවා කියන්නෙ.
විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපයක් සකස් වෙලා, ඒ නාමරූපයේ දළ සටහණකින් මේ විඤ්ඤාණය සකස් කරා, පස්සේ මේ විඤ්ඤාණයෙන් නැවත නාමරූපය ගොඩ නගනවා. ඒක මත් නැවත විඤ්ඤාණය පතිත වෙනවා.
ඔන්න ඔහොම වෙනවා නොනවත්වාම.
නමුත් විඤ්ඤාණය ප්‍රභාශ්වර මට්ටමේදී හට ගන්න හේතුවෙන්නේ නාම රූප ජායාව විතරයි, එතකොට මේ චායා මට්ට්මේ සළායතන සංකල්පයක් තාම නෑ.
එහෙනම් බාහිර ආයතන සංකල්පයක් තාම නෑ.
එහෙනම් අභ්‍යන්තර ආයතන සංකල්පයක් තාම නෑ
අභ්‍යන්තරයක් බාහිරයක් නැත්නම් මධ්‍යයකුත් නෑ
එහෙනම් මොකද්ද තියන්නේ.
නාමරූප විඤ්ඤාණ, විඤ්ඤාණ නාමරූප අතර දෝළණයක් චලනයක් තියනවා.
අන්න ඒ චලනය නොහඳුනන්නා, ගේ ලෝකය ආරම්භ වීම සිදුවෙනවා අවිද්‍යාව සමග
දැන් අවිද්‍යාවෙන් යමක් ආරම්භ වුනා නම් අවසාන වෙන්නෙ දුකෙන් නේ අනිවාර්‍යයෙන්ම.
එහෙනම් අවිද්‍යාවේ සිට දුක දක්වා මාර්ගය මේ ලෝකයේ සකස්වීම පිළිබඳ ප්‍රශ්ණයක්.
ප්‍රශ්ණයේ ඉඳගෙන උත්තර හොයන්න බෑ, ප්‍රශ්ණයෙන් පිට පනින්න ඕන ,
ප්‍රශ්ණයෙන් පිට පනිනවා කියන්නේ. අවිද්‍යාවට හේතුව සොයන්න ඕන,
අවිද්‍යාවට හේතු විශය වන්නෙ යම් ආකාරයක සකස් වීමක්,
සකස් වීම් 3ක් තියනවනේ කායා සකස් වීම, වචී සකස් වීම සහ මනෝ සකස් වීම
මේවාඅ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙඤ්ඤාජාභි කියලා තියනවා ඒව පසුව කතා කරමු.
කාය වචි මනෝ පමණක් දැන් කතා කරමු.
නාමරූප පච්චයා විඤ්ඤාණ - විඤ්ඤාණ පච්චයා නාමරූප කියන තැන විඤ්ඤාණ දැන ගැනීම විජානාති කියලා අපි දන්නවා,
නාම රූප මොනවද බලමු පොඩ්ඩක්. නාම ධර්ම යටතේ වේදනා සංඥා චේතනා ඵස්ස මනසිකාර සහ රූප ධර්ම යටත් පඨවි ආපෝ තේජෝ වායෝ තියනවා.
යම් වින්දනයක් නිසා අන්වර්ථ සංඥාවක් මවා ගෙන, ඒ මවා ගත් රූපයෙන් චේතනාවක් සකස් කරගෙන (චේතනාවක් කියන්නේ බැස ගැනීමට තැනක් එහෙම නැත්නම් හොඳින් සිටගෙන සිටීමට තැනක්), ඒ තැන ස්පර්ශ වුනාම ඒ ඔස්සේ මෙනෙහිකිරීම තමයි නාම ධර්ම.
මේ නාම ධර්ම ක්‍රියාත්මක වෙන්නෙ රූප ධර්මයක් සමග, පඨවි ගතිය වැඩි අපෝ තේජෝ වායෝ ගතිය අඩු සංකලණයක් ක්‍රියාත්මක වීමේදී, තද ගතිය ප්‍රකට වන වේදනාව් සංඥාව චේතනාව ඵස්සය මනසිකාරය වගේ සෑම ධාතු අඩු වැඩි සංකළණ ක්‍රියාවකදිම නාම රූපයන් විවිධ හැඩයන් ගන්නවා.
ඒ ගන්න සෑම හැඩයක්ම හැඳිනීමට විඤ්ඤාණය එහිම හට ගන්නවා පෙර පසු නොවීම.
ඒ හටගෙන හඳුනා ගන්න විඤ්ඤාණයෙන් නව නාම රූපයක් හට ගන්නවා.
ඔන්න ඔයාකාරයෙන් සෙමින් සෙමින් ප්‍රභාශ්වර, භවාංග සිත කිළිටි වෙනවා.
කෙසේ හෝ මේ නාම රූපයක් නිසා විඤ්ඤාණයක් සකස් වීමකදී හෝ විඤ්ඤාණයක් නිසා නාම රූපයක් සකස් වීමකදී සම්පූර්ණ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිදු වෙනවා,
නමුත් ඊට කළින් මේ අන්‍ය මන්‍ය ස්වභාවය සහිත විඤ්ඤාණය සහ නාමරූපය විඤ්ඤාණ ජායා නාමරූප ජායා මට්ටමින් පැහැදිලිව වටහා ගෙන රාමු කර තබා ගැනීම වැදගත්, ඒ මොකද මීට වඩා බොරුවෙන් සම්පිණ්ඩනය වූ නාමරූපයක් විඤ්ඤාණයක් තියනවා පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට පසු ප්‍රකට වන, ඒක ඔස්සේ තමයි පසු පසට පැමිණීම සිදු කරන්න ඕන .
දැනට මේක මෙතනින් නවත්වමු, මොකද අසන්නාගේ සිහිය විකල් නොවෙන්නත් මගේ සිහිය මොට වීමටත් හේතු වෙන්න ඉඩ තියනවා මෙහෙම දිගටම කියන් ගියොත් ඒක නිසා, නව දත්ත සමග මෙතන ඉඳන් මතු සම්භන්ද කරමු මේ මහා ධර්ම පරියාය.
මේ ධර්ම සාගරය විශාලයි, මේ ගහන ගහන රැල්ල සමග එන ටික ටික ධර්ම රැළි තේරුම් ගමු නැත්නම් ධර්ම සාගරයේ ගිලිලා අතරමං වෙන්න පුලුවන්.
මුහුදු පත්ල දකින්න යගදා පාරවල් හතරක් ගහන්න ඇවිල්ල මුහුදට පනින එකේ තේරුමක් නෑ. මුහුදු පත්ල දකින්න කලින් මැරිලා යාවි.
එහෙමනම් මනුස්ස භවයක් ඉන්ද්‍රිය පරිපූර්ණත්වයක් බුද්ධ කාලෙක ලැබෙන්නේ ගැලවෙන්න පමණයි නොපමාව ධර්ම මාර්ගයට බහින්න.
ඊළඟ කොටසින් හමුවෙමු.
සබ්බෙ භගවතො පුත්තා, පලාපෙත්ථ න විජ්ජති;
තණ්හා සල්ලස්ස හන්තාරං, වන්දෙ ආදිච්ච බන්ධුන’’න්ති
www.youtube.com/@abhashitha
excellent explanation 👌
ReplyDelete