Skip to main content

නාමය නැතුව රූපය, රූපය නැතුව නාමය හට ගන්නවද ?






අවිද්‍යා පච්චයා 


චක්කුංච

සංකාර 


පටිච්ච රූපේච (රූපාරම්මනය)

සංකාර පච්චයා නාම - රූප


උප්පජ්ජති චක්කු විඤ්ඤාණං 

විඤ්ඤාණ


තිණ්ණං සංගති චක්කුසංපස්සෝ, 

සළායතන පච්චයා පස්සෝ


පස්ස පච්චයා වේදනා, 

පස්ස පච්චයා වේදනා


යං වේදේති තං සඤ්ජානාති, 

වේදනා පච්චයා තණ්හා


යං සඤ්ජානාති තං විතක්කේති, 

තණ්හා පච්චයා උපාදාන


යං විතක්කේති තං පපඤ්චේති, 

උපාදාන පච්චයා භවෝ


යං පපඤ්චේති තතෝ නිධානං පුරිසං 

භව පච්චයා ජාති


පපඤ්ච සඤ්ඤා සංඛා සමුදාචරන්තීති, අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු

ජාති පච්චයා දුක්ඛා


ඇස රූපය වෙන්කර හඳුනා ගැනීමෙන් එතැන සළායතන සංකල්පය හට ගනු ඇත, එය ඇස කන නාසය දිව කන මන යන සංකල්පයන්ගෙන් එකකි,


ස්පර්ශය සකස් වීමට ඇස සකස් විය යුතුමයි.


පලමුවෙන්ම කියන චක්කුංච පටිච්ච කියන තැන ඇස සකස් වෙලා තිබුනනේ ද ?


නෑ, 

ඒ නාම රූප ජායාව ගෝචරවන ඇහැ නොවන ස්වභාවය, 

විඤ්ඤාණයෙන් පසුයි ඇස සකස් වෙන්නේ.

විඤ්ඤාණය කියන්නෙ විජානාති නොහොත් වෙන්කර හඳුනා ගැනීම,

මොකද්ද වෙකර හඳුනා ගන්නෙ ? ඇස සහ රූපය.


කුඩා ළමයට පෙනෙනෙ නාමරූප ජායාව කියන එක පෙනෙන තැන ඇස නෑ, එතන තියන්නෙ අනූශය කෙලෙස්


.නාමය නැතුව රූපය හට ගන්නවද ?

 රූපය නැතුව නාමය හට ගන්නවද ?


ඉහත සූත්‍රයේ  චක්කුංච පටිච්ච රූපේච  කියන තැන, රූපය හට ගන්නෙ නාමය නැතුව, රූපාරම්මනය


ඒ රූපය පුරාණ කෙලෙස්, භවාංග සිතට ගෝචර නාමරූප ජායාව නමින් හදුන්වන ස්වභාවය,


රූපය කියන්නෙ පඨවි ආපෝ තේජෝ වායෝ,


ඒක ඇසට පේන්නෙ නෑ, නමුත් ධාතු ඝට්ඨනය වෙනවා, චක්කු ධාතුව,සතර මහාභූත ධතු සමග ගැටෙනවා, හඳුනා ගැනීමක් නෑ, ධාතු ඝට්ඨනයක් නිසා, ධතු ඝට්ටනයේන් නාමය සකස් වෙනවා නමුත් ප්‍රඥ්ඥප්තීන් නැත්නම් නාමයක් නෑ, 


මම කිව්වොත් Posiden කියලා ඒ වචනයට ඔබට රූප නෑ නේද ශබ්ධ ධාතු සෝත ධාතුවේ ඝට්ටණය වුනා, නමුත් දෙන්න ප්‍රඥ්ඥප්තීන් නෑ, ඒක නිසා posiden කියන මුහුදට අධිපති ග්‍රීක දෙවියන්ගේ රූපය ඔබට මැවෙන්නෙ නෑ..


