Skip to main content

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?


~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා. 

ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින්

සක් කාය දිට්ඨි
විචිකිච්චා
සීලබ්බත පරාමාස

කාමච්ජන්ද
ව්‍යාපාද

රූප රාග 
අරූප රාග

මාන 
උද්ධච්ච
අවිද්‍යා

සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව. 

ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද
හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද 
හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්.

පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා.

පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හේතුවද ඵලයද වෙන වෙනම හඳුනා ගන්නවා.

මධු පිණ්ඩික සූත්‍රය පවා ද එසේම ය.

නමුත් අද මාතෘකාව ලෙස කතා කරන 

" විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? " 

යන පැනය හේතු කරගෙන දස සංයෝජන ධර්මයන් පටිලෝමව දැකීම තුළින් ස්වයං බුද්ධිය ඔස්සේ දර්ශණය, දැණුම මට්ටමින් හෝ පුද්ගලයාට වටහා දීමට සිතුවෙමි.

ආර්‍ය ඵල සාක්ශාත් කරන්නා වූ ආර්‍ය තොමෝ මාන උද්දච්ච සහ අවිද්‍යා යන ත්‍රිත්වය අවසන් කරයි. 

මේ තුනත් පටිලෝමව ගත් කල අවිද්‍යා උද්ධච්ච සහ මානය අවසන් කරන බව ඔබ අසා ඇති.

පටිච්ච සමුප්පාදය අවසන් වන පුරුක ගත් කල සේම දස සංයෝජනයේ අවසානය ගත් කලද අවිද්‍යාව සමස්ථයටම හේතුව බව පුද්ගලයා වටහා ගත යුතුය. 

සාරිපුත්ත සහ මහා කොට්ඨිත ආර්‍යයන් වහන්සේලාගේ සංවාදයෙන් අවිද්‍යාවට හේතුව වන විඤ්ඤාණ සහ නාම රූප අතර ගැටය දළ වශයෙන් හො දැන ගැනීම අපට පහසුවක් වුවද, ආර්‍ය ඵල ලාබී වන තෙක් මේ ගැටය 100% නිවැරදිව පුද්ගලයා නොම හඳුනා ගනියි.

චුති සිතෙහි සිදුවන උපාදානය හෝ හඳුනා ගැනීමේ අල්පමාත්‍ර වූ හෝ ස්වභාවය නිසා මේ භවයේ චක්කු ප්‍රසාදයත් චක්කු ප්‍රසාදයේ ගැටීමට අවශ්‍ය වර්ණයත් සකස් වීම ස්වාභාවික ලෝක විශයයි. මේ දෙපාර්ශවයම පඨවි ආපෝ තේජෝ සහ වායෝ වල සංකලනයන් බව දැන ගත යුතුය.

අවිද්‍යාව මූළික හේතුව ලෙස නම් කල ද අවිද්‍යාව යනු නාම රූප සහ විඤ්ඤාණ අතර අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව නොදන්න බව පුද්ගලයා සිහියේ තබා ගත යුතුය. 

එසේනම් විඤ්ඤාණය යනු විජානාති නම් හඳුනා ගැනීම/වෙන්කර හඳුනා ගැනීම නම් විඤ්ඤාණය ක්‍රියාත්මක වීමට නාම රූපයක අවශ්‍යතාවයක් වේ. 

නාම ධර්ම පහක් සහ රූප ධර්ම හතරක් ලෙස ධර්මයේ සඳහන් වේ.

( ගෝතම සූත්‍රය සං. නි 02 )

නාම ධර්ම_

වේදනා සංඥා චේතන ඵස්ස සහ මනසිකාර

රූප ධර්ම_

පඨවි ආපෝ තේජෝ සහ වායෝ

නාම කයේ වේදනා සංඥා චේතනා යන ත්‍රිත්වය ඵස්සය හේතුවෙන් සකස් වන බව වටහා ගත යුතුයි.

මධු පිණ්ඩික සුත්‍රය වනාහී නාම රූපය සම්පූර්ණව සකස් වීමත් ඒ සකස් වන නාම රූපය මත විඤ්ඤාණය පතිත වීමත් යන ක්‍රියාවලිය සහ ඒ අතර මැද නාම රූප සම්පූර්ණය කොටස් වශයෙන් කඩා පෙන්වන සමීකරණයක් බඳු විස්තරයකි.

චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං 
තිණ්ණං සංගති ඵස්සෝ.

චක්කුව 
රූපය
චක්කු විඤ්ඤාණය 

යන ත්‍රිත්වය යම් තැනක වේද එයම ස්පර්ශයයි/ඵස්සයයි.

නාම ධර්මයන්හි වේදනා සංඥා චේතනා සකස් වීමට හේතු වන්නේ ඵස්සයයි. 

