අවිද්‍යා පච්චයා
චක්කුංච
සංකාර
පටිච්ච රූපේච (රූපාරම්මනය)
සංකාර පච්චයා නාම - රූප
උප්පජ්ජති චක්කු විඤ්ඤාණං
විඤ්ඤාණ
තිණ්ණං සංගති චක්කුසංපස්සෝ,
සළායතන පච්චයා පස්සෝ
පස්ස පච්චයා වේදනා,
පස්ස පච්චයා වේදනා
යං වේදේති තං සඤ්ජානාති,
වේදනා පච්චයා තණ්හා
යං සඤ්ජානාති තං විතක්කේති,
තණ්හා පච්චයා උපාදාන
යං විතක්කේති තං පපඤ්චේති,
උපාදාන පච්චයා භවෝ
යං පපඤ්චේති තතෝ නිධානං පුරිසං
භව පච්චයා ජාති
පපඤ්ච සඤ්ඤා සංඛා සමුදාචරන්තීති, අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු
ජාති පච්චයා දුක්ඛා
ඇස රූපය වෙන්කර හඳුනා ගැනීමෙන් එතැන සළායතන සංකල්පය හට ගනු ඇත, එය ඇස කන නාසය දිව කන මන යන සංකල්පයන්ගෙන් එකකි,
ස්පර්ශය සකස් වීමට ඇස සකස් විය යුතුමයි.
පලමුවෙන්ම කියන චක්කුංච පටිච්ච කියන තැන ඇස සකස් වෙලා තිබුනනේ ද ?
නෑ,
ඒ නාම රූප ජායාව ගෝචරවන ඇහැ නොවන ස්වභාවය,
විඤ්ඤාණයෙන් පසුයි ඇස සකස් වෙන්නේ.
විඤ්ඤාණය කියන්නෙ විජානාති නොහොත් වෙන්කර හඳුනා ගැනීම,
මොකද්ද වෙකර හඳුනා ගන්නෙ ? ඇස සහ රූපය.
කුඩා ළමයට පෙනෙනෙ නාමරූප ජායාව කියන එක පෙනෙන තැන ඇස නෑ, එතන තියන්නෙ අනූශය කෙලෙස්
.නාමය නැතුව රූපය හට ගන්නවද ?
රූපය නැතුව නාමය හට ගන්නවද ?
ඉහත සූත්‍රයේ චක්කුංච පටිච්ච රූපේච කියන තැන, රූපය හට ගන්නෙ නාමය නැතුව, රූපාරම්මනය
ඒ රූපය පුරාණ කෙලෙස්, භවාංග සිතට ගෝචර නාමරූප ජායාව නමින් හදුන්වන ස්වභාවය,
රූපය කියන්නෙ පඨවි ආපෝ තේජෝ වායෝ,
ඒක ඇසට පේන්නෙ නෑ, නමුත් ධාතු ඝට්ඨනය වෙනවා, චක්කු ධාතුව,සතර මහාභූත ධතු සමග ගැටෙනවා, හඳුනා ගැනීමක් නෑ, ධාතු ඝට්ඨනයක් නිසා, ධතු ඝට්ටනයේන් නාමය සකස් වෙනවා නමුත් ප්‍රඥ්ඥප්තීන් නැත්නම් නාමයක් නෑ,
මම කිව්වොත් Posiden කියලා ඒ වචනයට ඔබට රූප නෑ නේද ශබ්ධ ධාතු සෝත ධාතුවේ ඝට්ටණය වුනා, නමුත් දෙන්න ප්‍රඥ්ඥප්තීන් නෑ, ඒක නිසා posiden කියන මුහුදට අධිපති ග්‍රීක දෙවියන්ගේ රූපය ඔබට මැවෙන්නෙ නෑ..
ඒ පෙන්නුවෙ රූපය නැතුව නාමයත්, නාමය නැතුව රූපයත් එන අවස්ථා දෙකක්,
නාමය ආවම රූපය සමගම, විඤ්ඤණයෙන් වෙන්කර හඳුනා ගැනීම සිදුවෙනවා,
ජාතිය නේ උප්පත්තිය, කර්ම විපාකයක්
කුසල විපාකය / අකුසල විපාකය
කෙනෙක් මැරිලා සිංහයෙක් වෙලා උපදිනවා, සිංහ ජාතියේ ලක්ශණයක් තමයි මස් වලට ප්‍රිය බව, තණකොළ වලට අප්‍රිය බව
ප්‍රිය අප්‍රිය ස්වභාවය ඒ ජාතියට උරුම දෙයක්, සිංහයාට ජීවිතේට තණකොළ ප්‍රිය කරවන්න පුලුවන්ද බෑ, හැබැයි.සිංහ ජාතියෙත් තියන්න පුලුවන් ඌරු මස් වලට වැඩි ආසවක් තියන හෝ මුව මස් වලට වැඩි ආසවක් තියන ස්වභාව
ඒ වගේම මිනිස් ජාතියෙත් ඉන්නවා මස් වලට වැඩි ආසාවක් තියන අය, ඒ වගේම එළවලු වලට වැඩි ආසාවක් තියන අය.
ඒ අනුව මේ පෙන්වා දෙන්නේ, උපතේ දීම / භවාංග චිත්තයේදීම ගෙනෙන ස්වභාවය වටහා ගැන්මට යමක්,
මොකද මේ ධර්මය තේරුම් ගැනීමට වඩන්න කිසිවක් කීමට නොහැකියි, හරි මාර්ගය අවබෝද කර ගැනීමට තමන් ඉන්නා වැරදි මත, වැරදියි කියලා තේරුම් ගන්න ඕන,
එසේ තේරුම් ගැනීම සඳහා යම් කලෙක වඩන්නට යමක් කිව හැකියි, එය යම් කිසි භාවනාවක් හෝ ධ්‍යානයක් විය හැකියි, නමුත් ඒ කෙළවර ඇත්තේ අරුපධ්‍යාන ස්වභාවයක් පමණයි.
එහෙනම් ඔබ කල යුත්තේ ඔබ ඉන්න මාර්ගය හරි දැයි ප්‍රශ්ණ කිරීම, කුමක් හෝ අවුලක් තියනවනම්
මේ කියලා තියන කතාව ඔබට තේරෙනවනම් කතාව සම්පූර්ණ කරන්න....
Comment වල ලියන්න

විශ්මය ජනකයි.ඇහෙන ,පෙනෙන ,දැනෙන දේවල් ලෝකය හදන අපූර්ව .හදන්න දෙයක් නෑ හිතලා හදන්නෙත්නෑ.ඉබේම හැදිලා නැතිවෙලා යනවා .
ReplyDeleteමට නම් තේරෙන්නේ අපට තියෙන්නෙ නාම රුප වායවෙන්ම නතර කර ගැනිමයි කරන්න තියෙන්නෙ එත් අමරුයි සිහිය දියුනු කරන්න ඕනෑ
ReplyDeleteඇස, රූපය වෙන් කර හඳුනා ගැනීමට පෙර ,නාම රූප ජායා මට්ටමෙිදීම ගැටය ලිහා ගැනීමට නමි සිහිය "තියුනු"කර ගන්න ඔිනි.
ReplyDeleteඑවිටයි මේ "දැනීම" , "දැකීමක්"වන්නේ. එහෙමයි මට තේරෙන්නේ..
Intelligent monk that I met. But I am a fool yet.😔
ReplyDeleteමාර්ගය අවබෝද කර ගැනීමට තමන් ඉන්නා වැරදි මත, වැරදියි කියලා තේරුම් ගන්න ඕන, Absolutely correct ♥️
ReplyDelete