ඒ පෙන්නුවෙ රූපය නැතුව නාමයත්, නාමය නැතුව රූපයත් එන අවස්ථා දෙකක්,


නාමය ආවම රූපය සමගම,  විඤ්ඤණයෙන් වෙන්කර හඳුනා ගැනීම සිදුවෙනවා, 


ජාතිය නේ උප්පත්තිය, කර්ම විපාකයක්


කුසල විපාකය / අකුසල විපාකය


කෙනෙක් මැරිලා සිංහයෙක් වෙලා උපදිනවා, සිංහ ජාතියේ ලක්ශණයක් තමයි මස් වලට ප්‍රිය බව, තණකොළ වලට අප්‍රිය බව 


ප්‍රිය අප්‍රිය ස්වභාවය ඒ ජාතියට උරුම දෙයක්, සිංහයාට ජීවිතේට තණකොළ ප්‍රිය කරවන්න පුලුවන්ද බෑ, හැබැයි.සිංහ ජාතියෙත් තියන්න පුලුවන් ඌරු මස් වලට වැඩි ආසවක් තියන හෝ මුව මස් වලට වැඩි ආසවක් තියන ස්වභාව


ඒ වගේම මිනිස් ජාතියෙත් ඉන්නවා මස් වලට වැඩි ආසාවක් තියන අය, ඒ වගේම එළවලු වලට වැඩි ආසාවක් තියන අය.


ඒ අනුව මේ පෙන්වා දෙන්නේ, උපතේ දීම / භවාංග චිත්තයේදීම ගෙනෙන ස්වභාවය වටහා ගැන්මට යමක්, 


මොකද මේ ධර්මය තේරුම් ගැනීමට වඩන්න කිසිවක් කීමට නොහැකියි, හරි මාර්ගය අවබෝද කර ගැනීමට තමන් ඉන්නා වැරදි මත, වැරදියි කියලා තේරුම් ගන්න ඕන,


එසේ තේරුම් ගැනීම සඳහා යම් කලෙක වඩන්නට යමක් කිව හැකියි, එය යම් කිසි භාවනාවක් හෝ ධ්‍යානයක් විය හැකියි, නමුත් ඒ කෙළවර ඇත්තේ අරුපධ්‍යාන ස්වභාවයක් පමණයි.


එහෙනම් ඔබ කල යුත්තේ ඔබ ඉන්න මාර්ගය හරි දැයි ප්‍රශ්ණ කිරීම, කුමක් හෝ අවුලක් තියනවනම්


මේ කියලා තියන කතාව ඔබට තේරෙනවනම් කතාව සම්පූර්ණ කරන්න....


Comment වල ලියන්න


Comments

  1. විශ්මය ජනකයි.ඇහෙන ,පෙනෙන ,දැනෙන දේවල් ලෝකය හදන අපූර්ව .හදන්න දෙයක් නෑ හිතලා හදන්නෙත්නෑ.ඉබේම හැදිලා නැතිවෙලා යනවා .

    ReplyDelete
  2. මට නම් තේරෙන්නේ අපට තියෙන්නෙ නාම රුප වායවෙන්ම නතර කර ගැනිමයි කරන්න තියෙන්නෙ එත් අමරුයි සිහිය දියුනු කරන්න ඕනෑ

    ReplyDelete
  3. ඇස, රූපය වෙන් කර හඳුනා ගැනීමට පෙර ,නාම රූප ජායා මට්ටමෙිදීම ගැටය ලිහා ගැනීමට නමි සිහිය "තියුනු"කර ගන්න ඔිනි.
    එවිටයි මේ "දැනීම" , "දැකීමක්"වන්නේ. එහෙමයි මට තේරෙන්නේ..

    ReplyDelete
  4. Intelligent monk that I met. But I am a fool yet.😔

    ReplyDelete
  5. මාර්ගය අවබෝද කර ගැනීමට තමන් ඉන්නා වැරදි මත, වැරදියි කියලා තේරුම් ගන්න ඕන, Absolutely correct ♥️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...