ඵස්සය හේතුවෙන් වේදනාවත් සංඥාවත් විතක්කයත් ප්‍රපංචයත් සැකසෙන බව මධුපිණ්ඩික සූත්‍රයෙන් ඔබ දන්නා කරුණකි. 

ප්‍රපංචය නම් අතීත අනාගත වර්ථමානයට ප්‍රකට වන්නට සම්පූර්න කර ගන්නා වූ රූප සටහනම නාම රූපය බවට මෙනෙහි කර ගැනීමම චේතනාවයි.

මේ චේතනාවම තමයි කර්මය වෙන්නෙ. මීළඟ භවයට චක්කු ප්‍රසාදයත් වර්ණ සටහණත් නිර්මාණයට.

බීජයක් තියනවා 
සරු පොළොවක් තියනවා

නමුත් තුන් ලෝකේ කොහේ හෝ පැලයක් තවම තිබෙනවාද

නමුත් පැලය පැල වෙලා කාලයකට පසු හිතුවොත් මම පැලය වෙන්න කලින් කොහේද හිටියේ බීජයේද නැත්නම් සරු පොළොවෙ ද කියලා, 

ප්‍රශ්ණය ඔට්ටුද ?

පැලය බීජය ගැන හෝ සරු පොළව ගැන හිතද්දිම හිතන්නේ original පැලයවත් original සරු පොළවවත් නොදැන නිසා ප්‍රශ්ණය duplicate එකක් ප්‍රශ්ණය original වීමට නම් බීජ මට්ටමේන් යමි සිතුවිල්ල්ක් සහ සරු පොළව මට්ටමින් යම් සිතුවිල්ලක් දැක තිබිය යුතුයි.

එසේ කිරීමට නම් ශුණ්‍යතාවය මොහොත සාක්ශාත් කල යුතුයි.

ශුණ්‍යතාවයට යන්නා සරු පොළොවත් 
ශුණ්‍යතාවයෙන් එන්නා බීජයත් තත් ආකාරයෙන්ම දකී.

එකල ඔහුට ඇසීමට ප්‍රශ්ණයක් ද නැති වේ. 

පැල මට්ටමේ සිටින්නා සොයන බීජයත්, සරු පොළොවත්, 

පැලය කියන මට්ටමේදී තුන් ලෝකයේම නොපිහිටයි. එසේනම් පැල මට්ටමට ප්‍රකට කර ගත හැකි බීජයක් වත් සරු පොළොවක්වත් නැත.

එවැනි සංකල්පයක් සෙවීම පවා නිශ්ඵලයකි.

පැලය නිසා බීජයත් සරු පොළොවත් මේ මොහොතේ වලංගු වී ඇත. ඒ ද මේ මොහොත තුළ පමනි.

මේ මොහොතෙන් පරි බාහිර අතීතය හෝ අනාගතය සෙවීම  හෙට දවස ගැන හෝ ඊයේ දවස ගැන අද මේ දැන් ප්ලෑන් කරනවා වගේ මහා සරදමකි.

අවිද්‍යාව
උද්ධච්චය
මානය

මානය කියන්නේ මැනීම යන අර්ථයෙන් මැනීම කියන්නෙ මම මෙතන මිසක් මම එතන නොවේය. යන දැණුම. ඒ දෙය එතන මිසක් මෙතන මම නොවේය කියන එක.

මම මෙතන නම් අරක අතන නම් ඒ දෙක අතර දුරක් ඇත. දෙකම එකම තැනක සකස් වන්නක් නොව දෙකකි යන අනාවබෝධයෙන් ඒකේ සිට මේකටත්, මේකේ සිට ඒකටත් දුරක් සකස් වේ. ඒ දුර තරණය කිරීමට කාලය සංකල්පය හට ගනී. මේ සියල්ල මැනීම නිසාවෙන් සේම

මැනීම උද්දච්චය නිසාවෙනි.

උද්ධච්චය යනු නීවරණ ධර්මයක් වන සිතේ නොසන්සුන් කමයි එහේ මෙහේ දුවන ගතියයි. 

එයට හේතුව අවිද්‍යාව නම් සිත සකස් වීමම මායාවක් බව නොහැඳිනීමයි.

Comments

  1. 🙏🙏🙏

    ReplyDelete
  2. 🙏🙏🙏

    ReplyDelete
  3. මං මුලාවුවන්ට මුලාවෙන් මිදිමට නිවරදි මඟ පෙනවන පරම සත්‍යයට අපව අවදි කරවන උතුම් ධර්මයට අපගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

    ReplyDelete
    Replies
    1. 🙏🙏🙏 උතුම් බුද්ධ ධර්මය බොහෝ දෙනාට විවර වේවා

      Delete
  4. මං මුලාවුවන්ට මුලාවෙන් මිදිමට නිවරදි මඟ පෙනවන පරම සත්‍යයට අපව අවදි කරවන උතුම් ධර්මයට අපගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...